පුවත්

අතීතය අමතක කර බලාගෙන ඉන්න - ඥානසාර හිමි
මාස හතරකින් ප්‍රතිපල පෙන්වන තුරු විවේචන නොකර බලා සිටින්නැයි එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකයේ සභාපති , පූජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
අතීතය අමතක කරන ලෙසත්, පරිණත වයසක සිටින තමන් තැන්පත් ගමනකට සුදානම් වන අතර, ඊට දොස් නොපවරණ ලෙසත් උන්වහන්සේ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසූහ.
ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතු, '69 ලක්ෂය', යොහානිගේ ගීතය, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය, රටේ වර්තමාන තත්ත්වය ගැන මෙම සංවාදයේදී ඥානසාර හිමියෝ අදහස් පළ කළහ.
(බීබීසී )
https://www.bbc.com/sinhala/

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට : නව නිලධාරීහු පත්වෙති !
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වාර්ෂික මහ සභාව 2021 නොවැම්බර් 2 වන දා කොළඹ 05, බර්නාඩ් සොයිසා මාවතේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබූ අතර එහිදී සංවිධානයේ නව කැඳවුම්කරු වශයෙන් මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා තෝරා පත්කරගනු ලැබීය.
සංවිධානයේ නව ලේකම්වරිය ලෙස හනා ඊබ්‍රාහීම්, භාණ්ඩාගාරික ලෙස ආනන්ද ජයසේකර සහ උප ලේකම්වරිය ලෙස නිරංජනී රෝලන්ඩ් යන සාමාජික සාමාජිකාවන් තේරී පත් වූහ.
ඉදිරි වර්ෂය සඳහා තෝරා පත්කරගනු ලැබූ විධායක කමිටු සාමාජිකත්වය මෙසේය.
සීතා රංජනී, සී. දොඩාවත්ත, තාහා මුසම්මිල්, උදය කළුපතිරණ, රුකී ප්‍රනාන්දු, ප්‍රියා සිවසුන්දරම් , දිලීෂා අබේසුන්දර, සමන් සී. ලියනගේ සහ ජාවිඩ් මුනවර්.
සංවිධානයේ භාරකාර මණ්ඩලය ලෙස නීතිඥ එස්.ජී. පුංචිහේවා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර තෝරා පත්කරගනු ලැබීය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සභාව අමතමින් මෙසේ පැවසීය.
“ලෝකය පුරා ඝාතනයට හා අතුරුදන්වීමට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොවීම සිහිපත් කරන අද වැනි දිනක (නොවැම්බර් 2 වනදා) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නේ ශ්‍රී ලංකාව තුළත් පසුගිය කාලය පුරා ඝාතනයවූ , අතුරුදන්වීමට හා හිංසනයට පත්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින්ට යුක්තිය ඉටු නොවූ වාතාවරණයක් තුළයි. මාධ්‍යවේදීන්ට පමණක් නෙවෙයි; මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශනයේ අයිතිය භාවිත කරන සිවිල් ක්‍රියාධරයින්ටත්, සාමාන්‍ය පුරවැසියන්ටත් භාෂණයේ සහ ප්‍රකාශනයේ යෙදීම නිසා වර්තමානයේ විවිධ තර්ජන සහ දැඩි අවධානම් සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ නිසා මාධ්‍ය නිදහස සුරැකීම මෙන්ම මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් භුක්ති විඳියහැකි වඩාත් යහපත් සමාජයක් ඇතිකර ගැනීම සඳහා අද දවසේ අප සැම වෙත විශාල වගකීමක් පැවරී තිබෙනවා.”
අතීතයේ ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදවලදී පවා අභියෝග හමුවේ නොසැලුණ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මින් ඉදිරියටත් තම සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට නොපැකිළෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මහින්දත් අක්‍රීයයි : ඉස්සරහදී ආණ්ඩුවෙන් ඉවත්වෙන්න සිදුවෙයි - වාසු
"ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරනවා. අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගයක. අපි ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක. ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට ගැළපෙන්නෙ නෑ. ඉදිරියේදී සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවෙයි" යයි වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මේ බව සදහන් කරන අතර ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත් පවසයි.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වුවත් දේශපාලනික වශයෙන් අක‍්‍රීයවී ඇති බවත් මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන්ම බැසයෑමට සිදු වනු ඇති බවත් ඔහු එහිදී පැවසීය.
ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව ද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා එහිදී කීය.

