V2025

පුවත්

දිලිත්ගේ පත්තරේ පුවත ගැන විමර්ශනයක් : පීබීගේ නියෝගයක් !

මේ වන විට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ , මැති ඇමතිවරුන් අතර පමණක් නොව ඉහළ පෙළේ නිලධාරීන් , ව්‍යාපාරිකයන් අතර ගැටුම් එළිපිට සිදුවෙමින් ඇත.

ආසන්නතම සිදුවීම දියර නයිට්‍රජන් පොහොර ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සඳහා රුපියල් කෝටි 29ක් පෞද්ගලික ගිණුමකට බැර කර ඇති බව සහ ඊට ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර බලපෑම් කර ඇති බවට දෙරණ මාධ්‍ය ජාලයට අයත් අරුණ පුවත්පත් වාර්තාව ආශ්‍රිත තත්ත්වය යි.

දෙරණ අරුණ ඉමේජ් එක දාන්න

මේ වන විට අදාළ පුවතට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර පුවත්පත පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එකී නිවේදනය නිකුත්කර ඇති අතර අදාළ වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් වහා පවත්වන ලෙස පොලිස්පතිවරයාට ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බවත් එහි සඳහන් කර ඇත.

FB IMG 1634968554557

දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු බිලියනපති ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර ය. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අතිශය සමීපතමයකු ලෙස ප්‍රසිද්ධය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට ජනතා මතය සැකසීමට කටයුතු කළ මාධ්‍ය ජාල අතර දිලිත් ජයවීර ගේ දෙරණ මාධ්‍ය ජාලය ප්‍රමුඛය.

ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර යනු අංක එකේ රාජ්‍ය නිලධාරියා වන අතර මීට පෙර පිබී ජනාධිපති ලේකම් ධූරය දැරීම ප්‍රමාණවත් බවට ඉඟි කෙරෙන ෆේස්බුක් සටහනක් ද දිලිත් ජයවීර තබා තිබිණ.

එය පහත දැක්වෙයි.

FB IMG 1634969609189

සඳුදා හැදූ සමාගමෙන් අඟහරුවාදා නැනෝ යූරියා ගෙනල්ලා - විජිත

පසුගියදා 19 වනදා අඟහරුවාදා ශ්‍රි ලංකාවට හදිසියේ ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ගෙන්වූ සමාගම නිර්මාණය කර ඇත්තේ පසුගිය 18වනදා එනම් සඳුදා දිනයේදී බව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සිදු කළ අනාවරණයක් මගිණි.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මෙම සමාගම සඳහා මුදල් ගෙවීමේදී ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීම මත මීට දින හතරකට පෙර මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාවේ හදිසියේ ආරම්භ කළ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් (එක්සත් ගොවි අරමුදල) නම් ගිණුමකට රජයේ මුදල් රුපියල් විසිනව කෝටි තිස් දෙලක්ෂයක් (රු. 293,200,000) බැර කර ඇති බවත් ඒ බව පාර්ලිමේන්තුවට හෝ අමාත්‍ය මණ්ඩලයට දන්වා නැති බවත් මන්ත්‍රී විජිත හේරත් හෙළිදරව් කළේය.

පසුගිය 18 වැනිදා ආරම්භ කළ මෙම සමාගමට විසි නව කෝටි තිස් දෙලක්ෂයක් බැර කළද මේ වනවිට ගෙවා ඇත්තේ නව කෝටියකට ආසන්න මුදලක් වන අතර මේ වනවිට ඉදිරි රුපියල් කෝටි 20කට අධික මුදල රුපියල්වලට පරිවර්තනය කරන ලෙසට එහි අධ්‍යක්ෂවරුන් වන මොහාන් ටී පෙරේරා, ජී.එම් වීරසිංහ නැමැත්තන් විසින් මහජන බැංකුවට ඉල්ලීම් කර ඇති බවද ඔහු තවදුරටත් අනාවරණය කළේය.

ආණ්ඩුවේ පසුපෙළට තැබූ : කාබනික වගා වැඩමුළුව උණුසුම් වෙයි !

කාබනික වගාව සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු ලෙස මෑතකදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කළ ආචාර්ය සරත් රණවීර විසින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සදහා පැවැත්වූ දේශනය ඉතා උණුසුම් එකක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම දේශනය ඊයේ (22) පස්වරුවේ පාර්ලිමේන්තු කමිටු ශාල අංක 01 දි පැවැත්විණ.

සරත් රණවීරගේ හිමිකම් ඇති ‘බයෝ ෆුඩ්ස්’ පුද්ගලික සමාගම වසර 28ක් තුල කාබනික පොහොර යොදා ලබාගත් සාර්ථකවත්වයන් සම්බන්ධයෙන් කල පැහැදිලි කිරිමකින් පසු මන්ත්‍රිවරුන් පෙරලා ප‍්‍රශ්න කර ඇත්තේ කාබනික පොහොර යොදා නිශ්පාදනය කරන පලතුරු, එලවලු, කුලුබඩු සහ සහල් වල වාර්ශික වටිනාකම කවරේද යන්නයි.

මේ සදහා පෙරමුණ ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩර තෙන්නකෝන්, ලලිත් එල්ලාවල සහ මිලාන් ජයතිලකය.

එහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ‌ප්‍රකාශ කොට ඇත්තේ රණවීර මහතාගේ තිස් වසරක ව්‍යාපෘතිය සාර්ථක වීම පිළිබද සතුටු විය හැකි නමුත් මෙම ක්‍රමය ගමේ සිටින ගොවි මහත්වරුන්ට එකවර ආදේශ කළ නොහැකි බවත්, එසේ කිරීමට ‌ගොස් බරපතළ ප්‍රශ්න මතුවී ඇති බවත්ය.

ඊට ඔහු දුන් පිලිතුර අභියෝගයට ලක් කල ප්‍රමිත බණ්ඩාර මන්ත්‍රීවරයා එම සමාගම විසින් 2020 වසරේදි සම්පුර්ණයෙන්ම අපනයනය කොට ඇත්තේ අමරිකානු ඩොලර් මිලියන 12.6 ක් බවත් 2021 වසරේ මේ දක්වා අපනයන කොට තිබෙන්නේ මිලියන 9.7 ක් බවත් එම තොරතුරු EDB හරහා ලබා ගත් බව දන්වා ඇත.

එය මෙරට සමස්ත අපනයනයෙන් 0.1%ක් බවත් මෙරට සමස්ත වාර්ෂික සහල් නිෂ්පාදනයේ වටිනාකමෙන් 0.5%ක් බවත් මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දි තිබේ.

එමෙන්ම වසර 28ක් තිස්සේ කල ව්‍යාපාරයේ අද වනවිට කාබනික සහල් කිලෝග්‍රෑම් එකක සමාන්‍ය මිල කොපමණදැයි මන්ත‍්‍රීවරුන් විමසා තිබේ.

ඊට ඔහුගෙ පිළිතුර වී ඇත්තේ කාබනික සහල් කිලෝවක් රුපියල් 350 කට පමණ අලෙවි කළ යුතු බවයි.

එවිට මන්ත්‍රිවරුන් කියා ඇත්තේ නාඩු කිලෝවක් රුපියල් 110 ක් වැඩියි කියා ජනතාව විරෝධතා කරද්දී රුපියල් 350ක් දී කාබනික සහල් කෙසේ මිලට ගනීවිද කියාය.

එහිදී රණවීර මහතා සම්පුර්ණයෙන් කාබනික පොහොර යොදා වී ගොවිතැන කිරිම ප්‍රායෝගිකව එකවර කළ නොහැකි බව පිළිගෙන ඇත.

මීට අමතරව රණවීර මහතා කාබනික පොහොර යොදාගෙන දකුණේ සිදුකරන තේ වගාවක් පිළිබදව අදහස් දක්වද්දී ඊට එරෙහිව කතා කොට ඇති අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ පිළිබද කතා නොකරන ලෙසත්, එම සමාගම හොරෙන් රසායනික පොහොර භාවිතා කොට ඇති බව හෙළිව ඇති බවත් පැවසීමෙන් රණවීර මහතා දැඩි අපහසුතාවට පත්ව තිබේ.

එමෙන්ම අතුරලියේ ‍රතන හිමිටද පසුපෙළ මන්ත්‍රි කන්ඩායමෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී ඇත.

ප්‍රමිත බණ්ඩාර මහතා සිය කතාවේදී රතන හිමියන් සම්බන්ධයෙන්ද මතක් කර ඇති අතර පසුව මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සාකච්ජාවට පැමිණීමට පෙර එළියේදී රතන හිමියන් තමන් සමග ආණ්ඩුවේ කාබනික පොහොර වැඩසටහන විවේචනය කළ බවය.

නමුත් රතන හිමියන් සාකච්ජාවේදී කාබනික පොහොර වැඩපිළිවෙළ අගය කරමින් අදහස් දැක්වීමත් සමග පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් උන්වහන්සේට විරෝධය පළ කොට ඇත.

කෙසේවෙතත් රතන හිමි අවසානයේදී මන්ත්‍රිවරුන්ට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමා වග නොකියන බවය.

කළු දිලීර රෝගයෙන් මිය ගිය මෙරට පළමු මරණය වාර්තා වෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු කළු දිලීර රෝගයට භාජනය වූ පුද්ගලයෙකු මරණයට පත්වී ඇත. 

කළු දිලීර රෝගයෙන් මෙරටින් වාර්තා වන පළමු මරණය මෙයයි.

කරාපිටිය රෝහලේදී මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකර තිබූ වැඩිදුර පරීක්ෂණයකදී ඔහුට කළු දිලීරය ආසාදනය වී තිබූ බව තහවුරු වී ඇත.

පසුගිය සැප්තැම්බර් මස 26 වනදා එම පුද්ගලයා කරාපිටිය රෝහලේදී මියගොස් තිබුණි.

වයස අවුරුදු 56ක් වූ එම පුද්ගලයාගේ මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී සිදු කෙරුණි.

එහිදී, කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණිය තීරණය කර තිබුණේ ඔහුගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමටය.

එම සාම්පල සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණවල වාර්තාව ඉකුත් දා කරාපිටිය රෝහල වෙත ලැබී තිබුණු අතර එහිදී තහවුරු වී ඇත්තේ අදාළ පුද්ගලයාගේ ශරීර කොටස්වල කළු දිලීරය තිබූ බවය.

දයාසිරි ආණ්ඩුව ලෝක අමාරුවක දමයි : දේශපාලන පිපිරීමක ලකුණු !

මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ගිං නිල්වලා ව්‍යාපෘතියට වෙන් කළ කෝටි ගණනක මුදල් නිරුපමා රාජපක්ෂගේ සහ තිරුනඩේසන් ගේ ගිණුම්වලට ගොස් ඇති බවට කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යෝජනා කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා මේ යෝජනාව ඉදිරිපත් කර සිටියේ පාර්ලිමේන්තුවේදී වීම විශේෂ සිදුවීමක් වන අතර එම යෝජනාව , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ස්ථිර කිරීමට කටයුතු කිරීම තවත් විශේෂ සිදුවීමකි.

එහිදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ කවුරුන් හෝ ආරම්භයක් ලෙස මෙය සිදු කළ යුතු බවකි.

විචාරකයන් පවසන්නේ ආණ්ඩුව ගනුලැබූ අදූරදර්ශී ක්‍රියාමාර්ග සහ ඒ නිසා ඇතිවූ ජනතා අප්‍රසාදය ඉතාම ඉහළ බැවින් ආණ්ඩුවේ පාර්ශ්ව මේ ආකාරයට නොබියව විවේචන සහ ආණ්ඩුවේ පැවැත්ම අර්බුදයට යවන ලෙස හැසිරෙමින් ඇති බවයි.

මෙය ඉදිරියේදී සිදුවිය හැකි දේශපාලන පුපුරායාමක පෙරනිමිති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව අස්සේ ආණ්ඩුව දෙදරයි : ප්‍රහාරය සුසිල්ගෙන් !

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අර්බුදය ඔඩුදුවා ඇති තත්ත්වය විදහා දක්වමින් ආණ්ඩුවේ ප්‍රබලයන් ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම අරඹා ඇති අතර විවේචනල බරපතළකම අනූව එය දේශපාලන පිපිරීමක ආසන්න තත්ත්වයක් බව දේශපාලන විචාරකයන් පවසයි.

එහි ආසන්නතම සිදුවීමක් අද (22) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

ඒ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීම යි.

එහිදී නව ව්‍යවස්ථාව සකස් කරන ආකාරය සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය ප්‍රසිද්ධියේ පළකර සිටීමට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කටයුතු කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාව මෙන්ම ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පාර්ලිමේන්තු තේරීම් කාරකසභා හරහා සිදුකළද මෙවර ඒ කිසිවක් දැකගන්නට නොමැති බවය.

පාර්ලිමේන්තුව පවතින්නේ නීති සකස් කිරීමට බවත්, වෙන කොහේවත් සකස් කර එවන නීති සිග්නල් කණු මෙන් අත ඔසවා සම්මත කිරීමට තමන් කටයුතු නොකරන බවත් එහිදී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.

විෂය දන්නා තමන් කතා කිරීමට විනාඩි 05ක් වෙන් කර ඇති බවත්, විෂය නොදන්නා අයට පල්හෑලි කතා කිරීමට විනාඩි 15ක් වෙන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

වැටුණු රට හදන්න එජාපය සූදානම් - හිටපු අග්‍රාමාත්‍ය

දැනට රට තුළ තිබෙන දේශපාලන ව්‍යාපාර අතරින් රට ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අවුරුදු පහෙන් පහට රට හදනවා කියා එකක් නැති බවත් අවුරුදු විස්සක්වත් එක මාර්ගයේ යා යුතු බවත් ඔහු පැවසීය.

හිටපු අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින්ය.

බලාපොරොත්තුවත් අනාගතයක් අහිමි වූ රට බාර ගෙන නැවත රටට හෙටක් ලබාදීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

පක්‍ෂ මාරු වුණාට ප්‍රතිපත්ති මාරු විය යුතු නැති බවද පැවසූ ඔහු ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමට නීතිමය රාමුවක් ඇති කළ යුතු බව තව දුරටත් සඳහන් කළේය.

25 වැනිදා සිට ගුරුවරු වැඩ කරන හැටි ..........

පාසල් විවෘත කිරීමෙන් පසු දෙවන දිනටත් ක්‍රියාත්මක ගුරු විදුහල්පති වැඩවර්ජනය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මෙම වැඩවර්ජනය හරහා ගුරු විදුහල්පතිවරු ආණ්ඩුවට දී තිබෙන පණිවිඩය අනුව අයවැයට පෙර සිය වැටුප ලබාදීම ගැන තීරණයක් ගන්නා ලෙසයි එම සන්ධානය සඳහන් කළේ.

මේ අතර ලබන 25 වැනිදා පස්වරු 02.00 න් පසු දැනට පාසල් පැමිණෙන සහ තවදුරටත් නිවෙස් වල සිටින ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් නිරෝධායන නීතිවලට අනුව රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්  කියා සිටියේය.

එළඹෙන අයවැයට පෙර මෙම වැටුප දෙන ආකාරය ගැන තීන්දුවක් නොගත හොත් හතරවන අදියරේදී සියලුම පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නම් එම පහසුකම් නැති දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටද ඒවා ලබාදෙන්නේ නම් පමණක් ඔන්ලයින් ඉගැන්වීම් සිදුකරන බව ගුරු විදුහල්පති සන්ධානය අවධාරණය කරන ලදී.

25 වැනිදා 200ට අඩු දරුවන් සිටින 1- 5 ශ්‍රේණිවල දරුවන්ගේ දෙමව්පියන්ද මෙම ගුරු විදුහල්පති සටන ගැන දැනුවත් කර ඔවුන්ගේ සහයද ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බවයි ඔවුන් සඳහන් කළේය.

