V2025

පුවත්

විද්වතුන් පෙරටුව : යුක්තිය ඉල්ලන රැල්ල ලන්ඩන් නුවර !

ඔක්තෝබර් 16වන සෙනසුරාදා ලන්ඩනයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වූ ඉල්ලීම් කීපයක් මුල්කරගත් විරෝධතා උද්ඝෝෂණය ඉතා විශාල වෘත්තීයවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

ලන්ඩන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඕනෑම කෙනෙක්ට තම අදහස් යෝජනා විරෝධතා දැක්වීමට තරම් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තිබුනද, ඉන්න රටක් එක නීතියක් ඉල්ලූ ලාංකිකයාට එය හිමිද යන්න ප්‍රශ්නයකි. ඒ නිසාවෙන් ලන්ඩන් ශ්‍රී ලාංකික ඩයස්පෝරාව 16 වෙනිදා පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටියහ.

හිටපු අගමැති දියණියකුත් විරෝධතාවට එක්වෙලා..!

හිටපු අග්‍රාමාත්‍ය අභහවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායකගේ දියණියකවන වෛද්‍ය තුෂ් වික්‍රමනායකද එම විරෝධතාව අතරට එක්ව සිටියාය. එහිදී ඇය දැඩිව ආණ්ඩුව විවේචනය කරමින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරගැනීම, වින්දිතයින්ට යුක්තිය මෙන්ම භාෂණයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස වෙනුවෙන් එක්ව ක්‍රියාකරමින් වෙනසකට මුලපිරීමට දමිල ඩයස්පෝරාව වත්මන් පරම්පාරාවට ආරාධනා කලේ සිංහල ඩයස්පෝරාව හා එක්ව එකම ධජය යටතේ ශ්‍රී ලංකන් ඩයස්පෝරාව ලෙස අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

ඇය තවදුරටත් කියා සිටියේ වත්මන් රජය බලය ලබාගැනීම පිණිස ජාතිවාදය උපරිමයෙන් භාවිතා කළ බැවින් එකී අවස්ථාවේම තමන් හා තම දරුවන් මුස්ලිම් වරුන්ගේ ව්‍යාපාර වෙත ගොස් සැබෑ ශ්‍රී ලාංකියන් බෙදෙන්නට සූදානම් නොමැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කළ බවත්ය.

විද්වතුන් රැසක් එක්ව විරෝධතාව බල ගන්වයි….!

ලන්ඩනයේ වෙසෙන වෛද්‍ය වරුන් ඉංජිනේරුවන් නීතීඥයින් හා විවිධ වෘත්තිකයන් එක්ව විරෝධතාවට ජවයක් එක් කළහ,

එහිදී පිළිගැනීමේ කතාව Milton Keynes University රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය පියල් පෙරේරා විසින් ආරම්භ කරමින් ආරම්භ කළ උද්ඝෝෂණයට වෛද්‍ය රංජිත් වෙල්ගම, ඇතුලු බොහෝ පිරිස් එක්ව සිටියහ.

උද්ඝෝෂණ රැල්ල දියකරන කුමන්ත්‍රණය දිගටම !

බොලොඤ්ඤාවලින් ආරම්භ වී ඉතා වේගයෙන් ලොව පුරා පැතිරෙන පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම හා මහ මොළකරුවන් හෙළිකිරීමේ විරෝධතා උද්ඝෝෂණ රැල්ල දියකර හැරීමේ උත්සාහයක ආණ්ඩු හිතවාදීන් කිහිපදෙනෙකු නිරතව සිටියි. ආසන්තම හේතුව ලෙස ඉතාලියේ මිලානෝ නගරයේ පැවති උද්ඝෝෂණය සත්‍යග්‍රහයක් ලෙසින් දියාරු කිරීමට යාමේදී රැස්ව සිටි පිරිසෙන් ආ විරෝධය මත නැවත උද්ඝෝෂණ ස්වරූපයෙන් එය අවසන් කළද කඩාකප්පල් කාරී කුමන්ත්‍රණ කරුවන් උද්ඝෝෂණය අසාර්ථක බවට පුවත් මැවීමය.

එමෙන්ම ලන්ඩන් උද්ඝෝෂණය හුදෙක් දේශපාලන උවමනාවක් බව පෙන්වමින් ඊට සහභාගී වීමට සිටි බොහෝ පිරිස් නොමග යවමින් දුරකථන ඇමතුම් ලැබී ඇති බවද වාර්ථා වී ඇත…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ,

ඉතාලිය.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=6048#sigProId7f8da12e41

යුගදනවිය පැවරීම : කාදිනල් සහ ඇල්ලේ හිමි අධිකාරියට !

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව්ෆෝට්‍රස් සමාගමට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හා ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා ඇත්තේ, එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු 54 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මෙම වගඋත්තරකරුවන් අතරට නිව් ෆෝට්‍රස් අමෙරිකානු සමාගමද ඇතුළත් ය.

පාඨලීගෙන් ජනාධිපතිට අභියෝගයක් !

කාබනික පොහොරෙ භාවිතා කර 1%ක් ගොවිතැන් කර පෙන්වන්නැයි ජනාධිපතිවරයාටත් කෘෂිකර්ම අමාත්‍යවරයාටත් අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ගොවි ජනතාව සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් රට තුළ සාගතයක් ඇති වීම මෙන්ම බරපතළ කැරලිකාරී තත්ත්වයක් ඇතිවීමට ද ඉඩ තිබෙන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක සඳහන් කරයි.

කාබනික පොහොර වලින් ගොවිතැන් කිරීම අසාර්ථක බව ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගත යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ජනතාවට වැඳ ඔවුන්ගෙන් සමාව ගත යුතු බවද මන්ත්‍රීවරයා කීය.

වර්තමානයේ කටයුතු සිදුවන ආකාරයට රට සාගතයක් කරා යාම පමණක් නොව ඉතා බරපතළ කැරළිකාරී තත්ත්වයක් මෙන්ම සමාජ පිපිරුමක් ඇති වීමේ වැඩි ඉඩක් ඇති බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

උතුරු මුහුදේත් විරෝධයක් !

