Language Switcher

V2025

එල්ලා මැරිය යුත්තේ කුඩුකාරයන් නොව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය දැඩි සමාජ අවධානයට ලක්වෙමින් පවතී. කළ වරදක් නිසා මිනිසෙකු මරා දැමීම නිත්‍යානුකූල දඩුවමක් ලෙස පිළිගැනීම යහපත් නැත. එය සමාජයේ අවගමනයක් ය යන්න මගේ විශ්වාසයයි.
 
සරදියෙල් හොරෙකි. ඔහු එල්ලා මරා දැමුවේ ප්‍රසිද්ධි පිට්ටනියකදීය. එහි ප්‍රතිඵලය ලෙස රටේ හොරකම් අපරාධ අඩු වුණේ නැත. මනුෂ්‍ය ඝාතනයට දඩුවම මරණය යන්න නීතිය වුවද මිනි මැරුම් අඩුවී නැත. මත්ද්‍රව්‍ය වැරදි නිසා මරණ දඩුවම නියම වූ අය සිර ගෙදර සිට එකී ව්‍යාපාර මෙහෙයවන්නේ මරණයට බය නැති නිසා නොවේ. නීතියක් රටේ නැති නිසාය. ජනාධිපති මෛත්‍රි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි. මත් කුඩු සමඟ අසුවී මරණ දඩුවමට නියමවූ පුද්ගලයා සිර මැදිරියක සිට නැවත ඒ වරදම කරයි නම්.. සමාජය පත්ව ඇති අවදානම අප තේරුම්ගත යුතුවේ. මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය ආගමික නායකයන්ගේ පවා පැසසුමට ලක්ව ඇත. එහි අර්ථය සමාජය නම් ගතික සාධකය පුද්ගල අයිතිවාසිකම් ඉක්මවා ආරක්‍ෂා විය යුතු බවය.
 
බොහෝ දෙනා හිට්ලර් සහ ප්‍රභාකරන් ඉල්ලා කළ ප්‍රකාශය ගැන සාහසිකව සිටිති. ඒ ප්‍රකාශ දෙකම පටු දේශපාලන ප්‍රකාශය. දඩ වැඩි කළ විට, වර්ජන කිරිම, මරණ දඬුවම නියම වූ එකා මත්කුඩු බිස්නස් කිරිම නිසා නිර්මාණය වූ සමාජ ප්‍රවේග මෛත්‍රිපාල සිරිසේනගේ තීරණයට පාදක වුණා විය හැකිය.
 
1958දී අත් හිටවූ මරණ දඬුවම 1960දී නැවත ක්‍රියාත්මක වුණේ බණ්ඩාරනායක ඝාතනය නිසා බව කියති. ආණ්ඩුවක් මරණ දඬුවම අත්හිටුවිමට ගත් තීරණය එක් ඝාතනයක් නිසා නැවත ක්‍රියාත්මක කිරීමේ ඓතිහාසික අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ තීරණය සමඟ කිරා බැලිය යුතුවේ. මේ සැරසෙන්නේ සිරිසේනට කඬේ යෑමට හෝ ඔහු ආරක්‍ෂා කිරීමට හෝනොවේ. ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින අය, ඔහුට එරෙහි අවලාද මඟහැර යති. සමහරු චීන පගා හෙළිකළ ඇමෙරිකානු පුවත් පත් වාර්තාව ප්‍රතික්‍ෂේප කරන ඇතැම් සිංහල බෞද්ධයෝ ඇමෙරිකානුවෙකු නිර්මාණය කරනු ලැබූ බෞද්ධ කොඩිය ලෙළවති. ගලගොඩඅත්තේ භික්‍ෂුව හිරේ ගියාට කමක් නැත. ජම්පරයක් ඇන්දවීම වරදකි. කෝට්ටේ පාර්ශ්වයට ගලගොඩඅත්තේ හිමි හිරේ යෑම අවුලක් නැත. ප්‍රශ්නය සංඝ සභාවේ අවසරය නැතිව චීවරය ගැලවීම ය. ගලගොඩඅත්තේ හිමි සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළේ උසාවියට අපහාස කළේ කෝට්ටේ පාර්ශ්වයේ අවසරය ඇතිවද යන්න ගෝඨාට එරෙහි අවලාද මඟහැර යෑම වැනි තත්වයකි. එය ස්ත්‍රියක දූෂණය කර මරා එල්ලුම් ගස් ගිය එකා මානව හිමිකම් ප්‍රඥප්තිය හරහා ආරක්‍ෂා කිරීම වාගේය. මේ සියලු ප්‍රවේශ හරහා අප ප්‍රගුණ කළ යුත්තේ කවුද හරි යන්න නොව මොකක්ද හරි යන්න ය.
 