ගම්පහ වැල්ලම පාරට බස්සවගෙන : හරීන් වැඩ අල්ලයි !
ලබන සදුදා ගම්පහ දිස්ත්‍රික්කයේ වෙරලාසන්න ප්‍රදේශවල ජනතාව සමග එක්ව දැවැන්ත විරෝධතාවක නිරත වන බව සමගි ජන බලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු පවසයි.
ඒ පැලියගොඩ සිට කොච්චිකඩේ දක්වා වෙරළතීරය නාගරික සංවර්ධන අධිකාරියට පැරවීමේ තිරණයකට එරෙහිවය.
විපක්ෂනායක කාර්යාලයේ අද (04) පැවති මාධ්‍ය හමුවකදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළ අතර මේවන විටත් එම ඉඩම් විකුණා ඇති බව තමන් විශ්වාස කරන බවත් පැවසීය.
තවද ආණ්ඩුව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායට දමා ඇති පුද්ගලයා දක්වන අදහස් සහ ගරු සිරිල් ගාමිණී පියතුමන් පසුපස යාම මෙන්ම වැඩි වශයෙන් කතෝලිකයින් ජීවත් වන මෙම ප්‍රදේශ අත්පත් කර ගනිමින් මේ සුදානම් වන්නේ කුමකටද යන්න තේරුම් ගත හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

නැනෝ නයිට්‍රජන්වලින් පමණක් කෝටි 800 ක් ගහලා - චම්පික
නැනෝ නයිට්‍රිජන් ආනයනය සහ හරහා මහා පරිමාණ වංචාවක් සිදු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මෙසේ වංචා කර ඇති මුදල ආසන්න වශයෙන් කෝටි 800 ක් බවත් ඔහු සඳහන් කරයි.
නැනෝ නයිට‍්‍රජන් මිලි මීටර 500 බෝතලයක් ඉන්දියානු රුපියල් 240කට මිලට ගත හැකි බව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් වාර්තා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.
වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර ඇත.
මේ නැනෝ යුරියා නමින් හදුන්වන IFFCO කියන එහි ලීටරයක් වෙන්නේ ඇත්ත ගාණ වෙන්නේ ලීටරයක් වෙන්නේ ඩොලර් 7.74 යි. හැබැයි කියද දාලා තියෙන්නේ බිල මහින්දානන්ද මහත්තයායි. ශෂේන්ද්‍ර මහත්තයායි බිල කියද දාලා තියෙන්නේ ලීටරයට ඩොලර් 25 ක් වෙන්න දාලා තියෙනවා. එතකොට නැනෝ යුරියා කෙළියෙන් විතරක් හොරකම් කරන ගාණ කොපමණද? නීති විරෝධි ක්‍රමයට හොරකම් කරන ගාණ ආසන්නයෙන් කෝටි 800ක් .මිලියන 8000ක්. දස ලක්ෂයක් ගොවි මහත්වරුන්ගේ පවුල්වලට රු 8000 ගාණේ දෙන්න තිබුණා මේකෙන් .දස ලක්ෂ 8000ක් කොල්ල කනවා මේකෙන් . යුරියා කිලෝග්රෑම් 105ක් ඕනේ හෙක්ටයාරයකට .මේක දානවා නම් ලිටර් 1250ක් වත් ඕනේ. දැන් මේ ලක්ෂ 18ක් ගෙනල්ලා හෙක්ටයාර 1440 යි කරන්න පුළුවන්. රටේ තියෙනවා. කුඹුරු අක්කර හෙක්ටයාර අට ලක්ෂයක්. මහ කන්නේ වවන්න බලාගෙන .මොන විහිළුවක්ද මොන බොරුවක්ද මේ කරගෙන යන්නේ?”

කොරෝනා මරණ සංඛ්‍යාව 13,806 ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 15 ක් වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,806 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 08 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 07 දෙනා කාන්තා ආසාදිතයින් ය.
මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 3 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 12 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (04) වාර්තා කරන ලද මෙම මරණ 15 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයේදීය.