අඛණ්ඩව වර්ධනය වෙමින් තිබෙන ඉන්දීය ධීවරයින්ගේ බලපෑම් සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා අද (17) උතුරේ ධීවරයින් විශාල පිරිසක් මුලතිව් මුහුදු තීරයේ සිට යාපනය පේදුරුතුඩුව මුහුදු තීරය දක්වා මුහුදෙන් ගමන් කරමින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

අද උදෑසන මුලතිව් මුලිලිවයික්කාල් මුහුදු තීරයෙන් පේදුරුතුඩුව දක්වා ධීවරයින් විරෝධතා දක්වමින් බොට්ටු ගමන් ඇරඹු බව වාර්තා වෙයි.

‘අපේ ධීවරයින් ආරක්ෂා කරමු ‘ යන සටන් පාඨය යටතේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා බලපෑම වහාම නවතන ලෙස ඉල්ලමින් මුලතිව් මුහුදු තීරයෙන් ධීවර බෝට්ටු 50 කට අධික ප්‍රමාණයක් විරෝධතාව සඳහා එක්වු බවත් වාර්තා වෙයි.

එසේම පේදුරුතුඩුවේදී යාපනයේ ධීවරයින්ද විශාල ප්‍රමාණයක් මෙම විරෝධතාවට එක්ව ඇත.

තවද ද්‍රවිඩ ජාතික සන්ධානයේ දේශපාලන නායකයන් , මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

බන්දුල ඇමතිට බරපතළ චෝදනාවක් !

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් ඉදිරිපත් කර ලිඛිත දැනුම්දීමක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇත.

ඒ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ අල්ලස් හෝ දූෂණ වරදක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් පිළිබඳව සාක්ෂිකරුවන් සහ පැමිණිලිකාර පාර්ශ්වය වෙත අගතියක් වන ආකාරයට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ක්‍රියාකර ඇති බව දැනුම් දෙමිනි.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

අධ්‍යක්ෂක ජනරාල්

අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂම

බෞද්ධාලෝක මාවත

කොළඔ 07.

10-16-2021

අධ්‍යක්ෂක ජනරාල්තුමණි,

අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමට කරන ලද පැමිණක් සම්බන්ධව.

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද අල්ලස් හෝ දූෂණ වරදක් සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හා තවත් කිහිපදෙනෙකුට විරුද්ධව මා විසින් 2021/10/13 වන දින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඊට දින දෙකකට පසුව එනම් 2021/10/15 දින වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණ 2021/10/13 වන දින මා විසින් කරන ලද පැමිණිල්ල ස්වාධිනව හා කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලා ලිපියක් භාරදුන් බව මාහට මාධ්‍ය මගින් දැනගැනීමට ලැබුණි.

අදාල ඉල්ලීම කර අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමෙන් ඔහු ඉවත්ව යන විට මාධ්‍ය අමතා ඔහු විසින් කරන ලද තර්ජනාත්මක හා අපහාසාත්මක ප්‍රකාශ නිසා අදාල පැමිණිල්ල සිදුකල මාහට හා අදාල පැමිණිල්ල සදහා සාක්ෂි ලබාදීමට සිටින පුද්ගලයින්ට හා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමට ව්‍යාංගාර්ථයෙන් කරන ලද තර්ජනාත්මක හා අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස මෙයින් ඉල්ලා සිටින අතර පැමිණිලිකරුවෙකු වන මාගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

එහිදී ඔහු මෙසේ පවසයි“මුහුණු ආවරණයකින් රුපියල් දෙකක අල්ලසක් ලබා ගත්තා යැයි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබෙනවා. එය ද්වේෂසහගත, අමූලික අසත්‍්‍ය , වෛරී චේතනාවෙන් කරන ලද පැමිණිල්ලක් වශයෙන් පෙන්වා දිය හැකියි. මක්නිසාද යත් මම ලාංකේය නිදහස් අධ්‍යාපනයේ හැඩතලය වෙනස් කරමින් තාක්ෂණවේදය විෂය හඳුන්වා දුන්නා. මෙම තාක්ෂණවේදය විෂය හදාරන උසස්පෙළ දරුවන්ට මාස්පතා ශිෂ්‍යත්වයක් ලබා දීම සඳහා මාගේ පසුගිය උපන්දිනය දා මාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලක්ෂ සියයක් යොදවමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති නිල සමාරම්භක උත්සවයේදී ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කළා. මෙම ශිෂ්‍යත්ව අරමුදල, මාගේ ඥාතීන් හා අපේ හිතවතුන් විසින් දැක්වූ දායකත්වය මත මේ වන විට ලක්ෂ දෙසීයකට ආසන්න වී තිබෙනවා. එවන් තත්වයක් තුළදී මුහුණු ආවරණයකින් සත පහක්වත් මේ අරමුදලට මේ දක්වා බැර වෙලා නෑ. එසේ තිබියදී ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිදු කර ඇති අපහාසය මට පමණක් නෙවෙයි, මේ අරමුදලේ භාරකරුවන්ට සහ මේ අරමුදලෙන් ප්‍රතිලාභ ලබන්නට සිටින ශිෂ්‍යයන්ටත් සිදු කර ඇති නින්දාවක් වශයෙන් පෙන්වා දිය හැකී. මේ නිසා අපක්ෂපාතී,ස්වාධින හා සාධාරණ ලෙස කඩිනමින් මෙම පරීක්ෂණය සිදු කරන ලෙස ඉල්ලමින් මම අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දුන්නා.”

01.ඉහත ප්‍රකාශය අනුව මගේ පැමිණිල්ල විභාග කිරීමට පෙර එය බොරු පැමිණිල්ලක් බවට වගඋත්තරකරුම ප්‍රකාශ කිරීම හා පැමිණිලිරුකරු බොරුකාරයෙක් බවට වන සිතුවිල්ලක් විමර්ශකයින් තුළ ඇති කිරීම තුළින් පැමිණිලකරුවන මාහට අගතියක් ඇති වී තිබේ.

