Ad

Ad 01

V2025

පුවත්

ආනන්ද හිමි - ප්‍රියංකා ගැටුමේ : හෙළිනොකළ රහසක් !

ලංකාවේ ශෘංගාර මූල්‍ය රැජන , තිළිණි ප්‍රියමාලි ගේ කතා , එකින් එක එලියට එනකොට, ඔය පොලිටීෂියන්ස්ලා, ඩීලස්ලා , නළු-නිලියෝ , දොස්තරලා වගේ වෘත්තියවේදීන් වගේ , මේ කී නොකී සෑහෙන කට්ටියකගේ රෙදි, එකින් එක ගැලවිලා යද්දී , ඔන්න අපේ ජනප්‍රිය සාදු වහන්සේලා කිපනමකගේ පැටිකිරියත්,, එලියට එන්න පටන් අරන්.

අලුත්ම බයිට් එක රටම දන්න සාදු කෙනෙක් . වීඩියෝ එකින් එක එලියට එනකොට තමයි කාගේ කාගේත් තරම පේන්නේ .

මුල්‍ය වංචා චෝදනා මත,, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, තිළිණි ප්‍රියමාලි, නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද සාදු ගේ,, සුඛෝපභෝගී ජීප් රථයක් අරගෙන ගිහින්, වංචාවක් කරලා කියලා, ජවිපෙ වෘත්තිය සමිති නායක වසන්ත සමරසිංහ, පසුගිය දවසක මාධ්‍යවලට කියල තිබුනා.

වසන්ත සමරසිංහ ගේ කතාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද සාදු වහාම ක්‍රියාත්මක වුනා. පන්සලට මාධ්‍යවේදීන් කැඳවලා , තිළිණි ප්‍රියමාලි ඕවට නෑ කිව්වා..

V8 එක උස්සන් ගියේ, තිළිණි ප්‍රියමාලි නෙමෙයි කිව්වා.

උන්වහන්සේ කිව්වේ, පොදුජන පෙරමුණ නියෝජනය කරන, කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රී, ප්‍රියංකා ජයසේකර, ඒ ජීප් එක උස්සල , ගල් කළා කියලා.

ප්‍රියංකා ජයසේකරත් අත ඇරියේ නෑ .. තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රිටන් එක දුන්නා..

ගේම නම් ගේම කියාගෙන, ප්‍රෙස් එකක් තියලා, මුරුත්තෙට්ටුවේ සාදුව නැතිකළා..

තමන් V 8 එක සොරකම් නොකළ බවත්, සාදුගේ යෝජනාව මත සිදුකළ ව්‍යාපාරයක්,, පාඩු ලැබීමෙන් පස්සේ , අදාළ රථය විකුණා මුදල් ලබාගන්නා ලෙස, උන්වහන්සේම තමන්ට V 8එක ලබාදුන්නා කියලත්, ප්‍රියංකා ජයසේකර කියනවා.

"මුලින්ම කියන්න ඕන, මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ට අයිති වාහනයක් මම අරගෙන නෑ... මම හොරෙන් අරගෙනත් නෑ. 2017 ඇති වුණ සිදුවීමක් තමා ඔය කියන්නේ . ස්වාමීන් වහන්සේ එක්තරා ව්‍යාපාරයක් සඳහා, මුදල් යොදවන්න කියලා යෝජනා කළා. ඒ යෝජනාවට මම කැමති වෙලා, ඒකට මම මුදල් යෙදෙව්වා. නමුත් ඒ මුදල් යොදවපු ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ. මම ඒ මුදල් ඉල්ලලා කරදර කරාම, මට ඔය වාහනය අරගෙන විකුණලා, මුදල් ටික ලබාගන්න කියලා තමයි, ස්වාමින් වහන්සේ මට කිව්වේ.

ස්වාමීන් වහන්සේ ඒ දීපු ලේඛන සහ කතා කරපු සියලුම තොරතුරු, මගේ ළඟ තියෙනවා. මේකේ ලේඛන ස්වාමින් වහන්සේ ළඟ තිබුණෙත් නෑ ඇත්තටම.

වාහන මෙරටට ගෙනල්ලා විකුණන ආයතනයක තමා ලේඛන තිබුණේ. V8 රථයේ කිසිම තැනක මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ගේ නම නම් තිබුණේ නෑ. ඒ වාහනය මට දීපු දවසේ ඉඳලා මගේ බෙන්ස් රථයයි, ජීප් රථයයි ස්වාමින් වහන්සේට පදින්න දුන්නා. මෑතක් වෙනකල් ස්වාමින් වහන්සේ පාවිච්චි කළා.

ඒ වාහනේ යම් දෝෂයක් පැන නැගුණා , මම වාහනය ගෙනල්ලා, ගැරෙජ් එකට දැම්මා. සමහරවිට ස්වාමීන් වහන්සේට ඒ කේන්තියත් ඇති. මම කෙරේ ස්වාමීන් වහන්සේ ඉල්ලන ඉල්ලන පාරට සල්ලි දුන්න එක විතරයි. බෞද්ධයෙක් විදියට මම අනුකම්පා කරනවා ස්වාමීන් වහන්සේට."

ප්‍රියංකා ජයසේකර ඒ විදියට මාධ්‍ය ඉස්සරහ ආනන්ද සාදුට දීලා ඇරියා.

මෙතනදී ප්‍රියංකා ජයසේකරත් හංගපු කාරණයක් තිබුනා. එකක් තමයි සාදුගේ යෝජනාව මත සිදුකළ ව්‍යාපාරය මොකක්ද කියන එක. ආරංචියේ හැටියට, ඒ දවස්වල මහින්දගේ කීමට පටන් අරන් තිබුන, රිවිර පත්තර ප්‍රොජෙට් එකට තමයි, ප්‍රියංකා සල්ලි දාලා තියන්නේ. පැතුම් එක්ක ලින්ක් එක හදල දීල තියන්නේ, ආනන්ද සාදු ලු.. ඒ වෙනකොටත් ඔය පත්තරේ කන්තෝරු කැල්ලක් තිබිල තියන්නේ පන්සලේ කොටසක ලු..