විරෝධතා දක්වන්නේ සජබ ජවිපෙ ගොවියන් : ඇමති රෝහිත හොයාගෙන !
පොහොර සහ වගාවට අත්‍යවශ්‍ය දේ ඉල්ලා උද්ඝෝෂණ කරන ගොවි ජනතාව සම්බන්ධයෙන් මානුෂීය ලෙස බැලිය යුතු බව විචාරක මතය වී තිබේ.
ඔවුන් මේ බව අවධාරණය කරන්නේ ගොවීන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් දක්වන අදහස් සලකා බලමිනි.
ආණ්ඩුවට එරෙහි අදහසක් දක්වන, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විවේචනය කරන, ඊට එරෙහි වන සියලු දෙනා විරුද්ධ පක්ෂ වල නම් මේ වන විට ආණ්ඩු විරෝධී ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව තේරුම් ගතයුතු බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
මේ අතර වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසන්නේ අද රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ සමගින් ජන බලවේග සහ ජනතා විමුක්ති පෙරමුණේ ගොවියන් බවයි.
නමුත් කාබනික පොහොර වලින් වගා කළ හැකි බව කියන ගොවි මහත්වරුන් ද සිටිනා බවත් ඇමතිවරයා පවසයි.
පොහොර ප්‍රශ්නය නිසා ගොවීන් දේශපාලන පක්ෂ වලට බෙදී සිටින බව ද ඇමතිවරයා සඳහන් කළ අතර රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන ජනතාවට අරක්කු බෝතල්, විරෝධතා පුවරු, බත් පැකට් කොපමන අවශ්‍යදැයි විමසමින් විපක්ෂ නායකවරයා ගම්වලට ගොස් ජනතාව උසි ගන්වමින් සිටින බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.

රණවිරුවන්ගෙන් තවත් වික්‍රමයක්.....
යුද්ධ හමුදාව වෙත අලුතින් රථවාහන මිළදි ගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ,
එම බල ප්‍රදේශයේ යුද්ධ හමුදාවට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර නැවත භාවිතයට ගැනීම සදහා එම යුද්ධ හමුදා කදවුරු වෙත ලබාදිම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (නොවැම්බර් 03) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී සිදුකරන ලදි.
ඉතා කෙටිකාලයක් තුල අඩු පිරිවැයක් දරා සිදුකල එම ක්‍රියාවලියේදි බස්රථ -10 ක්, ට්‍රක් රථ - 05 ක්, යුනිකෝන් රථ - 03 ක්, ධාවන පැදි - 05 ක්, ට්‍රැක්ටර් රථ - 01 ක් සහ කැබ්රථ - 01 ක් අලුත්වැඩියා කර පරික්‍ෂණ ධාවනයේ යොදවා ඉතා උසස් මට්ටමකින් යුද්ධ හමුදා කදවුරු වෙත මෙහිදි ලබාදෙන ලදි.
https://newstube.lk/news?mdrv=www.newstube.lk&start=7326#sigProIdc19cf6e6e9

විදුලි සේවකයින් දුන්න සංඥාව ගැන වෘත්තීය සමිති කියයි !
ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් ඕනෑම මොහොතක වැඩ වර්ජනයකට සූදානම් බව ආණ්ඩුවට පෙන්වාදුන් බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පවසයි.
ඔහු ඒ බව සඳහන් කර සිටියේ යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය ඇතුලු ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඊයේ(3) පැවති විරෝධතාවට එක් වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයා පවසා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව ඒකාබද්ධ වැඩ වර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ලබන 05 වනදා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරන බවයි.
මේ අතර,කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව තෙල්, විදුලිය සහ වරාය සේවකයින් ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වූහ.
එම ස්ථාන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට, කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණූව ඉදිරිපිට කොළොන්නාව තෙල් සංස්ථා නිමාව ඉදිරිපිටදී සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතා කැපී පෙනුණු බව දැනගන්නට ඇත.
කොළඹ කොටුව ලංවිම මූලස්ථානය ඉදිරිපිටට පැවැති විරෝධතාවයට ලංකා විදුලි සේවක සංගමය, ලංවිම වෘත්තීය සමිති සහ ලංවිම ඉංජිනේරු සංගමය යන සමිති නියෝජනය කරමින් විදුලි සේවකයින් විශාල පිරිසක් එක්වූ බවත් වාර්තා වෙයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 17 ක පාලන මිල ඉවතට : ගැසට් 7ක් රිවර්ස් !
සීනි, පරිප්පු, අර්තාපල්, තිරිඟු පිටි, කිරිපිටි, කුකුල් මස්, ලොකු ළූණු, ටින් මාළු, ඉරිගු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය 17ක් සඳහා පනවා තිබූ උපරිම සිල්වර මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.
අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය 17ක පාලන මිල ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් රජය විසින් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් මේ නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඒවායේ මිල මහා පරිමාණ වෙළඳුන් විසින් තීරණය කිරීමට නියමිතය.