  1. ඉහත ප්‍රකාශය අනුව මෙම පැමිණිල්ල සදහා සාක්ෂි ලබාදීමට සූදානම්ව සිටින සාක්ෂිකරුවන්හට අගතියක් ඇති වී තිබේ.
  1. අපක්ෂපාතී,ස්වාධින හා සාධාරණ ලෙස කඩිනමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීම තුළ අල්ලස් හෝ දූෂණ කොමිෂම අපක්ෂපාතී, ස්වාධින, කඩිනම්ව පරීක්ෂණ සිදු නොකරන ආයතනයක් බවට හැගීමක් ජනතාව තුළ ඇති කිරීමට කටයුතු කරතිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම යනු අධිකරණ ක්ෂ්ත්‍රයේ කීර්තිමත් නාමයක් දිනගෙන සිටින හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනුසුරුවරියක වන ඊවා වනසුන්දර මැතිණිය හා ගරු විශ්‍රාමික විනිසුරු දීපාලී විජේසුන්දර මැතිණිය හා චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා සාමාජිකයින් ලෙස කටයුතු කරන හා කාර්යක්ෂම නිළධාරීන්ගෙන් සමන්විත ස්වාධින ආයතනයක් වන නිසාම මා විසින් මාගේ අල්ලස් පැමිණිල්ල ඉදිරිපත් කිරීමට කටයුතු කල බව සදහන් කරමි.
  1. ඔහුගේ එම ප්‍රකාශය නිසා අල්ලස් හෝ විමර්ශණ කොමිෂම වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තන්ට බියගැන්වීමක් සිදු කර ඇත.
  1. සෑම වගඋත්තරකරුවෙකුටම මෙසේ තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට මෙය නරක පූර්වාදර්ශයක් විය හැක.
  1. පැමිණිලිකරුවන මා බියගැන්වීමකට ලක්කර ඇත.

මාධ්‍ය විසින් ප්‍රචාරය කර ඇති ඔහු විසින් කරන ලද ප්‍රකාශය මේ සමග අමුණා එවමි.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ - සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

දයාසිරිගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් : යන සූදානම පෙන්වයි !

බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡ කමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට තමන් මේ පොහොර සම්බන්ධ තීන්දුව ලොකු අර්බුදයක් බවට පත්වෙන බව මුලසිටම පැවසූ බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ ඊයේ (16) නිකවැරටිය ගල්කන්ද ප්‍රදේශයේ බතික් කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

දැන් පිටරටින් ගෙනත් තියෙන්නෙත් ඇත්තටම රසායනික පොහොරක්. එක පුද්ගලයකු විතරයි කියන්නේ ඒවා රසායනික නෙමෙයි කියලා. මේ ගෙනත් තියෙන්නෙත් රසායනික පොහොරම තමයි. ඒකේ ටොන් එකක් ඩොලර් 400 ක් වෙලා තියෙනවා. ඒ වෙලාවෙ යූරියා ටොන් එකක් ගෙනාවේ ඩොලර් 225 ට.

ඒ වෙලාවේ යූරියා ටික ගෙනාවනම් අද මෙහෙම වෙන්නෙ නැහැ. ගොවීන්ගේත් අදහස වෙන්නේ සීයට පනහ බැගින් රසායනික පොහොර සහ කාබනික පොහොර යෙදීම කළොත් හොදයි කියලා. දැන් තව දවස් 15 ක් විතර වෙනකොට පොහොර නොලැබුණොත් ගොවි බිම් සෑහෙන ප්‍රමාණයක් අතහැර දමන තත්වයක් ඇතිවෙයි. අද ගොවීන් වී ටික ගෙවල්වල තියාගෙන ඉන්නවා විකුණන්නේ නැතිව.

ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් සධාරණ මිළක් නොලැබීම. අනික මේ පොහොර ප්‍රශ්නය නිසා මෙවර මහ කන්නයේ අස්වැන්න ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා තමන්ට කන්න හරි වී ටිකක් තියාගන්න ඕන කියන අරමුණින් වී විකුණන්නේ නැහැ.

ඒ හේතුවෙන් නැවත වෙළද පොලේ හාල් හිගයක් ඇතිවෙනවා. ඒකට විකල්පය වෙන්නේ හාල් පිටරටින් ගෙන්වන එක. මේක විශම චක්‍රයක් වගේ වෙලා තියෙන්නේ මේ පොහොර සම්බන්ධයෙන් ගත් වැරදි තීරණය නිසා.

ජනාධිපතිතුමාගේ කාබනික පොහොර තීන්දුව හොදයි . ප්‍රශ්නය තියෙන්නේ මේක අවුරුදු දහයකින් විතර කරන්න තිබුණ වැඩක්.

නමුත් මේ හදිස්සියේ කරන්න ගියාම ලොකු අර්බුදයක් එනවා. මම ගමේ ඉන්න කෙනෙක් විදිහට කියන්නේ මේ රසායනික පොහොර ටික ගෙනල්ලා දෙන්න කියලා තවමත් පරක්කු නැහැ. ලංකාවෙ මොන ප්‍රශ්න තිබුණත් අපි බත් ටිකක් උයාගෙන පොල් සම්බෝලයක් හදාගෙන හරි කපු රටක්. දැන් අද ඒකත් නැති වුණාම හාමතේ බඩගින්නේ මැරෙන්න වෙයිද කියන බය මිනිස්සුන්ට තියෙනවා.

අද ලෝකයේ තෙල් මිළ වැඩිවෙලා නිසා අපේ රටෙත් තෙල් මිළ වැඩිවෙන්න පුලුවන්. ගෑස් මිළ වැඩිවෙලා. කිරිපිටි මිළ වැඩිවෙලා.ඒවා ඔක්කොම කොවිඩ් වසංගතය නිසා ලෝකයේ ඇතිවුණ ප්‍රශ්න. නමුත් මේ පොහොර ප්‍රශ්නය අපිම ඇතිකරගත් ප්‍රශ්නයක් එයින් මිදුනොත් අපට අනිත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය කාලයක සිට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කරමින් පසුවන බවත් ඒ හරහා පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුවේ ඉන්න සූදානමක් නොව ඉක්මනින් ආණ්ඩුවෙන් එළියට බහින්න සූදානමක් බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

විමල් ඇතුළු පක්ෂ 11 කණ්ඩායම 23 රැස්වෙන්නේ මොකටද ?

යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමරිකානු සමාගමකට ලබාදීම සහ ඒ ආශ්‍රිත ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කරතිබූ ඉල්ලීම ප්‍රතිකේෂ්පවීම සමග එම පක්ෂ බරපතළ අර්බුදයකට පත්ව ඇත.

කෙසේ වුවත් මේ වන විට එම කණ්ඩායම තීරණය කර ඇත්තේ එළැඹෙන 23 වනදා රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

මෙකී ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති සමග සාකච්ඡාව ඉල්ලූ පක්ෂ 11 නායකයන්ට ජනාධිපතිගේ ප්‍රතිචාරය වී තිබුණේ , අදාළ කරුණ සම්බන්ධයෙන් වන සාකච්ඡාව අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා සමග සිදුකර ගන්නා ලෙසය.

එහෙත් මේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ජනාධිපති සමග සාකච්ඡාව ඉල්ලා සිටියේම අගමැති සහ මුදල් අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡාව අසාර්ථක වූ නිසාය.

මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් පවසන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු මේ පක්ෂ 11 කණ්ඩායම සතු බලය ආණ්ඩුව අභ්‍යන්තරයේ පළමුවත්, දෙවනුව සමාජය තුළත් අතාර්කික කරදැමීමේ උපක්‍රමයක් මේ තුළ තිබෙන බවයි.

තවදුරටත් මේ ඊනියා දේශප්‍රේමී කතා සාප්පු සමග ඉදිරි ගමනක් නැති බවට නිවැරදි තක්සේරුවක් රාජපක්ෂවරුන් සිදුකර ඇති බවත් ඔවුන් පවසයි.

එසේම සිය දේශපාලන පැවැත්ම පමණක් නොව දේශපාලන පෞරුෂය පවා ආරක්ෂා කරගන්නට නම් විමල් ප්‍රමුඛ මේ පක්ෂ 11පිරිසට ආණ්ඩුවෙන් ඉවත්ව යාම හැර වෙනත් විකල්පයක් ඇත්නම් ඒ බැසිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීම බවත් ඔවුන් පවසයි.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කිසිසේත් ආණ්ඩුවෙන් ඉවත් නොවන බැවින් දැන් ඇත්තේ පක්ෂ 11 කණ්ඩායම එළියට බැසීම බවත් විචාරකයන් පෙන්වා දෙයි.

ඉක්මනින් පළාත් සභා මැතිවරණය තබනු : ශ්‍රීලනිපය ආණ්ඩුවට දන්වයි !

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට ප්‍රසිද්ධ දැනුම්දීමක් සිදුකර ඇත.

ඊයේ (15) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වී ඇති අතර හැකි ඉක්මණින් පළාත් සභා මැතීවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට දැනුම්දීමේ තීන්දුව ගෙන ඇත්තේ එහිදිය.

එසේම එදින මාධ්‍ය විසින් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මේ බව පැවසීය.

එසේම ඉදිරි පළාත් සභා මැතිවරණය සදහා පක්ෂය සූදානම් කිරීමටත් පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කොට ඇත.

ඒ අනුව වහාම හිස්ව පවතින ආසන සංවිධායක ධූර පිරවීමටද පක්ෂය තීරණය කර ඇති බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

රේගුවට බදු නොගෙවා නඩුත් දාලා : යුනිලීවර් වැඩක් !

මෙරට ප්‍රකට සමාගමක් විසින් රේගු බදු වංචා කර, පසුව එකී බදු මුදල් සහ දඩ ගෙවීමට නියම කෙරුණු විට ශ්‍රී ලංකා රේගුවට එරෙහිව නඩු පැවරීමේ සිදුවීමක් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් LNW ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක්ම අනාවරණය කර ඇත.

ඒ අනුව මෙකී සමාගම වන්නේ මෙරට සුප්‍රකට සමාගමක් වන යුනිලීවර් සමාගමයි.

මේ වන විට ලංකා රජය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර ඊට අදාළව රාජ්‍ය ආදායම අඩුවීම ප්‍රධානය. ඊට මූලික හේතුවක් ලෙස , ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ , රාජ්‍ය බදු ආදායම් අහිමිකර ගැනීමයි. එහිදී බදු වංචා විශේෂ බව තේරුම් ගන්නට අලුතින් ආර්ථික විද්‍යාව උගතයුතු නැත.

වාර්තා වන ආකාරයට 2018 ඔක්තෝබර් 09 සිට 2019 අප්‍රේල් 04 දක්වා කාලය තුළ යුනිලීවර් හී මෙකී ප්‍රශ්නගත සිදුවීම සිදුව ඇත. ඒ සබන් නිෂ්පාදනය කිරීමට යොදන සංඝටකයක් වන palm oil fatty acid ආනයනය කිරීමේදීය.

එකී සංඝටකයට අදාළ HS අංකය වන්නේ 3823.19.20 යි. ඒ ආනයනයේදී 25% ක රේගු බද්දක් ගෙවිය යුතුය. නමුත් අදාළ සංඝටකය, එහි HS අංක 3823.19.90 යටතේ ආනයනය කිරීමට යුනිලීවර් සමාගම කටයුතු කර ඇති අතර ඒ හරහා බදු මුදල් ගෙවීම මඟහැර ඇත.

කෙසේ වුවත් ශ්‍රී ලංකා රේගුව මේ බව අනාවරණය කරගෙන රුපියල් මිලියන 570ක බදු මුදල සහ අදාළ දඩය ගෙවීමට දැනුම්දි ඇත. ඒ අනුව රුපියල් බිලියනයක පමණ මුදලක් ගෙවීමට එකී සමාගමට සිදුව තිබේ.