මේ අතර ගුරු විදුහල්පතිවරු මෙතෙක් කාලයක් ඉගැන්වීම් කටයුතුවලට අමතරව පාසල් තුළ සිදුකළ සෙසු කටයුතු සියල්ලෙන් වැළකෙන අතර කැඳවා තිබෙන රැස්වීමවලට පස්වරු 01.30න් පසු සහභාගී නොවීමටද තීරණය කර ඇති බව වෘත්තීය සමිති නායකයින් පැවසීය.

යථාර්ථය තේරුම් ගෙන ඉවසීමෙන් හා සංයමයෙන් ක්‍රියා කරමු ! - කරු ජයසූරිය

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සඳහා ඊයේ දිනයේදී විසඳුම් ලැබෙනු ඇතැයි රටම බලාපොරොත්තුවෙන් සිටියද ගැටලුවට විසඳුම් ලැබෙන දිනයක් පිළිබඳව හෝ විශ්වාසය තැබිය නොහැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ නිසි අධ්‍යාපනයක් නොලැබූ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඊයේ දිනයේදී ලබා ගැනීමට අවස්ථාව තිබූ නමුත්, ආණ්ඩුවේ සහ ගුරුවරුන්ගේ නොඉවසිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව අහිමි වූ බවයි එම සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

රට මහා විනාශයක් අභිමුඛව සිටින මේ අවස්ථාවේ දැන්වත් බුද්ධිමත්ව යථාර්ථය තේරුම් ගෙන ඉවසීමෙන් හා සංයමයෙන් ක්‍රියා කරමු !

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවුල ඊයේ විසඳෙනු ඇතැයි මුළු රටම බලාපොරොත්තු වුණා. දැන් එය නැවතත් දුරදිග යන ගැටුමක් බවට පත්වෙලා. සෑම පාර්ශවයක්ම ඉවසීමෙන් ක්‍රියා කළා නම් අවුරුදු දෙකකට පසු දරුවන්ට පාසල් යාමටත් නැවතත් තමන්ට අයිති ළමා කාලය ලබාගැනීමටත් හැකිව තිබුණා.

මෙය ඉතා අවාසනාවන්ත සිදුවීමක්. එකඟ වීමට තිබුණේ දින තුනක (පැය 72 ක) වෙනසක්. පසුගිය වකවානුවේදී ගුරු වෘත්තියට දේශපාලකයින්ගෙන් හා පොලීසියෙන් විවිධ අඩන්තේට්ටම්වලට හා අපහාසවලට මුහුණ දීමට සිදුවුණා. මිනිස් හැඟීම් රජය විසිනුත් තේරුම් ගත යුතුයි.

දැන්වත් පලිගැනීම් නවතා වහසිබස් නොදොඩා, ලබන සඳුදා ගුරුදෙගුරු ආශිර්වාද මැද පාසල් වැඩ ආරම්භ කරන ලෙස ජාතියේ නාමයෙන් සියලු පාර්ශවවලට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආයාචනය කරනවා.

කොම්පෝස්ට් පොහොර ප්‍රශ්නයද ඔඩුදුවා ඇති මෙම අවස්ථාවේදී එය විශාල විනාශයකට හේතු වන්නට ඉඩ ඇති බව අපට පෙනී යනවා. රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර භාවිතය පාරිසරිකව ඉතා වැදගත් වුවත්, ලෝකයේ කිසි රටක් ගොවීන්ට මාස කිහිපයකින් පොහොර භාවිතය වෙනස් කිරීමට බල කළේ නැහැ. එය කෙසේවත් කළ නොහැකියි. කොම්පෝස්ට් පොහොර භාවිතය විශාල පරිමාණයෙන් ආරම්භ කළ භූතානය පවා දැන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට 2030 වර්ෂය දක්වා බලා සිටිනවා.

මේ සියල්ලටම වඩා අපගේ අවධානය යොමුව ඇත්තේ ජනතා කෝපයටයි. මාධ්‍ය වාර්තා අනුව ඉහළ ගිය ජීවන වියදම් පීඩනයටද පත්ව සිටින ගොවීන් හා ජනතාව පාරට බැස්සොත් මහා ලේ වැගිරීමක් ඇතිවෙන්න පුළුවන්. එයට ඉඩ තබන්න එපා. රට තවත් විනාශ වේවි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රටේ පිළිගත් විද්වතුන් රජය ගත් පියවර අනුමත කරන්නේ නැහැ. මේ ගැන ඔවුන් ප්‍රසිද්ධ ප්‍රකාශ කර තිබෙනවා. දැනට විවිධ රටවලින් පොහොර ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. රජය එය සිදු කළ යුතුව තිබුණේ මීට මාස හයකට පමණ පෙර මෙම පොහොර අත්හදා බලා ගොවීන්ට විශ්වාසය ඇති කර දීමයි. දැනට ආනයනය කරන විවිධ පොහොර වර්ග එවැනි පරීක්ෂණයකට හෝ අත්හදා බැලීමකට යටත් වී නැහැ.

බලධාරීන්ට අප මේ අවස්ථාවේදී යෝජනා කරන්නේ බිම් මට්ටමේ යථාර්ථය වටහා වටහාගෙන ගොවීන්ගේ හඬටත් කන් දෙන ලෙසයි. මේ අප ජාත්‍යාලයෙන් කෙරෙන ගෞරවනීය යෝජනාවක්.