ප්‍රියංකා නොකියපු අනිත් කාරනේ තමයි, මුරුත්තෙට්ටුවේ ආනන්ද සාදුගේ, ඔය කියන V 8 ජීප් එක ගේන්න, පර්මිට් එක විකුනපු මන්ත්‍රීතුමා කව්ද කියන එක ? ඒ ගැන දන්නා කියන කව්රුහරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න .. මොකද ඒ කාරණෙත් හරිම වැදගත් ..

කොහොම වුනත් මෙතනදි , තවත් වැදගත් තොරතුරු ගොඩක් එලියට ඇවිත් තියනවා. පලවෙනි ප්‍රශ්නේ කව්ද ප්‍රියංකා ජයසේකර කියන්නේ.

කෙටියෙන් කිව්වොත් කොළඹ නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ , මන්ත්‍රීවරියක්.. BR තමයි ලැයිස්තුවෙන් දාලා තියනවයි කියන්නේ..

ආරංචිවල හැටියට , ප්‍රියංකා ෆොන්සේකාගේ පක්ෂයේ , බොරැල්ල ආසන සංවිධායක විදියට ඉඳලා තියනවා. ප්‍රියංකා ගේ මහත්තයත්, ෆොන්සේකාගේ පක්ෂයේ සංවිධායක කෙනෙක් විදියට ඉඳල තියනවා.. කෝට්ටේ නගර සභාවේ මන්ත්‍රී කෙනෙක් විදියට හිටිය ලු.. නෝනයි මහත්තයයි දෙන්නම, ආමි එකට සප්ලයිකරන බිස්නස් එකක් කළා කියලත් කියනවා. ඒ ටෙන්ඩර් කරන කාලෙලු, ෆොනිව අදුනගත්තයි කියන්නේ..

ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුනත්, පොහොට්ටුවට සෙට් වෙලා තියෙන්නේ BR හරහා .. පළාත් පාලන ආයතන චන්දේ වෙලාවේ, නාමයෝජනා ලැයිස්තු පරීක්ෂාකරන කණ්ඩායමට BR මෙයාව දාලා තියන්නේ නීතිඥවරියක් නිසා ලු.. ඒත් පොහොට්ටුවේ සමහර කාන්තා පාර්ශව කියන්නේ, ඔය නීතිඥ පට්ටම බොරු එකක් කියලා.

ඔය ඉරිසියාවට කියන කතා වෙන්න ඇති..

ඒ කතා මොනවා වුනත්, අවුරුදු 4ක් සභාවේ හිටියත්, තාම සභා රැස්වීමක වචනයක් කතා කරලා නැති ලු.. ඒ වුනාට පවිත්‍රා නෝනගේ කැචර් කෙනෙක් නිසා,, මහින්ද ජනාධිපති තුමත් ලොකුවට හිතාගෙන ලු ඉන්නේ..

මහින්ද ලොක්කගේ විජේරාම ගෙදර තිබුන, ආගමික උත්සව කීපයක්ම,, පහුගිය කලේ සංවිධානේ කරලා තිබුනේ ඔය ප්‍රියංකා ලු... ඒ ඔය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ සාදුගේ ඉල්ලීමට ලු..

එක වෙලාවක සල්ලි නැතුව පැතුම්ල, රිවිර පත්තරේ නවත්තන්න ගියපු වෙලාවේ, ඔය ප්‍රියංකා මහින්දගේ කීමට , පත්තරේට කර ගැහුව ලු.. මාසයක් දෙකක් කරලා අත ඇරලා දාලා..

ඔන්න දැන් ඔය, මුරුත්තෙට්ටුවේ සාදු ගෙයි , ප්‍රියංකා ගෙයි වලිය බේරන්න, මහින්ද හිටපු ජනාධිපති තුමාගේ PA, දයා ගාල්ලගේ වැඩට බැහැල ලු.. දෙපාර්ශවය සමදාන කරන්න....

ඒ කියන්නේ හෙට අනිද්දා, මේ දෙන්න ප්‍රෙස් එකක් තියලා, මේ ඊයේ පෙරේදා කියපු කතා නෑ කියන්නත් ඉඩ තියනවා.. මොකද දෙගොල්ලම එකට වලඳපු එකට කාපු බීපු කට්ටිය.

- දේශපාලන වාර්තාකරු

රාජ්‍ය ණය සීමාව ඉහළට !

මෙම වසරේ රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663 කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

දැනට ණය ගත හැකි උපරිමය රුපියල් බිලියන 3844ක් බවපැවසු අමාත්‍යවරයා එය ඉහළ නැංවූයේ නැතිනම් රජයට දැරිය යුතු වියදම් දැරීමට නොහැකි වන බවත් පැවසීය.

සංහිඳියාවට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් !

සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් මෙම අනුකමිටුව ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ උතුරු නැගෙනහිර ගැටුම්වලින් පසු නැවත පදිංචිවීම, ඉඩම් හා අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෛන් ජනතාව මුහුණදෙමින් සිටින ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස පිහිටුවන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි වන බවත් ඇමතිවරයා සඳහන් කළේය. මීට අමතරව ද්‍රවිඩ සහ මුස්ලිම් නියෝජිතත්වයන් දෙකක් ද මීට පත්කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

 

තෙල් බැරල්වලට වැඩිපුර Premium ගෙවන්න වුණේ ඇයි?

