V2025

පුවත්

කොරෝනා මරණ ගැන තැතිගන්වන අනාවරණයක් !

ශ්‍රි ලංකාවේ මේ වන විට දිනකට වන මරණ අනුපාතය ඉන්දියාවේ මෙන් 10 ගුණයක් යැයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

ඒ, සිය ට්ව්ටර් ගිණුම හරහා සංඛාලේඛන සහිතව ප්‍රකාශයක් නිකුත් කරමිනි.

002

එසේම මහාචාර්යවරයා පවසන්නේ, ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුවන කොරෝනා මරණ සමාන්‍යය ඉන්දියාවේ උපරිම කොරොනා මරණ සිදුවූ අවස්ථාවටත් වඩා ඉහළ අගයක් ගන්නා බවය.

මීට පෙරද මහාචාර්ය අගම්පොඩි ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරිමට ගත් ප්‍රවේශය හේතුවෙන් දිනකට පුද්ගලයන් 150-200 ක් පමණ ආදාහනය කල හැකි සමූහ ආදාහනාගාර ඉදිකිරිමට කාලය පැමිණ ඇති බවයි.

අදාළ දත්ත වගු පහත පරිදි මහාචාර්යවරයා විසින් ට්වීටර් ගිණුමට එක්කර තිබිණ.

030

කොරෝනා මරණ 111යි : සිරුරු තදබදයට අලුත් තීන්දුවකුත් එයි !

තවත් කොරෝනා මරණ 111 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර , අද (09) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනය කර ඇත.

එය මෙතෙක් මෙරටින් වාර්තා වූ දෛනික ඉහලම මරණ ප‍්‍රමාණයයි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

11111

නිරෝධායනය නොකළ පවුලක මරණයක් නම් PCR නෑ !

මේ අතර කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, නිරෝධානය නොකල පවුලක යම් සාමාජිකයකු මියගියහොත් ඔහුගේ මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය මගින් මරණ පරීක්ෂකවරුන්ට පැවරූ බවය.

අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය දැනුම්වත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂකවරුන්ට ලිඛිතව මේ වනවිටත් දන්වා ඇතැයි වෛද්‍යවරයා අධ්‍යක්ෂවරයා කීය .

යම් පුද්ගලයකු නිවසේදී හෝ රෝහලක දී මියගියහොත් ඔහුගේ හෝ ඇයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර පි.සි.ආර්.පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබීමෙන් මෘත ශරීරාගාරවල ඇතිවන තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

යම් පුද්ගලයෙක් සැකකටයුතු අයුරින් මියගොස් තිබුනොත් හෝ සියදිවි නසාගෙන මියගොස් තිබුනොත් සුපුරුදු නීතිමය කර්තව්‍යයන් සිදු කරන බව අධ්‍යක්ෂකවරයා කිය

මෙම තීරණය හේතුවෙන් රෝහල්වල මෘත ශරීරාගාරවල මළ සිරුරු තැන්පත් කිරීමේදී පවතින ගැටලු සහගත තත්ත්වයන්වලට පිළියමක් වනු ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

ගුරු සංගම් වෙතින් පොලිපතිට ලිපියක් !

උද්ඝෝෂණයේ සහ විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදුණු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ව අනීතික ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.

මෙරට ප්‍රබලම ගුරු සංවිධාන 24ක් නියෝජනය කරමින් අදාළ පැමිණිල්ල අද (09) සිදුකර තිබේ.

එහිදී 2021 අගෝස්තු 04 වනදා කොළඹ පැවති විරෝධතා උද්ඝෝෂණයට සහභාගීවී පෙරළා යමින් සිටි ගුරුවරුන් - විදුහල්පතිවරුන් ඇතුළු 44 දෙනෙකු පොලිසිය විසින් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගැනීම ඇතුළු දීප ව්‍යාප්තව පැවති තවත් ගුරු - විදුහල්පති විරෝධතා වලදී සිදුව ඇති අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව එහිදී පොලිස්පතිවරයාට පෙන්වාදී ඇත.

එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ, පොලිසියේ මේ අත්තනෝමතික ක්‍රියාව වළක්වන ලෙසය.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පොලිස්පතිට යොමුකළ අදාළ ලිපිය පහත දැක්වෙයි.

police l 950px

මර්දනයට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් සටනට : සංකේත වර්ජනය හෙට !