දේශබන්දු කරු ජයසූරිය සභාපති,

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ලසන්ත ඝාතනය ගැන නීතිපතියේ තවත් දැනුම්දීමක් !

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්, හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න අත් අඩංගුවට පත් වීමේ අවධානමක් නැති බව, නීතිපති ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දි ඇත.

ලසන්ත වික‍්‍රමතුංග මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (ශානි අබේසේකර එහි අධ්‍යක්ෂ ධූරය දැරූ සමයේ දී), ලසන්ත ඝාතනයට සම්බන්ධ තොරතුරු විනාශ කළ බවට චෝදනා කරමින් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත්තේ ය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව , හිටපු පොලිස්පතිවරයා වූ ජයන්ත වික‍්‍රමරත්න අත් අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේ දී හිටපු පොලිස්පතිවරයා, තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

තමන් අත් අඩංගුවට ගැනීව වළක්වන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ විභාගයට ගැනිණ.

එම අවස්ථාවේ දී නීතිපති නියෝජනය කරමින් පැමිණි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ, හිටපු පොලිස්පතිවරයා අත් අඩංගුවට පත්වීමේ අවදානමක් නැති බවයි.

ඒ අනුව, හිටපු පොලිස්පතිවරයා ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ දිනයේ දී ඉල්ලා අස්කරගෙන තිබේ.

චම්පිකගේ දුරකථන සංවාද හොරෙන් අහලා : මාට්ටු අය මෙන්න !

නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කොට ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක චෝදනා කරයි.

ඒ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109:06 වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශය තුළ සිදුවේ යැයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉන් දන්වා තිබූ බවත් රණවක මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

“ඒ නොතීසිය මා වෙත එව්වෙ ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මැතිතුමා. එහිදී විශාල මාධ්‍ය ප්‍රචාරයක් ආණ්ඩුවේ මාධ්‍යවලින් ප්‍රකාශ කළා. මම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ඉන්න කාලේ රුපියල් මිලියන 150 ක් අවභාවිතාවක් කළාය කියලා ප්‍රචාරක වැඩ කටයුත්තක් ගැන. නමුත් ඒ නොතීසිය තිබුණේ රුපියල් මිලියන 75 ක ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න. අපේ හිටපු අග්‍රාමාත්‍යතුමාගෙ අමාත්‍යාංශයෙන් එවපු ලිපියකට අනුකූලව අදාළ අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කරන්න කියලා ඒ ලිපියෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ ඉල්ලීම සම්බන්ධයෙන් මම අපේ ලේකම්තුමා ඇතුළු ඒ කාලේ හිටපු අපේ නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු ඒ කණ්ඩායමත් එක්ක කළමනාකරණ රැස්වීමේ මූලාසනය දරුවද කියලා ඇහුවා. මං කිව්වා ඔව් කියලා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. අපි හැමදාම කළමනාකරණ රැස්වීම් පැවැත්වූවා. ඒ අනුව ඒ පැවැත්තුවද කියලා.”

සාමේකච්ඡාව ඉදිරියට යද්දී 2018 සහ 2019 වර්ෂවල තම දුරකතන සංවාදයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සවන් දී ඇති බව මෙහිදී හිටපු අමාත්‍යවරයාට දැනගැනීමට ලැබී තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වෙනි වගන්තියට අනුව එවැනි විමර්ශනයක යෙදෙන පොලිස් නිලධාරීන්, දුරකථන සංවාද සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ අවසරයක් ලබා ගත යුතුය .

“මම ඇහුවා එවැනි අවසරයක් ගත්තද මගේ දුරකථන වලට සවන් දෙන්න මහේස්ත්‍රාත්වරයාගෙන්? ඔවුන් මට ප්‍රකාශ කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ විසින් ඒවා ඔවුන්ට ලබා දීපු බව. එතකොට එවැනි මහේස්ත්‍රාත් අවසරයක් තිබුණු නැති බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මගේ ඒ ප්‍රකාශයේ ඒ බවත් මම සඳහන් කළා.”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම පුද්ගලිකත්වයට ඇති අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන් භුක්ති විදින පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල මෙහිදී නීති විරෝධීව උල්ලංඝනය කොට තිබෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 2 වැනි වගන්තිය මගින් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද දැක්වෙන එහි 7 වැනි වගන්තිය මගින් ද මේ වරප්‍රසාදයන්ට අමතරව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සතු වරප්‍රසාද ද මීට අයත් වන බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

“ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු ප්‍රධාන වරප්‍රසාදයක් වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එම වරප්‍රසාදය නිරුක්ති කර ගැනීමේදී මේ වන විට මේ රට තුල බලාත්මක වන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිළිබද සම්මුතියේ 19 වෙනි වගන්තියේ සඳහන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දේශ සීමා හා මායිම් තුළ නොසිට හා තොරතුරු හා අදහස් සොයා යාම ලබා ගැනීම හා බෙදාහැරීමේ නිදහස තම අදහස් වාචිකව ලිඛිතව මුද්‍රිතව ඕනෑම ආකාරයකින් වෙනත් මාධ්‍යයක් තුළින් ප්‍රකාශ කළ හැකි බවයි. ඉහත කී පසුබිම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම දුරකථනය එම අදහස් ප්‍රකාශ කිරීම සඳහා අත්‍යන්තයෙන්ම උපකාරී වන මෙවලමක් ඒ තුළ මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික නිදහසට යටත් වන තොරතුරක් වන තමන් සතු වරප්‍රසාද තොරතුරක්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ පාර්ලිමේන්තු වරප්‍රසාදය උල්ලංඝනය කරලා තියෙන බව මගේ හැඟීමයි.”

නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන්ට අදාළ දත්ත, අදාල දුරකථන සේවා සැපයුම්කරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුදාහැරීම මගින් අදාළ සේවා සැපයුම්කරුවන් ද තම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු වරප්‍රසාද කඩ කිරීමට අදාළ විධිවිධාන පනතේ 22 වෙනි වගන්තිය මඟින් ප්‍රතිපාදනය කරලා තියෙනවා. මා කියා සිටින්නේ ඉහත වරප්‍රසාද කඩ කිරීමේ පනතේ ආ පරිශ්ඨයේ දහවෙනි වගන්තිය යටතට ගැනෙන වරද බවයි මේ. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හා අදාළ දුරකථන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවා මූලික පරීක්ෂණයක් සිදුකරන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම එකී මූලික පරීක්ෂණයෙන් අනතුරුව, 22:2 වගන්තියට අනුව, මෙම වරප්‍රසාද කඩකිරීම පනතේ, සඳහන් කොට ඇති වරදක් සිදුකොට ඇති බව, බැලූ බැල්මට පෙනී යන්නේ නම්, පනතේ 23 වෙනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සිදුකරන ලද විමසීමකින්, දඬුවම් කළ හැකි වරදක් බවත්, මා මේ අවස්ථාවේ ඔබතුමාට සිහිපත් කරනවා.”

ඒ අනුව, මගේ වරප්‍රසාද උල්ලංඝනයට අදාළ පැමිණිල්ල පිළිබඳ පනතේ 25 වෙනි වගන්තිය මගින් සලසා ඇති ප්‍රතිපාදන මත කටයුතු කිරීම සඳහා ගරු කථානායකතුමා විසින් නීතිපතිවරයාගෙන් වාර්තාවක් කතානායකතුමන් වෙත කැඳවන මෙන්ද එසේ කැඳවන වාර්තාව සභාගත කරන මෙන්ද එම වාර්තාව පදනම් කරගනිමින් පාර්ලිමේන්තුව තුළ සිදුකරන යෝජනා සම්මතයක් මගින් පනතේ 23 වෙනි වගන්තිය යටතේ කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද මෙනයින් මම ඉල්ලා සිටිනවා”

“මම අසවලාට කතා කළාය කියලා පණිවිඩයකින් හොයාගන්න මේ අපි දන්න තොරතුරු තාක්ෂණ දත්ත පද්ධතිය ඇතුළෙ නම් කරන්න බෑ. එකම ක්‍රමය පණිවිඩ වලට ඇහුම්කන් දෙන්න, ලබා දුන්නේ කවුදැයි කියන එක සම්බන්ධයෙන් වෙච්ච යම් සුවිශේෂී තාක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබුනොත් පමණයි. අපි කවුරුත් දන්නවා මේ පසුගිය කාලේ ප්‍රධාන පෙළේ පිරිස් ප්‍රංශයේ ජනාධිපති මැකෝන් ඒ වගේම ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි. මෙවැනි අයගේ පවා පණිවිඩ වලට ඒ ඒ රජයන්වල හෝ වෙනත් විදේශ රජයන් වල ඇහුම්කන් දීලා තිබෙන බව. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා පෙගසස් නමින් ඊශ්‍රායලයේ නිර්මාණය කරන ලද ඒ තාක්ෂණ මෙවලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තියෙනවද? එසේ නැත්නම් සාමාන්‍ය දුරකථන ඇමතුමක් නොවන ඇමතුමක් පිළිබඳ තොරතුරු ඔවුන් දැනගත්තේ කෙසේද කියන එක ගැනත් පරීක්ෂණ කරන්න” යනුවෙන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

– media unit

SLIIT ආයතනයත් විනාසයි : රජයට පවරා ගැනීමේ සූදානමක් !

පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන මාලඹේ ස්ලිට් (SLIIT) හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රජයට පවරා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට අදාළ යෝජනාව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත්කර ඇත.

ස්ලිට් ආයතනය ආරම්භ කර තිබුණේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තිබු මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට මුදල් උපයාගැනීමේ අරමුණින් යුතුවය.

එසේ ආරම්භකර තිබු ස්ලිට් ආයතනය පවරාදීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මිට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණිල්ලක් සිදුකර තිබිණ.

මෙම පවරාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසන් සභාවක්ද පත්කර තිබිණ.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් ද පසුගියදා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටු සාමාජිකයකු පැවසුයේ, මෙම පවරා දීමේදී දුෂිත ගනුදෙනුවක් සිදුව ඇතිබවට අනාවරණය වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් හෙට (22) පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන බවද ඔහු කියා සිටියේය.

මේ අතර මාලබේ SLIIT ආයතනය රැකගැනීම සඳහා යැයි කියන සමාජ මාධ්‍යය මෙහෙයුමක් ද මේවනවිට ආරම්භවී තිබේ.

#savesliit :SLIIT එකේ ලාබයට මාන බලන බලවතුන් කවුද?

