කොවිඩ් ආසාදනයවූවකු අකුරණත් : ඉන්දියාවේ සිට ඇවිත් නිරෝධායනය මඟහැරලා !

කොවිඩ් ආසාදනයවූවකු අකුරණත් : ඉන්දියාවේ සිට ඇවිත්  නිරෝධායනය මඟහැරලා !

කොවිඩ් 19 වෛරසය  ආසාදිත පුද්ගලයෙකු අකුරුණ ප්‍රදේශයෙන් හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශය අවදානම් තත්ත්වයක පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි.

අදාළ පුද්ගලයා  ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායන මගහැර සැඟවී සිටි අයෙක් බවද ඔහු පැවසීය.

එසේම අදාළ පුද්ගලයා රෝග  ලක්ෂණ මතු වූ පසු රෝහල් ගත වී ඇති බවත් එහිදී ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවත් වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසා ඇත.

මේ අතර පසුගිය දින 14 ඇතුළත ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයන් වහා නිරෝධායනයට යොමුවන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දී තිබේ.

අවසන් වතාවට හඳුනාගත් රෝගීන්ගෙන් දෙදෙනෙකු එහි සිට පැමිණි පුද්ගලයන් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

90913631 2764842920303532 691030911889702912 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න