මෑත කාලීනව ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත් සාමකාමී ලෙසත් ගෙන ගිය විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව විසින් ගන්නා ලද උත්සාහයන්ට විරෝධය දැක්වීමට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංකේත වර්ජනයක් කැඳවා ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ සංකේත වර්ජනය හෙට (10) කැඳවීමටය.

මේ පිළිබඳ අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

“විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය 2021.08.06 දින කැඳවූ හදිසි නියෝජිත මණ්ඩල රැස්වීමේ දී කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම් පතට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනත් අසාධාරණකම්වලට එරෙහිව සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතා ව්‍යාපාර මැඩපැවැත්වීම සඳහා රජය විසින් අනුගමනය කරන ලද බියගැන්වීමේ හා හිරිහැර කිරීමේ උපක්‍රමවලින් සමන්විත වූ මෑත සිදුවීම් මාලාව පිළිබඳව සාකච්ඡාට ගැණින.

ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ අරගල මැඩපැවැත්වීම සඳහා, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් සහ අනෙකුත් පාර්ශවයන් තුළ භීතියක් ඇති කිරීමට උත්සාහ කිරීමේ රජයේ උපක්‍රමය සහෝදර සංගම් නියෝජිතයින්ගේ දැඩි කණස්සල්ලට සහ අප්‍රසාදයට ලක්විය. අප සාමාජිකයන් ද මෙම මර්දනයේ ඉතා ඉක්මන් ඉලක්ක බවට පත් විය හැකි බව පුරෝකථනය කළ මණ්ඩලය නොපමාව ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඒකමතිකව තීරණය කරන ලදී. රජයේ මෙම මර්දනකාරී ක්‍රියාකලාපය පිළිබඳව විරෝධය පළ කිරීම සඳහා ක්‍රියාකාරකම් මාලාවක් තීරණය කළ සංගමය, එහි එක් පියවරක් ලෙස සියලුම සහෝදර සංගම්වල පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව 2021 අගෝස්තු 10 එක් දින සංකේත වර්ජනයක් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හී ක්‍රියාත්මක කිරමට තීරණය කරන ලදී.”

ගෑස් පෝලිම් ඇරඹේ : ඊළඟට ඉන්ධන - කිරිපිටි ?

මෙරට නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් දක්නට ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

දැනට සති කිහිපයක සිට වෙළඳපොල තුළ ලාෆ් (කහ ) ගෑස් බෙදාහැරීම නැවතී ඇත. එසේම මේ වන විට වාර්තා වන්නේ ලිට්‍රෝ (නිල් ) ගෑස් ලැබීමේද ප්‍රමාදයක් ඇති බවයි.

මාතර ඇතුළු නගර කිහිපයක හිස් ගෑස් ටැංකි තබා ගත් පිරිස් ගෑස් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු දැක්වෙන ජායාරූප තවදුරටත් සමාජ මාධ්‍ය ජාල අතර හුවමාරු වෙමින් තිබෙයි.

හර්ෂගේ අනතුරු ඇඟවීම !

මේ අතර විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසන්නේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඉන්ධන ආනයනය නැවතීමට ඉඩ ඇති බවට බලශක්ති ඇමතිවරයා අනතුරු අඟවා ඇති බවයි.

ඉන්ධන සැපයුම අඩාල වුවහොත් රටේ ජනතාව දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද ඔහු පැවසීය.

දැනටමත් මෙරට ගෑස් ආනයන සමාගමක් ගෑස් ආනයනය නවතා ඇති බවත් ඉන් අසරණ වූ පාරිභෝගිකයන්ට තවමත් විසඳුම් ලැබී නැති බවත් ඔහු කියා සිටී.

කිරිපිටි ආනයනය අත්හිටුවීමට ද සමාගම් තීරණය කර ඇති ඇති නිසා වෙළඳපල තුල කිරිපිටි හිගයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

කොරෝනා වසංගතයක් සමඟ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයිද ඔහු කියා සිටියේය.

ලෝ ප්‍රකට ඇසෝෂියේටඩ් ප්‍රෙස් (AP) මුල් පුටුවට ඩේසි වීරසිංහම් !