246034439 1244661182707496 5633608614769299210 n

slitt

#savesliit - SLIIT එකේ ලාබයට මාන බලන බලවතුන් කවුද? යන තේමාවෙන් යුතුව එම මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ, ලෝකය පුරා සිටින SLIIT උපාධිධාරීන්, සිසුන්, දෙමාපියන් පිරිසකගේ මැදිහත්වීමෙන්ය.

ඊට අනුව SLIIT ආයතනයේ මුදල්වලට මාන බලන බලවත් දේශපාලකයෙක් සහ නිළධාරීන් පිරිසක් SLIIT ආයතතනය විනාශයට දක්කන්නට යන බව #savesliit සඳහන් කරයි.

ඉහතින් දක්වා ඇති ආකාරයට #savesliit විසින් ප්‍රකාශිත සමාජ මාධ්‍ය සටහනක මෙසේද සඳහන් වේ.

මහපොල අරමුදලෙන් ලබාගත් ආයෝජන ණයක් මත 1990 දශකයේ අග භාගයේදී ස්ථාපිත කරන ලද SLIIT ආයතනය, එම සියලුම ණය මුදල් ආපසු ගෙවීමෙන් පසුව 2017 වසරේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකින් පසුව, ලාබ නොලබන පුද්ගලික ආයතනයක් ලෙස නිත්‍යානුකූලව හඳුනාගෙන තිබේ.

නමුත් මෑතකදී, නැවතත් SLIIT ආයතනය මහපොලට පවරාගත යුතු බව පවසමින් කෝප් කමිටු වාර්තා දෙකක්, පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලද අතර නුදුරේදීම ඒවා විවාදයට ගැනීමට නියමිතය.

වැඩි පිරිසකට ලාබදායී මුදලකට උපාධි ලබාදෙන්නට යැයි පවසමින්, ඔවුන් මේ උත්සහ කරන්නේ, ලාබය කොල්ලකෑමට බව #savesliit සඳහන් කරයි.

දැනටමත් ඉතාමත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබාදෙමින්, ජාත්‍යන්තර සිසුන්ට පවා ස්ලිට් අධ්‍යාපනය ලබාදෙයි. එතරම් යහපත් සහ දියුණු සේවාවක් සිදුකරන මෙම ආයතනය, කෙටි කලකින් දේශපාලකයින්ගේ සාක්කු පුරවන පාඩු ලබන ආයතනයක් වනු ඇති බවට ඔවුන් පුරෝකතනය කර ඇත.

මාලඹේ SLIIT ආයතනයටත් සතොසට වූ දේ සිදුවන බවත්, එම ආයතනය බේරාගැනීමේ මෙහෙයුම වශයෙන් #savesliit මෙහෙයුම ක්‍රියාත්මක වේ.

කාදිනල්ගෙන් ආණ්ඩුවට ඉතාම බරපතළ චෝදනාවක් !

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් එල්ල කර ඇත.

ඊට අදාළව සිරස මාධ්‍ය ජාලයේ පලවූ වීඩියෝවක උන්වහන්සේ ප්‍රශ්න කර සිටින්නේ තමන් නිර්දෝෂී නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ඉඩ නොදෙන්නේ මන්දැයි යනුවෙනි.

පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා ගැනීමේ කාර්යය සඳහා පොරොන්දු වූ විමර්ශණය කෙසේ දැයි යනුවෙන්ද හිමිපාණන් විමසයි.

එසේම වරද කළ අය උත්සාහ කරන්නේ අන් අය පිට වරද පටවා තමන් නිදහස් වීමට බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අදාළ විමර්ශන නිලධාරීන්ට බලය නොදී සත්‍ය යටපත් කරන්නට උත්සාහ දරන්නේ මන්දැයි හිමියන් තවදුරටත් විමසයි.

අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න කිසිවකු උත්සාහ කළා නම් එම බලය භුක්ති විඳින්නට ඉඩ නොලැබෙන බවද රදගුරුතුමන් කියා සිටියහ.

අදාළ වීඩියෝව පහත දැක්වෙයි.

සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,562 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 19 ක් අද (21) වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,562 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 11 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 8 දෙනා කාන්තාවන් ය.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 4 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 15 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (21) වාර්තා කරන ලද මෙම මරණ 19 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  ඊයේ දින තහවුරු කර ඇත.

මෙරට පළමු සය නිවුන් දරු උපතක්

ශ්‍රී ලංකාවේ පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී සිදුවිය.

පියා යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වන අතර මව 31 හැවිරිදි වියේ පසු වන අතර මා පිය දෙපළ කොළඹ IDH ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

එම මවට දාව උපන් එම දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බව රෝහල් බලධාරීහු පවසති.

එම දුර්ලභ දරු උපත සිදුවී තිබුණේ මධ්‍යම රාත්‍රී 12.16ත් - 12.18ත් අතර කාලයේ දීය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සිසේරියන් සැත්කමක් මඟින් දරු උපත සිදුවී තිබුණි.