ඉන්ධන ලබා ගැනීමේදී රක්ෂණ වාරික සඳහා වැඩිපුර රක්ෂණ වාරික ගෙවීමක් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු නිකුත් වෙමින් ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පවසයි.

ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික කරුණු පිළිබඳ ජනතාවට ඇත්තේ අවම අවබෝධයක් බව පවසන ඔවුන් එනිසා පහසුවෙන් යැවීමේ චේතනාවෙන් මෙම සාවද්‍ය මත ප්‍රචාරය කරමින් ඇති බවත් පවසයි.

එබැවින් ජනතාව අතර වැරදි මතයක් ඇති නොවීම පිණිස ඔවුන් මෙසේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර සිටියි.

රට සාමාන්‍ය තත්ත්වයෙන් පවතිද්දී අර්බුදයකින් තොරව විදේශ විනිමය සංසරණය වන විට ඛනිජ තෙල් සංස්ථාව ( CPC ) විසින් මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී රක්ෂණ වාරික (Premium) ගෙවනු ලැබුවේ ඇමරිකානු ඩොලර් ශත 15 සිට 2.50ක් අතර පරතරයක රක්ෂණ වාරිකයකි.

නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටෙද්දී, විදේශ ණය හිමියන් ගේ ණය ගෙවීම් අත් හිටු වූ පසුබිමේ සංස්ථාව විසින් ලබා ගත් ඉන්ධන සඳහා සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පොරොන්දු කාලයේදී නොගෙවන විට සාමාන්‍ය තත්ත්වයන් යටතේ ගනුදෙනු කිරීමට කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත.

සැපයුම්කරුවන් විසින් මෙරටට නැව් ගත කරන ඉන්ධන රක්ෂණය කිරීමේදී ඊට රක්ෂණ සමාගම් විසින් අතිරේක අවදානම් වාරික ප්‍රතිශතයක් ද එකතු කර ඇති අතර, එය විශේෂත්වයක් නොවේ. එය සාමාන්‍යයෙන් ව්‍යපාර වල සිදුවන සාමාන්‍ය ක්‍රමවේදයයි.

නමුත් එම අගය ඇමරිකානු ඩොලර් 12- 15 වුණ අවස්ථා ද පසුගිය කාලය පුරා ඉන්ධන අවදානම් වාරිකය (RISK PREMIUM) ගෙවන්නට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයකි. මේ වන විට මෙම වාරිකය ඉන්ධන බැරල මත, ප්‍රවාහනය කරන නැව් මත මෙන්ම එම සමාගම් වෙත නියමිත ගෙවීම් මත ද බලපායි. ඩොලර් විනිමය අනුපාත ඉහළ යාමත් මෙම තත්ත්වයට බල පා ඇති තවත් ප්‍රධාන සාධකයකි.

නමුත් ඊට වෙනත් විකල්පයක්ද මේ වන විට රටට නොමැත. කිසිදු සැපයුම්කරුවෙක් මේ රටට ඉන්ධන නැවක් තියා බෝතලයක් වත් එවීම ප්‍රතික්ෂේප කළ මොහොතක රටේ අවශ්‍යතා ඉටු කරගන්නට අවම ආවස්ථික පිරිවැයක් දරමින් ඉන්ධන ගෙන්වීම පිළිබඳව ඉතාමත් විනිවිදභාවයකින් යුක්තව සාක්ෂි සහිතව බලශක්ති අමාත්‍යවරයා විසින් සියල්ලන් දැනුවත්කොට ඇත.

මින් පෙර ඉන්දියානු ණය ආධාර ( Indian credit line) යටතේ මෙරටට ඉන්ධන ගෙන්වීමේදී එරටින් පැනවූ විශේෂ කොන්දේසියක් වූයේ ඉන්ධන ලබා ගත හැක්කේ ඉන්දියානු සැපයුම්කරුවන් ගෙන් පමණක් බවය. ඒ අනුව IOC හරහා මෙරටට ඉන්ධන සැපයීමේදී සමාගම විසින් අය කල අවදානම් වාරිකය (RISK PREMIUM) එක් බැරලයකට ඇමරිකානු ඩොලර් 15ක් , 22 ක් , 28 ක් , 30ක් වැනි අගයන් ගනියි.

නමුත් අද වන විට මෙරට ආර්ථික තත්ත්වය කෙමෙන් කෙමෙන් සුබ දිශාවකට ගමන් කිරීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියා කලාපයත් මේ වන විට සංස්ථාව විසින් පෙර සැපයුම්කරුවන්ගේ සමස්ත ණය ප්‍රමාණයෙන් අඩකටත් වඩා වැඩියෙන් පියවීමත් හේතුවෙන් මෙම එක ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට අපගේ සැපයුම්කරුවන් කටයුතු කරමින් සිටියි.

චරිතට කෝප් කමිටුවේ පුටුවක් !

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් නම් කර ඇත.

නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා චරිත හේරත් පත් කරන බවයි.

චරිත හේරත් මන්ත්‍රීවරයා මීට පෙර කෝප් කමිටුවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළත් මෙවර ඔහුව නම් කර තිබුණේ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා ) සඳහා ය.

පසුගියදා සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් නව කෝප් කමිටුවක් ප්‍රකාශයට පත්කිරීමේදී චරිත හේරත් මන්ත්‍රීවරයා ඊට නම් නොකිරීම සම්බන්ධයෙන් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා විරෝධය දක්වා තිබිණ.

එසේම පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ද සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කෝප් කමිටුවෙන් ඉවත් වීමට ස්වේච්ඡාවෙන් තීරණයක් ගෙන ඇති බව පවසා පුරප්පාඩුව සඳහා චරිත හේරත් මන්ත්‍රීවරයා නම් කරනු ලැබිණ.