ලෝ ප්‍රකට අන්තර්ජාතික පුවත් සේවාවක් වන ඇසෝෂියේටඩ් ප්‍රෙස් (AP) විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් සහ ආයතනයේ ජ්‍යේෂ්ඨයෙකු වන ඩේසි වීරසිංහම් පත් කර ඇත. මෙම පත්වීම, 2022 ජනවාරි 01 දා පටන් ක්‍රියාත්මක වේ.

ඩේසි වීරසිංහම්, මේ වන විට AP හි විධායක උප සභාපතිනිය සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ලෙස කටයුතු කරයි.

ඇසෝෂියේටඩ් පුවත් සේවයේ වසර 175 ක කීර්තිමත් ඉතිහාසය තුළ එහි ඉහළම තනතුර සඳහා කාන්තාවක පත් වන පළමු අවස්ථාව මෙයයි. තවද එම තනතුරට පත් වන පළමු සුදු ජාතික නොවන කාන්තාව මෙන්ම පළමු අන්තර්ජාතික පුරවැසියා වන්නේ ද ඇයයි.

51 හැවිරිදි ඩේසි වීරසිංහම්, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වුවද, ඇගේ සම්භවය ශ්‍රී ලංකාවේ ය. ඇගේ දෙමාපියන් ශ්‍රී ලංකාවෙන් 1970 දශකයට පෙර බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ දමිල ජාතිකයන් වේ.

පුරා වසර 17 ක් ඩේසි වීරසිංහම් ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් ආයතනය සමග කටයුතු කර ඇති අතර, පුවත් සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් සජීවී වීඩියෝ විකාශ යනාදිය සමග එය නව තාක්ෂණය වෙත කැඳවාගෙන යන්නට සමත් වූවාය. එමගින් පුවත් සේවයේ ග්‍රාහකයන්ගේ විවිධාංගීකරණය ඉහළ ගියේය. ප්‍රධාන ආදායම් නිලධාරිනිය වශයෙන් ද ඇය විශාල වැඩ කොටසක් සිදුකර තිබේ. මාධ්‍ය වේදයේ නව ව්‍යාපාර ආකෘති හඳුන්වා දීම ද ඇගේ විෂයන් අතර වේ. 2004 වසෙර්දී ඩේසි වීරසිංහම් ඇසෝෂියේටඩ් පුවත් සේවය සමග එක් වන්නේ අලෙවි අධ්‍යක්ෂවරිය ලෙස ය. AP Global Media Services සහ වීඩියෝ අන්තර්ගතයන් සම්බන්ධයෙන් යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාව, ආසියාව සහ ඔස්ට්‍රේලියාව යන කලාපවල ට සපයන අන්තර්ගනයන්ගේ වරලත් බව ලබාදීම (licensing) ඇයට පැවරී තිබිණි. එහිදී ඇය ඉහළ සාර්ථකත්වයක් පෙන්වා තිබේ. නීති උපාධියක් සහිත ඩේසි, මීට පෙර ෆයිනෑන්ෂියල් ටයිම්ස් වැනි මාධ්‍ය ආයතනවල ද සේවය කර ඇත.

අසෝෂියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදීන්, මාධ්‍යකරණය සඳහා පිදෙන ඉහළම අන්තර්ජාතික සම්මානය සේ සැලකෙන පුලිට්සර් සම්මාන 6 ක් දිනා ඇති අතර, ලෝකයේ මහජන සේවා මාධ්‍යකරණය සඳහා පිදෙන පළමු රන් පදක්කම දිනා ගත්තේ ද ඔවුන් විසිනි.

‘‘මේ තනතුරට ඩේසි තරම් සුදුසු වෙන අයෙකු නැති බව මගේ හැඟීමයි. ඇගේ අත්දැකීම්, විනිශ්චයන් සහ අගනාකම් විසින් ඇසෝෂියේටඩ් ප්‍රෙස් වෙතට අනර්ඝ නායකත්වයක් සපයනු ඇති.‘‘ එසේ ඇයට සුබ පතන්නේ මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ස්ටීවන් ආර්. ස්වාට්ස් විසිනි.

‘‘ඩේසි වීරසිංහම්, තමන් නායිකාවක බව සනාථ කළ අයෙක්. අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් ඇය සතුයි..‘‘ යනුවෙන් AP පුවත් සේවය, සිය මාධ්‍ය ආයතනයේ සුක්කානම භාර ගැනීමට නියමිත ඉතිහාසයේ පළමු කාන්තාව පිළිබඳ කියා තිබේ.