නමුත් මෙහිදී යුනිලීවර් සමාගම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රේගුවට එරෙහිව අභියාචනාධිකරණයට නඩුවක් යොමුකිරීම ය. අදාළ නඩුව අංක 19/2021 ලෙස පවරා ඇති අතර ඒ 2021.01.11 වනදා ය.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව යි. නමුත් මේ වන විට නඩුව ගොඩින් සමතයට පත්කර ගැනීමට විවිධ බලපෑම් එල්ලවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ පිටුපස සිටින්නේ පසුගිය ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ ද ප්‍රබල සම්බන්ධතා ඇති බලවතුන් පිරිසකි. ඥාතීන් ආණ්ඩුව, විපක්ෂය යන දෙපාර්ෂවයම බවට පත්වීම මේ සමයේ විලාසිතාවක් වී ඇති අතර ඒ හරහා කොයි ආණ්ඩුව බලයට ආවත් තමන්ට අවශ්‍ය ලෙස වැඩකර ගැනීමේ හපනුන් බවට පත්ව ඇත.

මේවා මාරවැඩ ලෙස පෙනීගියත් මේ මාරවැඩ නිසා අමාරුවේ වැටෙන්නේ රටේ ආර්ථිකය ය. එනිසා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න යන ජනාධිපති , පසුගිය අඩුපාඩු හඳුනාගෙන ඉදිරිය නිවැරදි කරගන්නට සූදානම් වෙන ජනාධිපති මේවත් සොයා බැලුවොත් හොඳය.

විමල්ලා යුගදනවිය ගැන ජනාධිපති සමග ඉල්ලූ සාකච්ඡාව ප්‍රතික්ෂේප වෙලා !

යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමරිකානු සමාගමක් වෙත ලබාදීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ එළඹී ඇති ගිවිසුම් පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපති වෙතින් ඉල්ලා තිබූ සාකච්ඡාව ලැබී නැත.

මේ බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි වාර්තා හරහා ප්‍රසිද්ධ කෙරෙමින් තිබේ.

ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් අදාළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ලිඛිතව සිදුකර තිබුණු අතර ඊට ලිඛිතව ප්‍රතිචාර දක්වමින් ජනාධිපති පාර්ශ්වය දන්වා ඇත්තේ අදාළ කාරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙසය.

මේ හේතුවෙන් අදාළ ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයින් අද දිනයේ දී හමුවීමට නියමිතය.

ඇමති වාසුදේව නානායක්කාර පවසා ඇත්තේ පක්ෂ නායකයින් වෙත ජනාධිපතිවරයා තම ප්‍රතිචාරය ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.

කෙසේ වුවත් යුගදනවිය සම්බන්ධයෙන් අගමැති සහ මුදල් ඇමති සමග ආණ්ඩුවේ පක්ෂ 11 කණ්ඩායම් නායකයන් මීට පෙර සාකච්ඡා කරනු ලැබිණ. මෙම පක්ෂ 11 කණ්ඩායම ජනාධිපති සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියේ ද එකී සාකච්ඡාව අසාර්ථක වූ නිසා ය.

දැන් සිදුව ඇත්තේ 20 සංශෝධනය අවස්ථාවේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ කරුණේදී වුවාටත් වඩා අසීරු දෙයකි. එහිදී ජනාධිපති සමග සාකච්ඡා කිරීමේදී ඔහු සංවේදී වූ නිසා කියා, 20 ට අත ඉස්සීම සාධාරණීකරණය කරගන්නට හැකි වුවත් මෙවර ඒ අවස්ථාවත් නැත. ඒ ජනාධිපති සාකච්ඡාවක් හෝ ලබාදී නැති නිසාය.

ලිතුවේනියාවෙන් ගෙනාවේ රසායනික පොහොර : ශ්‍රීලනිප මහ ලේකම් !

ලිතුවේනියාවේ සිට ආනයනය කර ඇත්තේ පොටෑසියම් නයිට්‍රේට් නම් පොහොර බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රීලනිප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

එම පොහොර වර්ගය ගොයම් ගස් වර්ධනය වැඩි කිරීම සඳහා යොදන බන්ඩි පොහොර වර්ගයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලොව කිසිම රටක කාබනික ගොවිතැන සියට සීයක් කරන රටක් සොයාගැනීමට නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළ අතර වර්තමාන ක්‍රමය යටතේ ඉදිරියේදී සහල් හිඟයක් ද ඇතිවනු ඇති බවත් අප්‍රේල් අලුත් අවුරුද්ද විශාල අමාරු තත්ත්වයකට පත්වනු ඇති බවත් පැවසීය.

’සරත් වීරසේකරට අපි බය නැහැ’ - ජෝශප් ස්ටාලින්

ගුරු විදුහල්පති අරගලය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමකරමින් සරත් වීරසේකර අමාත්‍යවරයා කතා කළද ඔහුගේ කතාවලට බිය නොවන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය වෙනුවෙන් ජෝශප් ස්ටාලින් අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

තර්ජනය කරන බව පවසමින් මීට ඉහතදීද ගුරුවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ නමුත් සිදු වූ දෙයක් නොමැති අතර රථ පෙළපාලියට පැමිණි ගුරුවරු කණ්ඩායමක්ද අත්අඩංගුවට ගෙන මර්දනය කිරීමට සැරසුණු බවද ස්ටාලින් සඳහන් කළේය.

සරත් වීරසේකර ඇමතිවරයාගේ මෙම මර්දනයට යටත් නොවන බවයි ඔහු පැවසුවේ.

''දෙමව්පියන්ට අපි කියන්නේ මේ රටේ අධ්‍යාපනය කඩාකප්පල් වුණේ ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලය නිසා නොවෙයි. ආණ්ඩුව දැන් කොරෝනාවලින් තමන්ගේ නොහැකියාව වහගන්න ගුරුවරු පිට පටවනවා අධ්‍යාපන අර්බුදයක් ඇති වුණේ ගුරුවරුන්ගේ වර්ජනය නිසා කියල. විභාග ප්‍රතිඵල පරක්කු වුණේ ගුරු වර්ජනය නිසාද? විභාග තියන්න බැරි ගුරු අරගලය නිසාද? ඒවා ඔක්කොම කල් යන්නේ කොරෝනා වසංගත තත්ත්වය තුළ. අපේ ක්‍රියාවෙන් බාධාවක් වුණා නම් වුණේ ඔන්ලයින් ඉගැන්වීම්වලට. එයටත් හේතුව අවශ්‍ය වෙලාවට අවශ්‍ය ලෙස ප්‍රශ්නයට උත්තරයක් ලබා නොදීම.'' යනුවෙන් ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තවත් කොවිඩ් මරණ 20ක් : සමස්ත කොරෝණා මරණ 13,499 දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,449 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 14 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර පස්දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් නව දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

covid deth repot 890x1024

පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනිකයි කියලා පච කියන්න එපා !

රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ පවසන්නීය.

පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී සංඝටක යැයි ද සඳහන් කළාය.

රජය විසින් මෙරටට ගෙන ආ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ මෙම කරුණු ද්විත්වයම සපුරාලීමට අපොහොසත් නිසා ඒවා කාබනික පොහොර නොව රසායනික පොහොර බවත් රසායන විද්‍යාවට අනුකූලව යූරියා ද කාබනික සංයෝගයකක් වුවද රසායනිකව නිශ්පාදනය කරන බව ද පැවසුවාය.

එදිනෙදා ව්‍යවහාරයට අනුව කාබනික පොහොර යනු ශාඛ කොටස් වැනි කිසියම් හෝ ජීවි ද්‍රව්‍යක් යොදාගනිමින් නිෂ්පාදනය කරන පොහොර බවත් ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු කිසියම් ඛනිජ නිධියකින් ලබාගත් අකාබනික ලවණයක් බවත් මහාචාර්යවරිය පවසන්නීය.

මෙලෙස ගෙන ආ පොටෑසියම් ක්ලෝරයිඩ් මියුරේට් ඔෆ් පොටෑෂ් ලෙස භාවිත කරන රසායනික පොහොරක් වන බවද ඇය වැඩිදුර පැහැදිලි කරමින් කියා සිටියාය.

කෘෂිකර්ම අමාත්‍යවරයාට පොහොර ගැන දැනුමක් නොමැති බැව් අනුමාන කළ හැකි වුවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව මහාචාර්යවරයෙකු බව කී මාහාචාර්ය මෙත්තිකා මහත්මිය පැවසුවේ වරායට ළගා වී ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ පොහොර කාබනික පොහොර යැයි පැවසීම මුසාවක් බවයි.

කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

121077543 p 02 1 768x917

(Lanka lead )

යුගදනවි ගිවිසුම ආණ්ඩුවේ ප්‍රධානීන් දැකලත් නෑ !

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට විකිණීම ඇතුළුව අත්සන් කරණු ලැබූ ගිවිසුම පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සන්ධාන පක්ෂ පවා දැක නොමැති බව අනාවරණය වෙයි.

ඒ බව තහවුරු වන්නේ අදාළ ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඊයේ (14) ලිඛිත ඉල්ලීමක් සිදුකිරීම හමුවේ ය.

කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඉල්ලා ඇත්තේ , යුුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකාවේ නිව්ෆොට්‍රස් සමාගමට පැවරීම සම්බන්දයෙන් වන සියළු තොරතුරු ඇතුලත් ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසයි.

අදාල ගිවිසුමේ තොරතුරු සහ එයට අදාල ලේඛන දින 14 ක් තුළ තමන් වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීමේ නිලධාරියෙකු තමන් වෙත දැන්වූ බවත් ඔහු පැවසීය.

කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් මිස පසුගිය සමයේ දේශප්‍රේමී ලේබලය අලවාගත් බහුතරයක් මේ ආණ්ඩුවේ සිටියත් ඒ කිසිවෙක් මෙකි ගිවිසුමේ පිටපතක් ගැනීමට හෝ ඉදිරිපත් වීමට ධෛර්යයක් තිබුණේ නැත.

ඔවුන්ගේ දේශප්‍රේමීත්වයේ සීමාව මෙතනදී පැහැදිලිය.

විශ්මිත කෘෂි ඇමති මහින්දානන්ද: අගමැති කරමු ! 

පොටෑසියම් ක්ලෝරයිඩ් සඳහා කාබනික යනුවෙන් විශේෂණයක් යෙදීම හේතුවෙන් මේ වන විට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමාජ මාධ්‍ය තුළ හාස්‍යට ලක්වෙමින් සිටියි.

මේ ඒ සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් තැබූ සටහනකි.

විශ්මිත කෘෂි ඇමති මහින්දානන්ද: අගමැති කරමු !

එදා මෙදා තුර කෘෂිකර්ම ඇමතිවරු අතර විශිෂ්ඨතමයා මහින්දානන්ද අලුත්ගමගේ ම ය. එවැන්නෙකු අගමැති, ජනපති ධූරයන්ට පත් නොකර කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ තවදුරටත් තබා ගැනීම අපරාධයකි. අගතියකි. අකටයුත්තකි.

නිදහස් ලංකාවේ කෘෂිකර්මයට වැඩිම අවධානය දුන්නා යැයි කියන ඩී.එස්.සේනානායක අගමැතිතුමා, කාකි සූට් එක දාගෙන අම්පාරේ, පොළොන්නරුවේ ජනපද, වගා බිම් හදපු ජාතියේ පියා ය.

ඩඩ්ලි සේනානායක කෘෂිකර්ම උපාධිධාරියෙක් විතරක් නෙවෙයි, අසීමිතව ගොවිතැනට ආදරය කළ කාර්යාලයට වඩා ගොවි බිමේ හිටපු වැඩකාරයෙක්. ඩඩ්ලි නැත්තම් ලංකාවේ අල වගාවක් නෑ. ඩඩ්ලි හදපු වාරිමාර්ග ලැයිස්තුව එතුමාගේ මහත්මා ගුණයට වැඩිය දිගයි.