යුගදනවි ගිවිසුමට නීතිපති අනුමැතිය දීලා ?
යුගදනවි බලාගාරයට අදාළව අත්සන් කළ ගිවිසුමෙහි ඇති මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සභාපති එම්.සී ප්‍රදිනාන්දු පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවත්, අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියකට කඩිනමින් යොමු නොවුවහොත් ජනතාවගේ විදුලි බිල මත එම බර පැටවීමට සිදුවන බවත් එහිදී සභාපතිවරයා කීවේය.
එසේම අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ වැඩපිළිවෙලක් ලෙස කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
මෙම ගිවිසුම රාත්‍රියේදී අත්සන් කරන්නට සිදුවූයේ අදාළ කරුණු ඉදිරිපත් කරමින් නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට බොහෝ වේලාවක් ගත වූ නිසා යැයි ද සභාපතිවරයා කීවේය.
ගිවිසුම අත්සන් කළ ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා පස්වරු 4.30ට එය අත්සන් කිරීමට තීරණය කර තිබුණත් භාණ්ඩාගාර නිලධාරීන්, ඊට අදාළ ඇමෙරිකා පාර්ශවය, එරට නීතිවේදීන්, ආදී සියල්ල සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡා කර නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගන්නා විට රාත්‍රිය උදා වී තිබූ බවත්, ඇමෙරිකානු සමාගමේ නියෝජිතයන් එදින මෙරටින් පිටවීමට සූදානමින් සිටි නිසා රාත්‍රියේ එය අත්සන් කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම එරට නීතිවේදීන් සමඟ නීතිපතිවරයා සාකච්ඡා කරන විට එරට වේලාව ගැනත් සැලකිලිමත්වීමට සිදුවූ බව ද සභාපතිවරයා පැවසීය.

අලුත් බලකායට රදගුරු සමුළුවත් විරුද්ධයි !
පාර්ලිමේන්තුවෙන් පවා විමසීමකින් තොරව පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකාය නිසා " එක් රටක් එක් නීතියක්" සඳහා වන අරමුණ, අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීමට තිබූ අවස්ථාව අහිමිව ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව අවධාරණය කරයි.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මෙසේ අවධාරණය කර ඇත්තේ නිවේදනයක් නිකුත්කරමින් වන අතර අදාළ බලකායේ මුල් පුටුවට පත් කළ තැනැත්තාගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක් නොකර මේ පත් කිරීම සිදු කිරීමත් ,දමිළ ,හින්දු සහ කතෝලික, ක්‍රිස්තියානි යන සුළුතර කණ්ඩායම්වලට නියෝජනයක් ලබා නොදීමත් නිසා අසමානතාවක් මතු වී ඇති බවත් එහිදී සඳහන් කර ඇත.
එබැවින් අදාළ ගැසට් නිවේදනය අවලංගු කොට සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන ලෙස සලකා ව්‍යවස්ථාවක් සකස් කරන බවට සහතික කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

ගුරු - විදුහල්පති වැටුප් සටනට දෙමව්පියන්ගේ සහයත්
ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා මේ වනවිට දෙමව්පියන්ගේ සහයද හිමිව තිබේ.
අද (03) දිවයින පුරා පාසල් ඉදිරිපිට මෙම ගුරු විදුහල්පති වැටුප් සටනට සහය පළකරමින් දෙමව්පියෝ උද්ඝෝෂණ සඳහා සහභාගී වී සිටියහ.
මෙම විරෝධතා මාලාවේ ප්‍රධාන උද්ඝෝෂණය කොළඹ ආමර් වීදියේ පැවැත්වුණු අතර එයට ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගී විය.
පාසල් තුළ ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන අතර තුර ගුරු විදුහල්පතිවරු වෙනුවෙන් දෙමව්පියන් මෙලෙස උද්ඝෝෂණ සංවිධානය කර තිබුණු අතර මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයින් පැවසුවේ ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට පෙර ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලැබිය යුතු බවයි.
එසේ නොවන්නේ නම් තවදුරටත් මෙම අරගලට තීව්‍ර වනු ඇති බවයි ඔවුහු අවධාරණය කළහ.