ලොවෙන් අඩක් AP ග්‍රාහකයන් ය.

ලෝකයෙන් භාගයක් පමණ ඇසෝෂියේටඩ් ප්‍රෙස් ග්‍රාහකයන් බවට දිනපතා පත් වන බව මේ අතර වාර්තා වේ. මේ අනුව ඇය ප්‍රධාන තනතුරට පත් වන්නේ ලෝකයෙන් භාගයක්ම ඇසුරු කරන මාධ්‍යයක ය. වසර 15කට පසු ප්‍රථම වතාවට, ඇසෝෂියේටඩ් ප්‍රෙස්හි ආදායමෙන් 40%ක් ලැබෙන්නේ ඇමරිකාවෙන් පිටත ලබාදෙන පුවත් සේවාවන්ගෙනි.

ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවය ප්‍රවෘත්ති 2,000 ක්, ඡායාරූප 3,000 ක් සහ වීඩියෝ 200 ක් ලබාදෙයි. අපක්ෂපාතී බව සහ කරුණු මත පදනම් වූ ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම ඔවුන්ගේ වසර 175 ක සාර්ථකත්වයේ රහසයි.

අමාලි ජයවීර - www.outboundtoday.com

සැප්තැම්බර් පාසල් විවෘත කරනවාද : GL කියන කතාව (වීඩියෝ )

දැනට රට තුළ පවතින වසංගත තත්වය හේතුවෙන් කලින් සැලසුම් කර තිබූ පරිදි එළැඹෙන මස මුල් සතියේ පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල් පීරිස් සදහන් කරයි.

ඇමතිවරයා බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම සියලු ගුරුවරුන්ටත් අනධ්‍යන කාර්ය මණ්ඩලයවලටත් එන්නත් ලබා දී ඉන් අනතුරුව සැප්තැම්බර් මුල් සතියේ ක්‍රමානුකූලව පාසැල් විවෘත කිරීමට කලින් සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය.

නමුත් පවතින වසංගත තත්වය යටතේ එය කළ නොහැකි බවත් ගුරු වෘත්තීය සමිති විසින් දැනට ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගය ද ඊට බලපෑ බවත් ඔහු සඳහන් කළේය.

කිරිපිටි වෙළෙඳපොළේ හිඟ වුණේ ඇයි ?

කිරිපිටි වෙළෙඳපොළේ හිඟ වුණේ ඇයි ? ඇත්ත හේතුව අපි සොයා බැලුවෙමු.

කිරිපිටි ක්ෂණිකව සැඟවෙන්නේ මිල වැඩි කිරීමේ යෝජනාවත් සමගය.

-සමාගම් මිල වැඩි කරන්න ඉල්ලනවා.

-රජය තවමත් ඒ ගැන හිතනවා.

-ජනතාව දැන් කිරිපිටි නැතිව වෙළෙඳපොළේ රස්තියාදු වනු ඇත.

මෙරට මාසික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 6500 ක් පමණ වේ. මෙරටට කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 360 කි.

මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත්,

ඩොලර් නැති හින්දා හෝ වෙනයම් කාරණයක් නිසා හෝ ආනයනය නවත්වලා කිරිපිටි පැකට් එකක්වත් හොයා ගන්න වෙන්නේ නැහැ. අපි කතා කරා සමාගම්වලට. කතා කරලා ඇහුවම මොකද කිව්වේ පිටිකිරි කිලෝ එකක් ලංකාවට ගොඩ බාන්න 1200 ගාණක් යනවා. අපි කොහොමද 900 ගාණට දෙන්නේ කියල. දැන් පිටිකිරි හිඟයක් එනකොට ආණ්ඩුවට කියන්න පුළුවන්නේ රයිට් පිටිකිරි ප්‍රශ්නයක් නැහැ. බීපල්ලා එළකිරි. චුන් පාන් වහනේ වගේ උදේපාන්දර එනාව එළිකිරි බොතලේ ගෙදරට.  පුළුවන් නම් කියන්න බලන්න ඇමති කෙනෙක් ඒ කතාව. කරුණාකාරලා මොකද්ද මේ කිරිපිටි ගැටලුට රටට හෙළි කරන්න. හෙට අනිද්දා කිරිපිටි ඕනේ නැහැ ප්‍රතිශක්තිකරණයට බොමු බාන් වැල් ගැට. කොත්තමල්ලි. අනිවාර්යෙන්ම ඒකත් කියයි