සර් ජෝන් කොතලාවල ගොවියෙක් නෙවෙයි, දොඩම්ගස්ලන්දේ කාඹුල්වානාඔය ජලාශය හදපු මිනිහා. වාරිමාර්ග නිලධාරීන් ඒකට ‘සර් ජෝන් කොතලාවල ජලාශය‘ නම දාලා බෝඩ් එකක් ගැහුවා. සර් ජෝන් ඒක දැක්කේ විවෘත කරන්න යන කොට. මහජන මුදල්වලින් හදපු ජලාශයට මගේ නම දාන්න පිස්සුද? මම යන්න ඉස්සර වෙලා, ඔය බෝඩ් එක ගලවනවා යැයි කියලා කෑගහපු අගමැතිවරයා. කෘෂිකර්මයේ දියුණුවට අවශ්‍ය පහසුකම්වලට ප්‍රමුඛත්වය දුන්න, තමන්ගේ නිවස ආණ්ඩුවට දුන්න අගමැති.

1956 කෘෂිකර්ම ඇමති පිලිප් ගුණවර්ධන - රහංගල කාෂිකර්ම පර්යේෂණායතනය පවරගත්ත එකම ඇති. අද පැෂන්ෆෘට්, නාරං ඇතුළු පළතුරු, එළවළු දුසිමක් විතර රහංගල නිෂ්පාදන.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්ථර හය හැදුවේ පිලිප් ගේ දැනුමෙන්. දැක්මෙන්.

ඊලඟ කෘෂිකර්ම ඇමති සී.පී. ද සිල්වා ට අදත් කියන්නේ මින්නේරිය දෙයියෝ කියලා. ඩී.එස්. සේනානායක පරාක්‍රම සමුද්‍රය හදනකොට පොළොන්නරුවේ දිසාපති.

1965 කෘෂි ඇමති එම්.ඩී.බණ්ඩා දක්ෂයෙක් විතරක් නෙවෙයි කුඹුරට බැහැලා වැඩ කරපු ගොවියෙක්. උතුරට දකුණට එක සමානව කෘෂි සම්පත් බෙදුවේ ඇමති බණ්ඩා.

1965 කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කැප්ටන් සී.පී.ජේ.සෙනවිරත්න - ගොවි හමුදාව හැදුවා. බදුල්ල කචේචේරියේ හිටපු දිස්ත්‍රික් ඉඩම් නිලධාරි (DLO) සුසිල් සිරිවර්ධන එතැනින් නිදහස් කරගෙන මහියංගනයට අරගෙන ගිහින් අද වගේ යන්ත්‍ර සුත්‍ර නැති කාලයේ වාරි ඇළවල් කැපුව. රටටම ඒක පුළුල් කරපු නියෝජ්‍ය ඇමති. (1970 ආණ්ඩුව ගොවි හමුදාව විසිරුවා හැරියාම ඒ අය 71 කැරැල්ලට ගියා)

හෙක්ටර් කොබ්බෑකඩුව - කාෂිකර්ම හා ඉඩම් ඇමති තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හැදුවේ. ලංකාවේ ඉඩම් නැති ගොවියන්ට ඉඩම් ලැබුණේ හෙක්ටර් කොබ්බෑකඩුවට පිංසිදුවන්නටයි. ඒ කෘෂිකර්ම ඇමති කොබ්බෑකඩුව ගැන නිබන්ධනයක් ලියන්න පුළුවන්.

මෛත්‍රීපාල සේනානායක වාරිමාර්ග ඇමති - මහවැලිය පොල්ගොල්ලෙන් උතුරට හරවන්න පටන්ගත්ත ඇමති. 1977 දී ගාමිණී දිසානායක වාරි ඇමති වෙන කොට අලුත් තරුණ ඇමතිවරයා එක්ක අමාත්‍යාංශයට ගිහින් මට දුන්න සහාය මේ තරුණයාට දෙන්න කිව්ව නිහතමානී අති විශිෂ්ඨයා. රටේ ඊලඟ අගමැති කියලා තමයි හැමෝම කිව්වේ.

ඊ.එල්. සේනානායක කෘෂිකර්ම ඇමති ගැන කියනකොට මතක්වෙන්නේ අර ඓතිහාසික වප් මඟුල.

ගාමිණී ජයසූරිය ගැන කියනකොට ඇමතිකමට වැඩිය හෘර්ද සාක්ෂිය වැදගත් කියලා පෙන්නපු ඊලඟ අගමැති වෙන්න තරම් සුදුසුකම් තිබ්බ දේශපාලනඥයා.

කෘෂිකර්ම රාජ්‍ය ඇමති විජේරත්න බණ්ඩා - කෘෂි රක්ෂණ හා ගොවි විශ්‍රාම වැටුප හැදුවා විතරක් නෙවෙයි ලංකාවට එළවළු - පළතුරු බෙදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සැලසුම්කරු.

ගාමිණී දිසානායක මහවැලිය හදලා රට අස්වද්දලා, මහවැලි සංස්කෘතියක් හදලා, ක්‍රීඩා පිට්ටනි, සමාගම් හදලා අවසානයේ වැවිලි කර්මාන්තයෙන් ලංකාවට ලෝකය දිනන්න පාර කපපු ඇමති.

ඇමති ලලිත් ඇතුලත්මුදලි - එදා තිබුණු සුළු අපනයන දෙපාර්තමේන්තුව වෙනුවට නවීන වෙළඳ යුගයට ගැලපෙන විදිහට ‘අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව‘ හදලා අමුද්‍රව්‍ය පිටරට යැවීම වෙනුවට නිමි භාණ්ඩ නිෂ්පාදනයට (Value Addition) ලංකාවේ කෘෂි ව්‍යාපාරය ගොඩ නගන්න පියවර තැබූ බිය නැති ප්‍රාඥයා.

මේ සියල්ලටම එක පොදු සාධකයක් තියෙනවා. ඒ හැමෝම හිටියේ ඊලඟ අගමැති ධූරය, ජනාධිපති ධූරය පාමුල. අගමැති - ජනපති පුටුවට පහල පඩියේ හිටපු අය.