කෙසේ වෙතත් කෝප් කමිටුවේ මෙවර සභාපති ධුරය දරන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර ය.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුවත් චරිත හේරත් මහතා මේ වනවිට ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් සමඟ කටයුතු කරයි.

එකට මැතිවරණයකට යන්න : රනිල් බැසිල් එකඟතාවක් ?

ඉදිරි මැතිවරණයට එක්ව තරග කිරීමට රනිල් - බැසිල් එකගතාවයක් යනුවෙන් පළවන පුවත් සාවද්‍ය බව විශ්වාසදායක කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙවැනි කිසිදු එකඟතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඇතිව නොතිබෙන අතර , එම පුවත ජනතාව නොමග යැවීමට කිසියම් පාර්ශ්වයක් හිතාමතා නිර්මාණය කර තිබෙන්නක් විය හැකි බවය.

කෙසේ වුවත් 22 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇති ද්විත්ව පුරවැසි භාවයට එරෙහි වගන්තිය සම්බන්ධයෙන් සංශෝධනයක් සඳහා ජනාධිපති වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිචාරය වී ඇත්තේ අදාළ තීන්දුව ගැනීම පාර්ලිමේන්තුවේ කටයුත්තක් බවය.

එබැවින් ඒ පිළිබඳ විමසීම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

 

තිළිණිගේ හවුල්කරු ඉසුරුත් අත්අඩංගුවට !

ඉසුරු බණ්ඩාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

ඒ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බව කියන තිළිණි ප්‍රියමාලි ගේ ව්‍යාපාරික සහයකයා ලෙස කටයුතු කර ඇති පදනමින් බවත් වාර්තා වෙයි .

මේ වන විට සැකකාර තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර ඇත.

2023 විසර්ජන පනත් කෙටුම්පත : වැඩිම මුදල රාජ්‍ය පරිපාලනයට !

ලබන වසර (2023 ) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව වැඩිම මුදලක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු ,පළාත්පාලන සහ පළාත්සභා අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කළ එම මුදල රුපියල් කෝටි අසූ පන් දහස් හයසිය විසි පහකි.

පාර්ලිමේන්තුවට හෙට (18 වැනිදා) ඉදිරිපත් කෙරේ.

මෙම පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් කෝටි හත් ලක්ෂ අසූ හත් දහස් නවසිය හතළිස් නවය ඉක්මවයි.

වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් සඳහා රුපියල් කෝටි හාරලක්ෂ හැටතුන්දහස් හාරසියයකට අධික මුදලක් වෙන් කර තිබෙන අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා වන මූලධන වියදම් වෙනුවෙන් වෙන් කෙරෙන මුදලරුපියල් කෝටි තුන් ලක්ෂ විසි හතර දහස් හාරසියය ඉක්මවා ඇත.

මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හැට එක් දහස් තුන්සිය අනූ තුනකට අධික මුදලක් ද ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හතළිස් එක් දහසක් ද වෙන් කෙරේ.

එමෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තිස් දෙදහස් දෙසියයකට ආසන්න ය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි තිස් හත් දහස් දෙසිය හැට හතරකට අධික මුදලක් ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි එකොළොස් දහස් පන්සියයක් ද වෙන් කර ඇත.

රුපියල් කෝටි විසිතුන් දහස්දෙසියයක් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ද රුපියල් කෝටි තුන්දහස් හත්සිය විස්සක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා ද වෙන් කර තිබෙන අතර ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තුන්සිය හැත්තෑ අටකට අධික ය.

( මූලාශ්‍රය lankadeepa )

 

 

අසාද් සාලි තිළිණිට කෝටි 08ක් දීලා !

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණ ප්‍රියමාලිට රුපියල් කෝටි 8 1/2 ලබා දුන් බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.

ආසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලියකියවිලි රැසක් සමග පැමිණිල්ල ඉදිරිපත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ආකාරයට මෙම පැමිණිල්ලත් සමග මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණි 11 ක් ඇයට විරුද්ධව මේ වන විට ලැබී ඇත .

තිළිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හා කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ කාර්යාල පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් ඇතුලු ධන කුවේරයන්ගේ රුපියල් කෝටි ගණින් මුදල් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

සංජීව ජයවර්ධන සහ රානි ජයමහ ගැන : ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් !

 ජනාධිපති නීතීඥ ආචාර්ය සංජීව ජයවර්ධන හා ආචාර්ය රාණී ජයමහ යන මුදල් මණ්ඩල සාමාජිකයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත .

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  බුවනක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, L.T.B දෙහිදෙනිය , මුර්දු N .B ෆර්නෑන්ඩු  ඇතුලු පංච පුද්ගල  විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත්කර ඇත.

එම පංච පුද්ගල  විනිසුරු මඩුල්ල SC FR 195/2022 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ඉඩ ලබාදෙමින් දුන් නියෝගයේ එක් කොන්දේසියක් ලෙස මුදල් මණ්ඩලයේ වර්තමාන සාමාජිකයින් ලෙස කටයුතු කරන ජනාධිපති නීතීඥ ආචාර්ය සංජීව ජයවර්ධන හා ආචාර්ය රාණී ජයමහ යන අය 32B සහ 32C යන වගඋත්තරකරුවන් ලෙස නම්කරන මෙන් පෙත්සම්කරුවන්ට නියෝග කර තිබේ.