ප්‍රධාන විධායක නිලධාරී ආරිය කිරි සමාගම ලක්ෂ්මන් වීරසූරිය,

අපි මිල වැඩි කරන්න ඉල්ලන්නේ මාස ගාණක ඉඳලා. ඩොලරය වැඩි වෙලා. ආනයනයේදී කිලෝ එකක මිලත් වැඩියි විශාල පිරිවැයක් යනවා. කිලෝ එකකින් 270 ක් පාඩුයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණර්ධන ,

කිරිපිටි නිෂ්පාදන සමාගම් විශාල අනුපාතයකින් මිල ඉහළ නංවන්න අවසර ඉල්ලලා තියෙනවා පාරිභෝගික කටයුතු අධිකාරියෙන්. නමුත් අපිට අවසර දෙන්න පුළුවන්කමක් නැහැ මේ අවස්ථාවේ. මේ රටේ හැම ජනතාව කැප කිරීම් කරලා තියෙන්නේ. කිරිපිටි සමාගම් වෙළෙඳපොළ හොඳට තියෙන කොට අධික ලාභ ලබලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ. විපතක් වුණාම විපතෙන් කොටසක් ඒ අයත් විඳදරා ගන්න ඕනේ. පහසු ක්‍රමය තමයි ඕන තරම් කිරිපිටි දෙන්නම් කියලා රු. 200 කින් විතර කිරිපිටි මිල වැඩි කලොත් කිරිපිටි වෙළෙදපොළ පිරෙනවා ඒක කරන්න දුන්නොත් බොහො පීඩාවට පත්වෙච්ච ජනතාව අන්ත අසීරුතාවයක් වෙනවා

මේ අර්බුදයට විසඳුම කුමක් ද?

පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් , 

අද වෙනකොට නවත්වන්න හදනවා නෙවෙයි, අපි 40% යි අපිට ඕන ප්‍රමාණය හදන්නේ. අපි ඒක 40% ඉදලා 100% කින් සම්පුර්ණ වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අපි කිරි පිටරටින් ගෙන්වන එක නවත්වන්නේ. පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න ඕනේ. හැබැයි අපි කිරිවලින් ස්වයංපෝශිත කරන්න ඕනේ. කිරිවලින් ස්වයංපෝශිත වනවා කියන්නේ පිටරටින් ආනයනය කරන එක නවත්වනවා. ඒක තමයි අපේ වෑයම. ඒක අපිට ක්ෂණිකව කරන්න බැරි වෙයි. හැබැයි අවුරුදු 2-3 ක ඉලක්කයක් එක්ක, කිරිවලින් ස්වංපෝහිත වන වැඩපිළිවෙළකට යන්න අපි සුදානම් කරලා තියෙනවා

වෙළෙඳපොළෙන් කිරිපිටි ක්ෂණිකව අතුරුදන් වීමට ආසන්න හේතුව මිල වැඩි කිරීමේ ඉල්ලීම  සහ රජයේ ප්‍රතිචාර ප්‍රමාද වීම.

වෙළෙඳ ඇමතිවරයාගේ ස්ථාවරය මිල වැඩි නොකිරීමයි.

එය පාරිභෝගිකයාට සහනයක්.

එහෙත් වෙළෙඳපොළේ කිරිපිටි නැතිවීම පාරිභෝගිකයාට අසහනයක්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ,

මේ කිරි පිටි හිඟය ඇතිවෙන්න බලපාන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි පහුගිය කාලය තුළ දිගින් දිගටම මතු කරපු විදේශ විනිමය අර්බුධය. කිරි පිටි ඩොලර් දීලා ලංකාවට ගෙන්පුහාම ඒ ඩොලර්වලින් ගෙනව භාණ්ඩවල මිල දේශීය වෙළෙඳපොළේ ඉහළ ගියා. මොකද පිරිවැය වැඩියි. විශේෂයෙන්ම විදේශ විනිමය හිඟ වීම නිසා තමයි මේ අර්බුදයටත් අපි මුහුණ දෙන්නේ. ඒ නිසා ඉතාම ඉක්මනින් මේ විදේශ විනිමය අර්බුදයට කෙටි කාලීන හා දිගු කාලීන පිළිතුරු අපි සොයා ගත්තේ නැත්නම් අපි තව තවත් භාණ්ඩවර්ග මේ අර්බුදයට එකතු වෙන්න පුළුවන්.