කොරෝනා මරණ සංඛ්‍යාව 13,791 ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 21 ක් වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,791 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 15 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 6 දෙනා පිරිමි ආසාදිතයින් ය.
මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 5 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 16 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (03) වාර්තා කරන ලද මෙම මරණ 21 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයේය.

ලේකම් නිසා GL ටත් අමාත්‍යංශය එපාම වෙයි !
පොදුජන පෙරමුණ පක්ෂයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කළ වත්මන් විදෙස් අමාත්‍ය ජී. එල්. පීරිස්, අමාත්‍යංශ ලේකම් ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බලවත් සිත් තැවුලට ලක්ව ඇති බව ආරංචි මාර්ග කියයි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ අද්මිරාල් ජයන්ත කොළඹගේය.
ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා ලීඩ් වෙබ් අනාවරණය අනුව ජී. එල්. හා කොළඹ ගේ ගැටුම කරළියට පැමිණ ඇත්තේ මීට දවස් දෙක තුනකට පෙරය. ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට යාමට පෙර ඒ වැඩ කටයුතු සූදානම් කිරීමට ජී. එල්. ලන්ඩන් නුවර බල පිටත් වී ඇත. ජී. එල්. මෙම ගමනට ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ අයෙක් වූ ගම්ලත් නැමැත්තකුද සහභාගී කරගෙන ඇත.
නමුත් ලන්ඩන් සිට ස්කොට්ලන්තය බලා යන කණ්ඩායමෙන් ගම්ලත්ගේ නම ඉවත් කර ඇත. ඇමැතිගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ කෙනෙක් රැගෙන යාමට දෙන්න බෑ කියා අද්මිරාල් දුන් නියෝගයකට අනුව ගම්ලත්ගේ නම කැපී ඇති බව කියවේ.
නමුත් ඇමැති ජි .එල්. ගම්ලත්ව ස්කොට්ලන්තය බලා රැගෙන ගොස් ඇත. ‘‘අඩුම ගානේ වයස ගැනවත් හිතන්න තිබුණා. බෑග් එකවත් අරගෙන යන්න කෙනෙක් ගෙනිච්චාම මොකද වෙන්නේ ‘‘ කියා මේ වන විට ඇමැතිවරයාට හිතවත් අමත්‍යංශයේ අය කතාබහ වන බව ආරංචි මාර්ග කියයි.
එකී ආරංචි මාර්ගම වැඩි දුරටත් පවසන්නේ ඇමැතිට පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අය ගෙනියන්න බෑ කියන අද්මිරල් පසු ගිය දිනක මොස්කවු හී කළ සංචාරයට තමන්ගේ පෞද්ගලිකකාර්ය මණ්ඩලයේ අයෙක් රැගෙන ගිය බවයි. මෙලෙස අමාත්‍යංශ ලේකම්වරයෙක් තමන්ගේ බෑග් එක උස්සගෙන යාමට සහයකයෙක් රැගෙන ගියේ ප්‍රථම වතාවට බවත් කියයි.
මේ දෙදෙනාගේ ගැටුමේ උච්චතම අවස්ථාව උදාවී ඇත්තේ ජනාධිපතිවරයා සිය දේශනය කිරීමට යන විටදීය. දේශනය සඳහා ජනාධිපති සමග ඇතුළට යන්න දෙන්නේ එක් අයකුට පමණි. අද්මිරාල් එතැනදීත් ජී. එල්. ගේ නම කපා ලලිත් වීරතුංගගේ නම දමා ඇත. කෝපය ඉහ වහ ගිය ජී .එල්. බැරිම තැන කෙලින්ම බැසිල්ට ඇමැතුමක් දී සියල්ල මුල සිට කියා ඇත.