 ඉහත ඉල්ලුම්පතට අදාල කාලසීමාව තුල හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනෙක්, මුදල් මණ්ඩලයේ එවකට හිටපු සාමාජිකයන් දෙදෙනෙකු මෙම ඉල්ලුම්පතට වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති බැවින් පංච පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙහි මතය වී ඇත්තේ අදාල කාලසීමාව තුළ මුදල් මණ්ඩලයේ කටයුතු කළ ඉතිරි සාමාජිකයින් දෙදෙනාද වගඋත්තරකරුවන් ලෙස නම් කලයුතු බවයි.

මෙම SC FR 195/2022 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත්තේ ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්, සූසඉඅප්පු නේවිස් මොරායස් සහ ආචාර්ය මහිම් මෙන්ඩිස් යන අය වන අතර එම පෙත්සම මගින් ඔවුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, අදාල කාලය තුළ හිටපු මුදල් ඇමතිවරුන්, හිටපු ජනාධිපති ලේකම්, හිටපු භාණ්ඩාගාර ලේකම් සහ හිටපු මහ බැංකුවේ අධිපතිවරුන් දෙදෙනෙකු  ඇතුළු 39 දෙනෙකු මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත.

 අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු විනිසුරු මඩුල්ල තවදුරටත් මෙම නඩුවෙහි 28 වන වග උත්තරකරු වන මුදල් මණ්ඩලයට පහත සඳහන් නියෝගය නිකුත් කර ඇත.

''2022.05.25 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා රැස්වීමේදී ආචාර්ය සංජිව ජයවර්ධන සහ ආචාර්ය රාණි ජයමහ යන අය විසින් ඉදිරිපත් කරන ලද කරුණුවලට සම්බන්ධ සියලු ලේඛන ඉදිරිපත් කරන ලෙස 28 වන වගඋත්තරකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත නියම  කරනු ලබයි.විශේෂයෙන්ම,

 
a) ජනරජය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහන සහ/හෝ වෙනත් මුල්‍ය සහය ලබා ගත යුතු බවට කරන ලද යෝජනාව,

b) ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතිකය කෘතිමව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හෝ ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 203/- හෝ ඊට අඩු මට්ටමක පවත්වා ගැනීම සම්බන්ධව ඇති විරුද්ධව වීම සහ/ හෝ ප්‍රකාශිත වෙනත් එකග නොවීම්.

එකී ලේඛන 2022 නොවැම්බර් මස 30 වන දිනට පෙර මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම නියෝගයේ සඳහන්ව ඇත. නඩු වාර්තාව මෙතනින් බලන්න
 
 ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රාණී ජයමහ මැයි මස 25 වන දින (COPE) කමිටුවේ කරන ලද ප්‍රකාශ සමහර පෙත්සම්කරුවන්ට විරුද්ධව සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබූ අතර එම වග උත්තරකරුවන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රාණී ජයමහ (COPE) කමිටුවේ කරන ලද ප්‍රකාශ සාවද්‍ය බවට සාක්ෂි සහිතව ප්‍රතික්ෂේප කරමින් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.

මහ බැංකුව මෑතකදී නිකුත් කරන ලද ලේඛනයක් අනුව මුදල් මණ්ඩල සාමාජිකයින් ලෙස මහ බැංකුව වෙතින් වැඩිම මුදල් ප්‍රමාණයක් ලබාගත් පුද්ගලයන් දෙදෙනා ලෙස සඳහන්ව තිබුනේ රුපියල් 3,225,000 - (තිස් දෙලක්ෂ විසි පන්දහසක්) ලබාගත් ආචාර්ය රාණී ජයමහ හා රුපියල් 2,725,000  (විසිහත් ලක්ෂ විසි පන්දහසක්) ලබාගත් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන යන දෙදෙනාය.
 
එම ලේඛනය පහත දැක්වෙයි .
bank123 20
 
 

ජනක කාංචනගෙන් හොඳට අහගෙන !

ආගමික ස්ථානවලට විදුලි සහනයක් ලබා දෙන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවද එම තීරණය ගැනීමට එම කොමිසමට හැකියාවක් නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ආගමික ස්ථානවල විදුලි බිලට සහනාධාරයක් දෙන්නේ නම් ඒ කොමිසමේ අනුග්‍රහයෙන්ද නැත්නම් සභාපතිවරයාගේ අනුග්‍රහයෙන්ද යන්න හෙළි කළ යුතු බව ද ඇමතිවරයා පවසා සිටියි.

සහනාධාර ලබා දෙන්නේ නම් එය පියවා ගැනීමට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවද වැඩපිළිවෙළක් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ආගමික ස්ථානවලට සහනාධාර ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව මහජන උපයෝගතා කොමිසමෙන් නිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

IOC ඉන්ධන මිලත් පහතට !

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ලංකා IOC සමාගමද අද (17) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් පහත දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද මිල පහත දමා ඇත.

නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 370.00 ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 415.00 කි.

2023 විසර්ජන පනත් කෙටුම්පත හෙට (18) පාර්ලිමේන්තුවට !

2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව පසුගිය 7 වනදා රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තුව හෙට (18) සිට 21 වැනිදා දක්වා රැස්වන අතර මෙම සෑම දිනකම පෙ.ව 9.30-පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

මේ අනුව හෙට පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වෙන බවද මහලේකම්වරයා පැවසීය.

ඔක්තෝබර් 19 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6 ක් විවාදයට ගැනීමට ද නියමිතව තිබේ. මේ අනුව, විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග(සංශෝධන), නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් විවාදයට ගැනෙනු ඇත.

අනතුරුව එදින ප.ව 5.00 - ප.ව 5.30 කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

ඔක්තෝබර් 20 සහ 21 දෙදින පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර 20 වැනි දින ප.ව 5.00 - ප.ව 5.30 කාලය වෙන් කර ඇත්තේ විපක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහාය.

