කොරෝනා දෙවැනි කැරැල්ලක : අලුත්ම විස්තරේ මෙන්න !

කොරෝනා දෙවැනි කැරැල්ලක : අලුත්ම විස්තරේ මෙන්න !

චීනයේ කොරෝනා අවදානම යළි ඉහළ යමින් පවති. එය දෙවන කොවිඩ් 19 රැල්ල ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතෙන් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් මුල්වරට වාර්තා වු අතර පසුව එය චීනය පුරා ව්‍යසනයක් ලෙස පැතිර ගියේය.

 මාස තුනක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දැරීමෙන් එම තත්ත්වය පාලනය කර ගැනීමට චීනයට හැකිවු අතර ඒ අනුව ජන ජීවිතය සාමාන්‍ය අතට හැරිණ.

 එහෙත් වෙනත් රටවල සිට චීනයට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් යළි කොවිඩ් 19 වෛරසය චීනය පුරා පැතිරයාමේ අවදානමක් මතුව තිබේ.

 ඊයේ (23) දිනයේ පමණක් ආසාදිතයින් 78 දෙනෙකු චීනයෙන් වාර්තා වු අතර මේ අතුරින් පුද්ගලයින් 74 දෙනෙකුම විදේශයන්ගෙන් පැමිණිඅයවීම විශේෂත්වයකි.

ඉකුත් පැය 24 තුළ චීනයෙන් මරණ 7 ක් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණ කළේය.

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ මූලාරම්භය සිදු වු බවට සැලකෙන වූහාන් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු  සතියකට පමණ පසු වාර්තා වීම ද විශේෂත්වයකි.

චීනයෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන 81,171 ක් වන අතර  සිදුව ඇති මරණ ගණන 3,277 ක් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න