දෙමළ මුස්ලීම් පක්ෂ යාපනයේ රැස්වීමක් : රජයට යෝජනා 5 ක් !
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් ඊයේ(02) උදෑසන යාපනයේ පෞද්ගලික හෝටලයකදී පවත්වා ඇති අතර එහිදී රජයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා 5ක් සම්මත කරගෙන ඇත.
ඒ, 1. ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවගේ දීර්ඝ කාලීන අභිලාෂයන් වූ දේශපාලන විසඳුමක් ඉතාම ඉක්මනින් ලබා දීම.
-
13 වන සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීම.
-
ආණ්ඩුකාරවරුන් යටතේ පවත්වන පළාත් සභාවලට අවශ්‍ය වූ ඒ මැතිවරණය ඉතාම ඉක්මනින් පැවැත්විවීම.
-
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම.
-
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින අය නිදහස් කිරීම. එම යෝජනා වෙයි.
පැය තුනකට අධික කාලයක් පැවති එම රැස්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලි පක්ෂයේ නායක මනෝ ගනේෂන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.
රටේ වර්තමාන දේශපාලන තත්ත්වය, ජනතා ගැටලු මෙන්ම දෙමළ සහ මුද්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව පැවසේ.
එහිදී මාධ්‍ය වෙත කරුණු දැක්වූ මුස්ලිම් කොංග්‍රස් නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ” එකම රට – එකම නීතිය කියන සංකල්පයක් යටතේ ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කරලා තියෙනවා. එම බළකාය හරහා මේ රටේ ජනතාව අතර තියෙන සංහිඳියාව, එකමුතුකම සම්පූර්ණයෙන් ම විනාශ වියහැකියි කියන අනාවැකිය අපි ප්‍රකාශ කරනවා. ඒ ප්‍රයත්නය සම්පූර්ණයෙන් ම අපි ප්‍රතික්ෂේප කරනවා.” යනුවෙන් පවසා ඇත.

ඥානසාර හිමිගේ පත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් විරුද්ධයි !
එක් රටක්’, ‘එකම නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය නුසුදුසු සහ නීති සම්පාදනය සඳහා වූ පිළිගත් රාමුවෙන් බැහැර වූ එකක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම්දි ඇත.
එක රටක් – එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරණ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ එම විෂය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් සම්පාදනය කර ඇති නීති කෙටුම්පත සහ එහි යෝග්‍යතාව අධ්‍යයනය කළ යුතු බවයි.
එම ලිපිය මගින් වැඩිදුරටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ මෙරට තුළ එම සංකල්පය ක්‍රියාත්මක කරන ආකාරය කාර්ය සාධක බළකාය විසින් අධ්‍යයනය කළ යුතු අතර එම අරමුණ වෙනුවෙන් නීතියක් කෙටුම්පත් කළ යුතු බවයි
නීති සම්පාදනය සඳහා ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම සම්පාදනය කර ඇති බව පෙන්වාදෙන නීතිඥ සංගමය වෙනත් නීති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මඟින් ශක්තිමත් කර ඇති බව ද සඳහන් කළේය.
එම අරමුණ වෙනුවෙන් ප්‍රමාණවත් නීති සහ ස්ථාවර නියෝග ද, යෝග්‍ය යාන්ත්‍රණයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ මේ වන විටත් අන්තර්ගත වන බව ඔවුන් පවසයි.

අලුත් බලකාය හෘද සාක්ෂියට එකඟ නෑ - SF
ඥානසාර හිමියන්ගේ චීවරයට තමන් ගරු කරන නමුත් එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකාය උන්වහන්සේට භා=ර දීම සම්බන්ධයෙන් සිය හෘදය සාක්ෂියට අනුව එකග විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර මෙම කටයුත්ත උන්වහන්සේට ගැලපෙන්නේද යන්න පිළිබදව සැක මතුවන බවත් පැවසීය.
එමෙන්ම උන්වහන්සේගේ අතීත ක්‍රියාකාරකම් පිළිබද බරපතළ ප්‍රශ්න මතුවන බවත්, උන්වහන්සේ ජාතිවාදී පරිසරයක් යම් යම් අවස්ථාවලදී ගොඩනැගූ බවත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පැවසීය.
Page 408 of 464