එසේම ලබන 21 වැනිදා සවස 5.00 දක්වා පැවැත්වෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

ණය අර්බුදය පියවාගන්න පැරිස් සමාජයේ සම්පූර්ණ සහය !

ණය අර්බුදයට කඩිනම් විසඳුමක් සෙවීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට පැරිස් සමාජයේ සම්පූර්ණ සහයෝගය හිමිවන බව පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව විලියම් රූස් සමග පැවති හමුවකදී ඔහු මෙසේ සඳහන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.

 

ඉන්ධන මිල පහළට !

ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) කටයුතු කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල සංශෝධනය අද රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මෙම මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370.00 ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 415.00 ක් දක්වා පහත දමා තිබේ.

දුරකථනයේ කස්ටියට කියාගන්න බැරි දුකක් !

දුරකථන පාටියේ කාලය ටිකක් සරුවෙලා නිසා දැන් හැමෝම ඉන්නේ සතුටෙන්ලු. ඒත් ඒ සතුට භුක්ති විඳින්න බැරිවෙයි කියලා හැමෝම කතා වෙනවලු නිතර. ඒකට හේතුව පක්ෂයෙන් මැතිසබේට ගිය අයට පක්ෂයේ සංවිධායකවරැන්ගෙන් ලැබෙන ප්‍රතිචාර.

ප්‍රධාන වශයෙන් එයාලට තිබෙන ප්‍රශ්නය පක්ෂයේ ලොකු තැන මීටිමක වාඩිවුණාම එයාට සමහර කාරණා කියන්න විදිහක් නෑ කියලා.මොකද එයාගේ ළඟ ලොකු මැඩම් ඉන්න නිසා. මොකක් හරි කියන්න ගියොත් කාලය වැඩිය යනවා නම් ලොකු මැඩම්ගේ මුහුණ පුංචි වෙන නිසා ගොඩක් අය කිසිදෙයක් කියාගන්න බැරිව හැරිලා ආපු අවස්ථා අනන්තයිලු.

මේ නිසා සංවිධායක මහත්තුරු පක්ෂයේ මන්ත්‍රීගොල්ලට කියලා එයාලගේ රැස්වීම්වලට අහවලා ගේන්න එපා කියලා. ඒ පණිවිඩය ලොකු තැනට කියන්න බැරුව මැති සබේ මන්ත්‍රී සෙට් එක පුදුම අමාරුවෙන්ලු ඉන්නේ. කොහොම වුණත් එයාලට කටින් කියලා දාන්න බැරි නිසා මේක පත්තරේවත් දන්න ඕන කියලා කතා වෙලත් තියනවා.

-deshaya

තිළිණි වංචා කළ මුදල් තෙවැනි පාර්ශ්වයක් අතේ : විමර්ශන අලුත් මගක !

පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි පියමාලි නැමැත්තිය කොටුව ඉදිකරමින් පවතින සුඛෝප භෝගී මහල් නිවාස සංකීර්ණයක් වන ක්‍රිස් බිල්ඩිමේ නිවාස ලබා දෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංරංචි මාර්ග පවසයි.

මහල් 80කින් සමන්විත කුළුලු දෙකකින් යුත් එම ගොඩනැගිල්ලෙහි මේ වන විට එක් කුළුනක ඉදිකිරීම් සිදුවෙමින් ඇත.

එම ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාල සමාගමේ කාර්යාලයක් එම ගොඩනැගිල්ල පාමුල පිහිටි ගොඩනැගිල්ලක පිහිටා තිබේ.

සැකකාරිය තවත් කිහිප දෙනකු සමග එක්ව එහි කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇති බවද ආරංචි මාර්ග පවසයි.

සැකකාරිය ,හමුවට මෙම කාර්යලයට පැමිණි පුද්ගලයන්, සැකකාරිය සමග එම කාර්යාලයේ සිටි පිරිස, කුමණ ගනුදෙනුකරුවන් එහි පැමිණ සිටියේද යන්න හෙළි කර ගැනීම සදහා එම ගොඩනැගිල්ලේ වසරක පමණ සී සී ටී වී කැමරා දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගෙන ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකාරියට මෙරට සහ විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මුදල් ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී ඇත.

ඇය විසින් මෙසේ වංචා සහගතව රැස් කළ මුදල් වලට මේ වන විට සිදුවූ දෙයක් අනාවරණය වී නැත. බොහෝ විට එම මුදල් යම් තුන්වැනි පාර්ශවයක් සතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා  සාර්ථක වනු ඇති බව ජනපති පවසයි !

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස ද ඊයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදී ඇති ප්‍රධාන රටවල් 3 වන චීනය, ඉන්දියාව සහ ජපානය සමඟ මූලික සාකච්ඡා සිදු කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ ගැටලුව කඩිනමින් විසඳීමටත් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් රජය ප්‍රමුඛ අවධානයක් ලබා දී කටයුතු කරන බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

62779d8d 97b7 4e27 99cc e8cb9229a020මොණරාගල දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය හා කෘෂිකර්මාන්තයට අදාළව පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් විය.

වාද විවාද සිදු කිරීම තමාට ගැටලුවක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා මහ පාරට පැමිණ ලේ වගුරන බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළිබඳව ද සිහිපත් කරමින් කියා සිටියේ ලේ වැගිරීමට පෙර ජීවත්විය යුතු බවයි.
ජනතාවට අවශ්‍ය ආහාර සපයාදීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණහොත් ලේ වැගිරීමට නොව හාමතේ මිය යාමට සිදුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශපාලනය පාර්ලිමේන්තුවේ දී පමණක් කතා කළ යුතු බවත්, ජනතා අවශ්‍යතා ඉටු කිරීමේ වැඩපිළිවෙළට පක්ෂ බේදයෙන් තොරව සියලු දෙනා එක්විය යුතු බවත් අවධාරණය කළේය.