”අපි ස්කෑන් කර කර බැලුවා බබාලාගේ වර්ධනය කොහෝම ද සහ ලේ ගමනා ගමනය කොහොමද කියලා. ඒ අවස්ථාවේ අපිට තීරණය කරන්න වුණා. එක් අවස්ථාවක බබාලා දෙන්නෙක්ගේ ලේ ගමනාගමනය ටික ටික අඩුවෙන්න යනවා. කියලා. ඒ මොහොතේ තීරණය කරලා අම්මාගේ සෞඛ්‍ය තත්ත්වයත් ගැන හිතලා සති 31 තමයි හොඳම කාලය කියලා මොකද පොත්වලවත් සඳහන් නැහැ. ඒ අනුව තීරණය කළා. මේ ඩිලිවරි එක කරන්න. අද පාන්දරව නිරෝගිව ඒ බබාලා බිහි කළා.” – වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් –

දරුවන් හයදෙනා අතරට ගැහැණු දරුවන් තිදෙනෙකු අයත් ය.

WhatsApp Image 2021 10 21 at 15.40.30 1

ලංකා IOC තෙල් මිල ඉහළට

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබේ.

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් වැඩි වීමට නියමිතය.

නැනෝ නයිට්‍රජන් හිතන තරම් වැඩ නෑ : විශේෂඥ අනාවරණය මෙන්න !

නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩිකර ගැනීමේ අපේක්ෂාව ඉටු කරගත නොහැකි බව විශේෂඥ මතය වී තිබේ.

එසේම ඒ හරහා හරිත කෘෂිකර්මාන්තයක් සදහා වන අපේක්ෂාවන් ඉටු කර ගත නොහැකි බවත් ඔවුන් පවසයි.

මේ විශේෂඥ අදහස් දැක්වීම සිදුකර ඇත්තේ මෙරට දිවයිනේ විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම පීඨවල සහ තාක්ෂණික පීඨවල ආචාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කෘෂිකර්ම හා සම්බන්ධ ක්‍රියාකාරී කමිටුව විසිනි.

ඔවුන් සිදුකළ විද්‍යාත්මක සොයා බැලීමේදී මේ කරුණු අනාවරණයවී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

යූරියාවලට වඩා මිල අධික නැනෝ නයිට්‍රජන් දියරමය පොහොර කාබනික පොහොරක් නොවන බවට ශාකයක නයිට්‍රජන් අවශ්‍යතාවය මෙමගින් සැපිරීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවද එම සමිති සම්මේලනය සඳහන් කරයි.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ශාකයක පත්‍ර මතට ඉසින බැවින් ඒ සඳහා නවීන ඩ්‍රෝන් තාක්ෂණය යොදා නොගෙන විශාල වපසරියකින් යුත් කෘෂි ක්ෂේත්‍රවලට සහ වඩා උසකින් යුත් බඩඉරිඟු හා උක් වැනි ගස්වල පත්‍රවලට දියර පොහොර යෙදිය නොහැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම දියර පොහොර යූරියා පොහොරවලට වඩා මිල අධික හෙයින් ගොවීන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද මෙම පොහොර භාවිතයෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ගත නොහැකි බවද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි.

ගුරු වර්ජනය සාර්ථකයි - ජෝසප් ස්ටාලින්

අද (21) පාසල් යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබුණද ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගෙනයන වැඩවර්ජනය හේතුවෙන් පාසල් ආරම්භ කිරීමට දැඩි බාධා එල්ල වී ඇති අතර,  රටේ බොහෝ ප්‍රදේශවල ගුරුවරුන් බහුතරයක් වර්ජනයේ නිරතවෙමින් සිටින අතර සිසුන්ගේ පැමිණීමද ඉතා සීමිත වී ඇති බවයි වාර්තා වෙයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  පවසන්නේ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. 

දකුණේ ගුරුවරුන් වර්ජනයේ නිරත වුවද උතුරු නැගෙනහිර වර්ජනය ක්‍රියාත්මක නොවන බවට සරත් වීරසේකර වැනි ඇමතිවරුන් ප්‍රකාශ කළද අද දිනයේදී උතුරු නැගෙනහිර පවා වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ස්ටාලින්  පවසයි.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගෙනයන වැඩවර්ජනය සඳහා දෙමව්පියන්ගෙන්ද සහාය ලැබී ඇති බවත්, බොහෝ පාසල්වල කිසිදු දරුවෙකු පාසලට පැමිණ නොමැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

වර්ජනයේ නිරත ගුරුවරුන් විසින් සිය පාසල්වල තත්වය පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය හරහා තොරතුරු ප්‍රකාශයට පත්කර ඇති අතර බොහෝ පාසල්වලට පැමිණ තිබෙන්නේ ආරක්ෂාව සඳහා යොමුකළ පොලිස් නිළධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් පමණි.

ඇතැම් පාසල්වලට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල නිළධාරීන්ද පැමිණ ඇති බව වාර්තා වෙයි.=

ගුරුවරුන් අද ලබාදුන් පණිවුඩය ආණ්ඩුව හොඳින් තේරුම් ගතයුතු බවත්, අමාත්‍ය අනු කමිටුව විසින් යෝජනා කළ වැටුප් වැඩිවීම කඩිනමින් ලබාදීමට ක්‍රියා කළයුතු බවත් ගුරු සංගම් පවස‍යි.

ලබන 25 වැනිදා ගුරුවරුන් සේවයට වාර්තා කළද වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ සටන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති පවසයි. ඒ අනුව ඉදිරියේදී උද්ඝෝෂණ= ක්‍රියාත්මක කිරීමටද ගුරු සංගම් තීරණය කර තිබේ.

LNW

Page 335 of 386