ඇඳිරි නීතිය අකුරටම : ඒත් බේරුවලින් ලංකාවටම මාළුත් !

ඇඳිරි නීතිය අකුරටම : ඒත් බේරුවලින් ලංකාවටම මාළුත් !

ඊයේ (27) දිනයේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වූ බේරුවල ධීවර වරායේ  අද (28) තත්ත්වය ඉතා යහපත් අතට හැරී ඇති බව අප වාර්තාකරු පවසයි.

මේ ඒ සම්බන්ධව විශේෂ සටහනකි.

වෙළඳුන් සහ තොග වෙළඳුන් දෙපාර්ශවයටම සහන සලසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද ක්‍රියාපටිපාටීන් ට අනුකූලව බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පද්මකුමාර විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අද දිනයේ සියලු දෙනාගේ ම ප්‍රශංසාවට ලක් විය. 

මේ අනුව ධීවර වරායේ වෙළඳාම් කටයුතු සෘජුවම බහුදින ධීවර  යාත්‍රා හිමියන් සහ තොග වෙළෙන්දන්  අතර සිදුකළ අතර දිවයින පුරාම මාළු බෙදාහැරීම සඳහා පැමිණි තොග වෙළදුන් ඔවුන්ට අවශ්‍ය මසුන් තොග මිලදී ගන්නා ලදී. 

මෙම වැඩපිළිවෙළ නිරීක්ෂණය සඳහා ජේෂ්ඨ  පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසද අද දින බේරුවල ධීවර වරායට  පැමිණියේය . මීට අමතරව ධීවර වරායේ කටයුතු නිසි ආකාරව පවත්වා ගැනීම සඳහා ස්ථානාධිපති ලලිත් පද්මකුමාර  පොලිස් නිලධාරින්ගේ සහයට විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද පැමිණ සිටින ආකාරය දක්නට ලැබිණි.

දැනට ආසාදිතයින් කිහිපදෙනෙක් හමුවී ඇති බේරුවල ප්‍රදේශයේ ඇදිරි නීතිය අකුරටම ක්‍රියාත්මක වෙමින් පවතින බවද නගරය සහ අවට ප්‍රදේශවල පොලිස් මුර සංචාර මගින් ඉතා හොඳින් ආවරණය වන බවද දක්නට ලැබෙන අතර, රාජ්‍ය ඔසුසල ආදී ස්ථාන වලට පොලිසිය මැදිහත් වෙමින් ජනතාව හසුරුවන අයුරු ද දක්නට ලැබිණ.

පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ප්‍රදේශය පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතී.

වෙළදාම් කටයුතු අවසානයේ ධීවර වරාය පරිශ්‍රය සෝදා විෂබීජහරණය කරන ආකාරයද  දක්නට ලැබිණ.

received 222474062162580

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න