මුව ආවරණ පැළඳීම : සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශය මෙන්න !

මුව ආවරණ පැළඳීම : සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශය මෙන්න !

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මහජනතාව මුඛ ආවරණ භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජගත වෙමින් පවතින දුර්මත පිළිබඳව අවධානය යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින්  වෛද්‍ය උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබේ.

එහිදී පහත කරුණු වෙත අවධානය යොමු කරන ලෙස ඔහු  සඳහන් කරයි.

දැනට මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරනු ලබන්නේ, රෝගීන් යැයි සැක පුද්ගලයන්, ඔවුන් සමඟ ළඟින් ඇසුරු කරන පුද්ගලයන්,රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයන් සහ ශ්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් රෝහලකට යෑමේදී යන අවස්ථාවලදී පමණකි.සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ජීවන කටයුතුවලදී මුඛ ආවරණ භාවිතය සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ නොකරයි.

එසේ නොකරන්නේ, මුඛ ආවරණ වැරදියට භාවිතය මගින් රෝගය බෝවීම වැඩිවීම, භාවිත කළ මුඛ ආවරණ තැන තැන බැහැර කිරීම මගින් රෝගය පැතිර යාම වැඩිවීම, තමා ළඟ ඇති මුඛ ආවරණ අත්‍යවශ්‍ය වූ අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා තබාගැනීම වැනි කරුණු හේතුවෙනි.

රෝගය බෝවීම සහ පැතිරීම වැළැක්වීම සඳහා සුදුසු ම ක්‍රමය වන්නේ, දෙදෙනෙකු අතර පරතරය අවම වශයෙන් මීටර් 1ක්වත් පවත්වාගෙන යාම, නිතර සබන් යොදා තත්පර 20ක් පමණ දෑත් සේදීම, අපිරිසිදු දෑත්වලින් ඇස්, නාසය සහ මුඛය නොඇල්ලීම, කහිනවිට කිවිසින විට වැළමිටේ ඇතුල් පැත්තෙන් නාසය හා මුඛය ආවරණය කරගැනීම යන මූලික කරුණු මගින් රෝගය ව්‍යාප්තිය අවම කරගත හැකිනිසාය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිරෝගී පුද්ගලයකු සඳහා මුඛ  ආවරණ භාවිතය නිර්දේශ නොකළද, කෙනෙකු මුඛ ආවරණ භාවිත කිරීමට තීරණය කළහොත් එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත නම් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිවිටකත් එයට බාධා නොකරයි.

නමුත් නිරෝගී සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිත නොකිරීම වරදක් ලෙස සලකා ඔවුන්ටකිසිදු හානියක් නොකරන ලෙද සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.නිරෝගී සාමාන්‍ය පුද්ගලයකු මුඛ ආවරණ භාවිත කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති ක්‍රියාවක් බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම් දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න