ඩී.එස්. ගෙන් පස්සේ ඩඩ්ලි. ඩඩ්ලි ගෙන් පස්සේ සර් ජෝන්. සී.පී. ද සිල්වා ගේ අගමැති කතාව එජපයෙන් නැවතුණු හැටි ප්‍රකටයි. ෆීලික්ස් ඩයස් බලය ඇල්ලුවේ නැතිනම් මෛත්‍රීපාල සේනානායක තමයි ඒ ආණ්ඩුවේ දෙවැනියා. (අනුර - මෛත්‍රී කැරැල්ල මතයනේද?) කොබ්බෑකඩුව 1982 ජනාධිපති අපේක්ෂක වුණා. ගාමිණී ජයසූරිය, ඊ.එල්., ප්‍රේමදාස එක්ක අගමැතිකමට සටන් කරපු අය. ලලිත් - ගාමිණී ලංකාවේ ඔටුණු පළදින්න බැරි වුණු රාජ්‍ය නායකයෝ.

වත්මන් කෘෂිිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මේ හැමදෙනා වගේම අගමැති ධූරයට සුදානම්. ආසන්නයි.

හැබැයි ඒ සියල්ලටම වඩා විශිෂ්ඨයි.

කලින් හිටපු හැම කෘෂිකර්ම-වාරි-වැවිලි ඇමතිවරු, වැඩ කළේ ලංකාවට විතරයි. මහින්දානන්ද ලෝක කෘෂිකර්මයේ දැවැන්තම පිම්ම තබා තියෙනවා.

මහින්දානන්ද කෘෂිකර්ම ඇමතිතුමා ‘කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ්‘ සොයාගෙන තියෙනවා. ලංකාවට ගෙනල්ලා ලෝකයට හදුන්වාදීලා තියෙනවා. ලංකා කෘෂිකර්මයේ විතරක් නෙවෙයි ලෝක කෘෂිකර්මයේ නව පිටුවක් පෙරළලා තියෙනවා.

ලෝකයම බෑ කියද්දී, ලංකාව කාබනික කරලා, ලෝකයම කාබනික කෘෂිකර්මාන්තයේ දොරටුවට ගෙනල්ලා තියෙනවා. (රසායන විද්‍යාවට අනුව බෑ කියන අය අද සිංහල, English, Tamil පත්තර බලන්න. විද්‍යුත් මාධ්‍ය අහන්න. ඒ හැම එකකම ‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර‘ තියෙනවා.

ලංකාවට ශාක හා සත්ව නිරෝධායන පනතින් ගැලවිලා ඇපල්-මිදි ගෙඩියක් ගේන්න බෑ. හැබැයි, මහාචාර්ය කෘෂිකර්ම ලේකම් උදිත් ජයසිංහ එක්ක එකතුවෙලා කිසිම රසායනාගාර පරීක්ෂාවක් නැතිව ‘කාබනික‘ ගෙනල්ලා බෙදලත් ඉවරයි. රටේ ඩොලර් ආර්ථිකයට බරක් නැතිව, ‘බෝට්ටුවෙන් බඩු වලින්‘ ලංකාවේ මහ කන්නය ගොඩ දාලා ඉවරයි.

වසංගතයට පස්සේ සාගතය එනවා වගේ කථා කිය කිය ඉන්න ඇමතිවරු අතර කෘෂිකර්ම ඇමති විශ්වකර්මයෙක්. ප්‍රායෝගික මනුස්සයෙක්. ලංකාවටම හරියන ටිප් - ටොප් දේශපාලනඥයෙක්.

හෙට නෙවෙයි, අදම අගමැති කරන්න වටිනවා. නොබෙල් තෑග්ග දෙන්න වටිනවා.

මහින්දානන්ද අගමැති කරනු! රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබා දෙනු!!!

බොල් පිළිම කුඩු කරමු!!!! මහින්දානන්ද නමින් ගල් පිළිම නෙළමු!!!

රජිත් කීර්ති තෙන්නකෝන්

(ෆේස්බුක් ගිණුමෙනි )

නීතිපති චෝදනා ඉවත් කරගෙන : නඩුවෙන් බැසිල් නිදහස් !

ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදු කළ GI බට සම්බන්ධ මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් නඩු පවරා සිටි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිංස්ලි රණවක එම චෝදනාවලින් නිදහස් වී ඇත.

ඒ නීතිපතිවරයා විසින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිංස්ලි රණවක යන අයට එරෙහිව වූ අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

2015 ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ අරමුණින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 කට අධික මුදලක් වැය කොට ජී. අයි. බට මිලිදී ගෙන පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් නොතිබියදීත්, ඒවා එම ආයතන වෙත බෙදා හැරීමෙන් සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණ.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි කරුණු දක්වීය.

එම චෝදනාවලට හා සමගාමී චෝදනා යටතේ මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබු නඩුවකින් කොළඹ වෙනත් මහාධිකරණයක් විසින් ඔවුන් නිදොස් කර නිදහස් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් 2020 නොවැම්බර් 30 වැනිදා අංක 8222-2016 යටතේ නිකුත් කර ඇති එම නියෝගය අනුව මෙම නඩුවේ අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට නීතිපතිවරයා අදහස් නොකරන බැවින් අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි  අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ  විත්තිකරුවන් එම අධිචෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළේ ය.

ගුරු විදුහල්පති වෘත්තීය අරගලයට මුරුත්තෙට්ටුවේ හිමි වැඩ්ඩේ ඇයි ?

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ ගුරු විදුහල්පති වෘත්තීය අරගලයට විසදීම සදහා කියමින් මුරුත්තෙට්ටුවේ හිමියන් ‌සම්බන්ධ වීම ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් බවත්, ඊට හසු නොවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අවධාරණය කරයි.

මුරුත්තෙට්ටුවේ හිමියන් ‌අතගහද්දීම මෙය ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් බවත්, අගමැතිවරයාගේ කීම පිට මෙය සිදුවන බව තම පාර්ශ්වය දැනගෙන සිටි බවත් මන්ත්‍රීවරයා පවසයි.

ගුරුවරුන් වෙනුවෙන් ගුරුවරුන් කතා නොකොට ස්වාමීන් වහන්සේලා කතා කරන්නදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටි අතර හෙද සේවය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා මැදිහත්වීමත් ඔහු සිහිපත් කර සිටියේය.

Page 337 of 386