news 1st 

ගුවන් විදුලියේ මාර යුද්ධය : අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රතිචාරය මෙන්න ! (පිළිතුරුදීමේ අයිතිය )

(ගුවන් විදුලියේ මාර යුද්ධයක් !) යන ශීර්ෂයෙන් යුතුව අප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධව , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ගේ නිල තනතුරෙහි විද්‍යුත් තැපෑල හරහා පිළිතුරක් එවා ඇත.

ඒ ගුවන් විදුලි සංස්ථාවේ ආණ්ඩු පාර්ශවයේ වෘත්තීය සමිති නායකයන් විසින් ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් වෙත යොමුකළ ලිපියකි.

පිළිතුරුදීමේ අයිතිය පිළිගන්නා වෙබ් අඩවියක් ලෙස අප එය කිසිඳු සංස්කරණයකින් තොරව ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් යොමුකළ සටහන සහ පිලිය පහත පළකරමු.

"ඉහත කරුණට අදාළව එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් එම සාකච්ඡාවට සම්බන්ධ වී කටයුතු කළ වෘත්තීය සමිති නියෝජිතයන් ගේ අත්සනින් ඉදිරිපත් කරන කරුණු පැහැදිලි කිරීම මේ සමඟ යොමු කරන අතර, එම කරුණු පිළිබඳ තොරතුරු ඔබ ඉදිරිපත් කළ ප්‍රවෘත්තියට හා සමාන වටිනාකමකින් යුතුව ඉදිරිපත් කරන ලෙසත් ඇමුණුමක් ලෙස එම ලිපිය පළ කරන ලෙසත් දන්වා සිටිමි."

නීතිඥ සුමිත් විජේසිංහ මහතා, ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානය, නෙලුම් මාවත, බත්තරමුල්ල.

මහත්මයාණෙනි,

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු නිවැරදි කිරීම සම්බන්ධවයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වෘත්තීය සමිති විධායක සභාව ඔබතුමාගේ මූලිකත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (2021.07.27) ජාතික විධායක සභාව සමඟ පැවැති සාකච්ඡාව පිළිබඳව සමාජ මාධ්‍ය වල කරුණු වාර්තා කර තිබුණු අතර එම කරුණු සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොරය.

එම සාකච්ඡාව කිසිවිටෙකත් වත්මන් සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා පලවා හැරීමට හෝ ඉවත් කිරීම වෙනුවෙන් සිදුකරන ලද්දක් නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමු. එමෙන්ම එය රැස්වූයේ සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාගේ උපදෙස් පරිදි බවද සඳහන්ව තිබුණි. එයද පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයකි.

සංස්ථා වෘත්තීය සමිති ශාඛා සභාපති, ලේකම් ප්‍රමුඛ පිරිස එම අවස්ථාවට සහභාගි වූයේ වෘත්තීය සමිතිය තුළ පවතින කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම උදෙසා බවත් එම කැඳවීම පක්ෂ ප්‍රධාන කාර්යාල වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද්දක් බවද සඳහන් කරමු.

අප වෘත්තීය සමිති සභාපති සුසන්ත කරුණාසිංහ මහතා එම සාකච්ඡාවේදී සංස්ථා සභාපති වෙනුවෙන් පෙනී සිටි බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. නමුත් එවැනි පෙනී සිටීමක් සිදු නොවුණු බවත් එවැනි පෙනී සිටීමක් අවශ්‍ය නොවන බවත් සාමූහිකව ප්‍රකාශ කරන්නෙමු. මෙවැනි අසත්‍ය ප්‍රචාර සමාජගත වීම ජාතික ආයතනයක් වන අප සංස්ථාවටත් එහි පරිපාලනයටත් සේවකයින්ටත් හානියක් සේම කැළලකි. එමෙන්ම අප පක්ෂයේ ජාතික වෘත්තීය සමිතිය ක්‍රියාකාරීත්වයටද අප්‍රසාදයකි. එබැවින් මෙම කරුණ පිළිබඳව අදාළ අංශ දැනුවත් කරන ලෙසත් මෙවැනි අසත්‍ය මත පතුරන්නන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර දෙන ලෙස මෙයින් ඉල්ලා සිටිමු.