ගෝඨාභය අත් අඩංගුවට නො ගන්නැයි අයැද සිටි පෙත්සම අතරමඟදී විනිසකරුවෝ නඩුවෙන් ඉවත් වෙති. එය කළ යුතුව තිබුණේ ගෝඨාගේ වාසියට නිකුත් කළ අතුරු නියෝගය විසුරුවා හැරීමෙන් පසුවය. දැන් රටේ නීතිය ගෝඨා වෙනුවෙන් ගස් බැඳ තිබේ. එය කෝට්ටේ පාර්ශවය නො හික්මුණු ගලගොඩඅත්තේ හිමිගේ සිවුර ගැන පමණක් කතා කිරිම වාගේය. ගෝඨා කියන්නේ තමන්ට එරෙහි නඩු මුලින්ම අසන ලෙසය. ඔහු සත්‍යවාදි නම් තමන් ගොනු කළ පෙත්සම අස්කර ගත යුතුව තිබේ. මෙහිදී ගෝඨාභය සහ කෝට්ටේ පාර්ශ්වය මෙන්ම සමහර විනිසකරුවන්ද සද්භාවී නැත.
 
මෙහිදී පකිස්ථානු අත්දැකීම හොඳ ප්‍රවේශයකි. නඩු තීන්දුව ඇසු නවාෆ් ෂරීප් සහ ඔහුගේ දියණිය වහා රටට පැමිණ අත් අඩංගුවට පත්වූහ. ඔවුන් සිර දඩුවම් විඳින අතර, නිර්දෝෂීභාවය සඳහා සටන් කරන බව කීම කොපමණ යහපත්ද? ගලගොඩඅත්තේ හිමි 2016දී තමන් සිර භාරයට නො ගන්නා ලෙස ඉල්ලා ගෝඨාභය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිසරණ පැතීය. එහෙත් වසර දෙකකට පසුව ගලගොඩඅත්තේ හිමිට සිර දඩුවම් නියම වනතෙක් එකී පෙත්සම කැඳවා නැත. ගෝඨාභය සහ ගලගොඩඅත්තේ හිමි පිළිබඳ අපට ලැබෙන දෙ බිඩි පණිවුඩය ගැඹුරෙන් අධ්‍යයනය කළ යුත්තේ කෝට්ටේ සංඝ සභාව නොවේද? සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සහ රත්නපුර පොලිස් සාජන්ට් ගෙල මිරිකා මරා දැමීම ගැන සිංහල බෞද්ධ ජනතාව හැසිරුණේ කෙසේද? මල්ලාකම් පන්සලේ නඩුව විමසු හින්දු භක්තික විනිසකාරියගේ නමවත් සිංහල බෞද්ධයන්ට වැදගත් නැත. එහෙත් විජය කලා ගැන ඇත්තේ දැඩි මතයකි. මේ පෙළ ගස්වා ඇත්තේ නීතිය ඉක්මවා යමින් මේ රටේ විසුක දස්සන දක්වන ප්‍රකට ආයතනවලින් ඉස්මතු වන විකෘතියයි. එකී විකෘතිවූ සමාජයේ එල්ලුම් ගස් ගිය එකා හිරේ සිට මත්කුඩු වෙළෙඳාම් කිරිම ගැන සත්තකින්ම වගකිව යුත්තේ කවරහුද?
 
මරණ දඬුවමට නියම වූ මිනිසෙකු ජනාධිපති අත්සනින් එල්ලා මැරුවත් හමුදාව යවා රාත්‍රියේ වෙඩි තබා මැරුවත් සිද්ධ වන්නේ එකම දෙයයි. එයින් සමාජය විනයගරුක කළ නොහැකිය. නීතිගතවූ මරණ දඬුවම පුද්ගල රුචිකත්වයක් නිසා අත් හිටුවා ඇති රටේ තවත් මිනිසෙකු නඩු නො අසා මිනිසුන් මරා දැමීම විකෘතියකි. එකී රටේ සමහරු ව්‍යවස්ථාපිත බලය අනුව මෛත්‍රි ගත් තීරණය හෙළා දකිති. යුරෝපා සංගමය ජීඑස්පි ප්ලස් සහනය පෙන්වා බලපෑම් කරනු පෙනේ. එක් දහස් නවසිය හැට ගණන්වල උපකෘත පාසල් රජයට පවරා ගන්නා අවස්ථාවේ ඇමෙරිකාව, අපට ලබා දෙමින් තිබුණු ලෝක ආහාර ආධාරය පෙන්වා තර්ජනය කළේය. ඒ අවස්ථාවේ අධ්‍යාපන ඇමැති පි. බී. ජී. කළුගල්ල දෙවේලක් බඩගින්නේ සිට හෝ පාසල් රජයට ගන්නා බව පාර්ලිමේන්තුවේදි කීය. ඉතිහාසයේ කිසි විටෙක අප රටක් ලෙස මුලුවැදී නැත.
 