සියඹලාණ්ඩුව, රතුමඩ, වීරකඳවල වෙල්යාය අවට වගා භූමියට පැමිණි ජනාධිපතිවරයා වගා බිමේ47b89a5a e43d 4f12 95fc 3211da6d7447 සංචාරය කරමින් ගොවිජනතාව සමග සුහද කතා බහක නිරත විය.

තමන් මුහුණ පා ඇති ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එහිදී ගොවි ජනතාවට අවස්ථාව ලැබුණු අතර පොහොර හිඟය, කෘමිනාශක සහ වල්නාශක හිඟය මෙන්ම ප්‍රදේශයේ ඉඩම් ගැටලු, ජල ගැටලු සහ වන අලි උවදුර පිළිබඳව ගොවි ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

එම අවස්ථාවේදී අදාළ නිලධාරීන් ගොවි බිමට කැඳවූ ජනාධිපතිවරයා ක්ෂණික විසඳුම් ලබාදිය හැකි ගැටලුවලට එම අවස්ථාවේම විසඳුම් ලබාදීමට පියවර ගැනීම විශේෂත්වයක් වන අතර තම ප්‍රදේශයට ජනාධිපතිවරයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් කළ ගොවි ජනතාව තමන් අසළට පැමිණ ගැටලු සොයා බැලීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළහ.

මෙහිදී ඉදිරිපත් වු සියලු ගැටලු ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු මගින් සටහන් කරවාගත් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ වෙනම අතිරේක ලේකම්වරයෙකු පත් කර දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදිමට පියවර ගන්නා බව සඳහන් කළේය.

එමෙන්ම ප්‍රදේශයේ ජනතා ගැටලු රැසක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර අධ්‍යාපන, මාර්ග, නිවාස ඇතුළු ගැටලු ඒ අතර විය.

එම සියලු ගැටලුවලට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා දුෂ්කරතා රැසක් මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන ප්‍රදේශයේ දරු දැරියන් විශ්වවිද්‍යාල අධ්‍යාපන දක්වා ගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන බව පැවසීය.

d6c01630 d6d2 4862 b8ea b3063f8ead8dමෙම අවස්ථාවට සහභාගී වී නැවත පැමිණෙන අතරතුර සියඹලාණ්ඩුව කලුඔබ්බ ධර්මාශෝක පෙර පාසලේ පැවැත්වෙන දහම්පාසල වෙත ද කිසිඳු දැනුම්දිමකින් තොරව ගිය ජනාධිපතිවරයා සිසු දරුවන්ගේ සුවදුක් විමසීය.

පූර්ව දැනුම්දීමකින් තොරව එම ස්ථානයට පැමිණියත් සිසු දරු දැරියන් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

සියඹලාණ්ඩුව, රතුමඩ, වීරකඳවල වෙල්යාය අවට වගා භූමියේ නීරික්ෂණ චාරිකවක නිරතවීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ අපි ආරම්භ කර තිබෙන්නේ එය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි. ඒ සඳහා ලබාදිය හැකි සියලු පහසුකම් අපි ලබා දෙනවා. මේ මහ කන්නය වන විට වි වගාව, බඩ ඉරිගු සහ අනෙකුත් බෝග වගාවන් කරන්න සූදානම් විය යුතුයි. එහෙම නම් මහ කන්නය වන විට හෝ ඊට පෙර හෝ හොඳ අස්වැන්නක් ලබා ගත යුතුයි. හොඳ අස්වැන්නක් තිබෙනවා නම් නිෂ්පාදනය ඉහළ ගොස් රටේ ස්ථාවරත්වයක් ඇති වෙනවා.

වගා කටයුතු පමණක් නොවේ, අස්වැන්න එකතු කිරිම, නාස්තිය අවම කිරීම, ගබඩා කිරීම ඒ වගේම බෙදා හැරීමේ ජාලය දියුණු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. තවත් අඩු පාඩු තිබිය හැකියි. ඒවත් විසඳාගෙන සාර්ථකව මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි.

මහ කන්නය වෙන තෙක් අපිට මූලිකව තිබෙන්නේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම. දැන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ආහාර නැති නිසා ඇතැම් අය සිය ජීවිකාව ගත කරන්නේ නොයෙකුත් අපහසුතා මධ්‍යයේයි. ඒ නිසා මේ ප්‍රදේශවලින් නිෂ්පාදන ලබාගෙන බෙදාහරින වැඩසටහනක් ආරම්භ කළයුතුයි.
මේ පළාත දියුණු කර ජනතාවට යහපත් ජිවන තත්ත්වයක් උදාකරදීම අපේ අරමුණයි. මේ ප්‍රදේශයේ කුඩා වැව් නැවත ප්‍රතිසංස්කරණ කිරීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරමු. පළමුවෙන්ම කරන්න තිබෙන්නේ ලබන කන්නයේදි ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමයි.

ඒ නිසා කිසිදු බාධාවකින් තොරව ඉදිරි මහ කන්නය වන තෙක් මුළු රටම ආහාර සුරක්ෂිතතා වැඩසටහනට යොදා ගන්නවා. ඒ වගේම රටේ පවතින ආර්ථික බංකොළොත්භාවය පිළිබඳ ප්‍රශ්නය විසඳිය යුතුයි.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළා. ඒ අනුව මේ වන විට මූලික එකඟතාවකට පැමිණීමට අපට හැකි වී තිබෙනවා. අපිට ණය ලබාදී ඇති රටවල් අතර ප්‍රධානම රටවල් තමයි චීනය, ජපානය සහ ඉන්දියාව.
දැන් අපි ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් එම රටවල් සමග සාකච්ඡා කරමින් සිටිනවා. මම ජපානයට ගිය අවස්ථාවේ එහි විදේශ අමාත්‍යවරයා සහ අගමැතිවරයා සමග ඒ පිළිබඳ සාකච්ඡා කළා.

එමෙන්ම පසුගියදා චීන මූදල් අමාත්‍යවරයා සමඟත් ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදු කළා. ඒ වගේම වොෂින්ටන් නුවරට ගොස් සිටින අපේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඉන්දියාවේ කණ්ඩායම් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සමඟ සාකච්ඡා කර තිබෙනවා.

රටේ පවතින ණය බර අඩු කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ චීනය, ජපානය සහ ඉන්දියාව සමග අපි ප්‍රථම වතාවට ඊයේ දිනයේ මූලික සාකච්ඡාවක් පැවැත්වුවා. අපිට මේ ණය ගෙවීම අපහසුයි. නමුත් ණය බර අඩුකර ගැනීමේ මාර්ගයක් සොයා ගත යුතුයි. ණය පමණක් නොව දැන් පොළිය ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මෙම සාකච්ඡා විධිමත්ව ඉදිරියට ගෙන ගියහොත් මේ සියලු ගැටලු නිරාකරණය කරගත හැකියැයි මම විශ්වාස කරනවා.

එමෙන්ම අපි සමහර පුද්ගලික ණයකරුවන් සමගත් සහන ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එම සාකච්ඡා අවසන් වූ විට එම රටවලින් ආධාර උපකාර ඉල්ලා සිටිය හැකියි. ඒ ආධාර උපකාර එක සැරේ ලැබෙන්නේ නැහැ.
ඒ කාලය තුළ ලෝක බැංකුව, ආසියනු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් අපිට මුදල් ලැබෙනවා. පොහොර ලබා ගන්නත් ඒ වගේම ඖෂධ ලබා ගන්නත් ලෝක බැංකුවෙන්, යුරෝපයෙන්, ඇමරිකාවෙන්, ආසියනු සංවර්ධන බැංකුවෙන් අපිට මුදල් ලබා දුන්නා. එම මුදල්වලින් තමයි අපි මේ වැඩකටයුතු කරන්නේ. ඒ නිසා අපිට ගැටලුවකින් තොරව මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යා හැකියි.

වාද විවාද කරන එක මට ප්‍රශ්නයක් නොවේ. සමහර අය කියනවා පාරට බැහැලා ලේ වගුරනවා කියලා. ඊට ඉස්සෙල්ලා ජීවත් විය යුතුයි. නැතිනම් හාමතේ මිය යන්න සිදු වෙනවා. කතාකරන්න තියෙන ඕන දෙයක් පාර්ලිමේන්තුවේ දී කතා කරමු. පාර්ලිමේන්තුව තිබෙන්නේ ඒ සඳහායි.

අපි සියලුදෙනා මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක් විය යුතුයි. ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවේ, විපක්ෂ මන්ත්‍රිවරු පිරිසකුත් මා සමග ප්‍රකාශ කළා ආහාර සුරක්ෂිතතා වැඩසටහනට එක්වෙන්න කැමතියි, ඒ අයටත් වැඩ කරන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් දෙන්න කියලා. අපි එකතුවෙලා ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු.

මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළේ ගොවි ජනතාව නිරතව සිටිනවා. ඒ සමගම සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන මෙවර මහ කන්නයෙන් අවසන් වෙන්නේ නැහැ. ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක ආහාර අර්බුදයට ද අපි සූදානම් විය යුතුයි.

අද මේ සඳහා සහභාගී වූ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. පසුගිය කන්නයේ පොහොර නොලැබීම පිළිබඳ සියලු ගොවි ජනතාවට අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.4e468166 d9ca 408e 9691 fbef900e100b

මෙහිදී ගොවි ජනතාව විසින් ඉදිරිපත් කළ ගැටලු සහ ඒවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය

පොහාර ගැටලුව තමයි ජනාධිපතිතුමනි අපට තිබෙන්නේ,

 පිළිතුර

මේ මහ කන්නයේ වී වගාව සහ බඩ ඉරිගු වගාව සඳහා අවශ්‍ය පොහොර අපි ලබා දෙනවා. ඊට අදාළ පියවර දැන්මටත් ගෙන තිබෙන බව මතක් කරන්න කැමතියි. ඒ ගැන ගැටලුවක් ඇති කර නොගෙන ගොවිතැන් කටයුතු නිසි වේලාවට ආරම්භ කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, අපේ ගොවිතැන් කටයුතු සඳහා ඉන්ධන ලබා ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

පිළිතුර

 අපි මේ ප්‍රදේශවලට අවශ්‍ය පරිදි ඉන්ධන ලබාදීමට තීරණය කරලා තිබෙනවා. දැන් ඒ ඒ දිස්තික්කවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයයි, ඒ වගේම අස්වැන්න එකතු කරන විට මැෂින්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණනයයි අපි ලබා දෙන්නම්.

ගොවි ජනතාවට අවශ්‍ය පොහොර, ඉන්ධන නිසි වේලාවට ලැබෙනවාද යන්න පිළිබඳව මේ ප්‍රදේශය නියෝජනය කරන අපේ මැති ඇමතිවරු සොයා බැලිය යුතුයි.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශශේන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුමේධා ජී. ජයසේන, හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ජාතික ආහාර සුරක්ෂිතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ, සියඹලාණ්ඩුව ප්‍රාදේශී ලේකම් අසංක දයාරත්න සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය රාජ්‍ය නිලදාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

20677529 5609 460f a124 23c166be9367

 

Page 289 of 487