නීතියෙන් නියම කළ දඬුවමකට පාලකයෙකු මැදිහත්වීම බරපතළ අපරාධයකි. මරණ දඬුවම නතර කිරීමට රටේ ජනතාව කිසි දිනෙක කැමැත්ත දී නැත. ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සිට මහින්ද රාජපක්‍ෂ තෙක් කාලයේ මරණ දඩුවම ක්‍රියාත්මක නො කළේ නෝන්ජල් කමට මිස, රටේ යහපත ගැන සිතා නොවේ. මෑතක බන්ධනාගාර දෙපාර්තමේන්තුව බඳවා ගත් අලුගෝසුවන් දෙදෙනා සිය පුහුණුව අතර, සේවය හැර ගියේ මානසික පීඩනය දරා ගත නොහැකිවය. හලාවත ප්‍රදේශයේ කාන්තාවක් එල්ලා මරණ වැඩේ ස්වෙච්ඡාවෙන් සිදු කිරීමට කැමැත්ත පළ කර සිටින්නීය. මේ සිද්ධි දෙක හරහා අප විධායක ජනාධිපතිවරුන් විනිවිද දැකිය යුතුවේ. ලැබුණු රස්සාව හැර යෑමට අලුගෝසුවන්ට තිබුණු කොන්ද මෙන්ම හලාවත කාන්තාවට තිබුණ පිරිමිකම මහින්ද රාජපක්‍ෂ තෙක් රට කරවූ කිසිදු පාලකයකුට තිබී නැත.
 
මිනිසකු එල්ලා මැරීමට අත්සන් නොකළ රටේ කලෙක අත් පා බැඳ පාරේ මරා දමා සිටි තරුණ තරුණියෝ හමුවූහ. ඒ අපරාධය කළේ කවුද? පිරිමියෙකු ගැහැනියක කිරීමට පමණක් නොහැකි විධායක බලයට ත්‍රී වීලරයකට මීටර් සවි කිරීමට හෝ දඩයක් වැඩි කිරීමට හෝ හයියක් නැත. එල්ලා මැරිය යුතු උන්ට හුස්ම ගන්ට ඉඩදීමට ජනාධිපති තුළ ඇති නෝන්ජල්කම දැන සිටි සාරුව සුනිල්ලා හා තංගල්ලේ පුෂ්පක විදානපතිරණලා සියලු සෙල්ලම් පෙන්නූහ. අද රටේ නීතිය පෑගෙන්නේ රටේ පාලකයා විසින් කරන ලද අපරාධය නිසාය. “හාමුදුරුවනේ අපේ මිනිහෙක් වරදක් කළොත් මම ෂේප් කරනවා” කියා කීවේ නීතිපති දෙපාර්තමේන්තුව තමන් යටතට ගත් මහින්ද රාජපක්‍ෂ ය. ජනතාවට බෝම්බ බිය නැති කළ පියා ඇති කළ භීතිය ස්වල්ප නොවේ. වාසුදේව නානායක්කාර අපේ එකම නායකයා කියන්නේ ඒ මහින්ද මහත්තයාටය.
 
එල්ලා මැරිය යුත්තේ කුඩුකාරයන් නොව බන්ධනාගාර දූෂිත නිලධාරීන් බවට මතයක් පවතී. සත්තකින්ම එල්ලා මැරිය යුත්තේ නීතිය නැවූ විධායක පාලකයන් ය. පමා වී හෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය ක්‍රියාත්මක කළොත් ජනාධිපති වංශය කළ වැරදිවලින් ඉතිහාසය ඔහු නිදොස් කොට නිදහස් කරනවා සිකුරුය.
චන්ද්‍රසිරි සෙනවිරත්න