මෙයට,

සභාපති - සුසන්ත කරුණාසිංහ.

ලේකම් - කේ.එම් සුධර්මා කුලතුංග.

භාණ්ඩාගාරික - සංජීව ජයතිලක.

සංවිධායක - මංජුල සෙනෙවිරත්න.

උපදේශක - තුෂාර සන්දනායක.

පිටපත් :

සභාපති,

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව.

අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව.

20210805 174958 1

තවත් කොරෝනා මරණ 94ක් :හෝමාගම රෝහලත් උපරිම ධාරිතාවේ

තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළගොස් ඇත.

එම කොවිඩ් මරණ 94න් 25 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 69 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ.

21 8 8

හෝමාගම රෝහලත් උපරිම ධාරිතාවේ

කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන හෝමාගම මූලික රෝහලද එහි උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා  (08)සඳහන් කළේය.

වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි =පවසා සිටියේ, මේ අවස්ථාවේ දී ඇතුළත් වන රෝගීන්ගේ විශේෂත්වයක් දකින බවය.

"දැන් රෝගීන් පෙර අවස්ථාවට වඩා අසාධ්‍ය රෝගීන්. ඒ නිසාම ජනතාවට කියන්න කැමතියි හැකිතාක් දුරට පරිස්සම් වෙන්න මොකද ඇතුළත්ව සිටින විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමට සිදුව තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී අවසන්. HDU ඇඳන් සියල්ලත් රෝගීන්ගෙන් පිරී අවසන්. "

60ට වැඩි අයට එන්නත්කරණ වැඩසටහනක්

කොව්ඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබා දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අගෝස්තු 10 වැනිදා සිට දින 03ක් තුළ එන්නත් ලබා දීමට නියමිතය.

එබැවින් 1906 දුරකතන අංකය අමතා ලියාපදිංචි වන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාන් පෝරණුවලත් මිනී පුච්චන්න වෙයි - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන මාධ්‍ය සන්දර්ශන වහාම නවත්වා වසංගත මර්දනය සඳහා සුදුසු පියවර ගතයුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

අවශ්‍ය මොහොතේ රට වසා දැමීමට කටයුතු නොකළ බවත්, අවදානම ඉහළ යමින් තිබියදී සීමා තර කිරීම වෙනුවට සීමා ඉවත් කිරීමට කටයුතු කළ බවත් ආනන්ද හිමි පෙන්වා දෙති.

දෛනික මරණ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇති බව පෙන්වා දෙන ආනන්ද හිමි පවසන්නේ ඉදිරියේදී කොවිඩ් මරණ ආදාහනය කිරීම සඳහා ආදාහනාගාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාන් පෝරණුවලටද මළ සිරුරු පිළිස්සීමට සිදුවනු ඇති බවයි.

රටේ දැනට කෙරෙන සංවර්ධන කටයුතු පවා අත්හිටුවා වසංගතය මර්දනය වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවද මුරුත්තෙට්ටුවේ හිමි අවධාරණය කර සිටිති.

LNW

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1යි දශම 86 ක් අද(08) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ ය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ , අද අලුයම 5.35ට චීනයේ සිට ශ්‍රීලංකන් ගුවන් යානයකින් එම මාත්‍රා තොගය මෙරටට රැගෙන ආ බවය.

මේ වනවිට චීනයෙන් මෙරටට සයිනෝෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 14 යි දශම 7 ක් මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කළේ ය.

තවත් මරණ 98ක් : රජයෙන් විශේෂ දැනුම්දීමක් !

කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 47 දෙනෙක් සහ කාන්තාවෝ 51 දෙනෙකු වෙයි.

මියගිය අයගෙන් 78 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 20 දෙනෙක් ද වෙති.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් !

මේ අතර කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යන හෙයින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට නිවෙස්වලින් බැහැර නොයන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම කොවිඩ් මර්දන එන්නත නොගත් එය ලබාගත යුතු වයස් සීමාවේ පසුවන සියලු දෙනා එන්නත වහාම ලබාගන්නැයිද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද සෙනඟ ගැවසෙන මංගල අවමංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගි වීම සම්පූර්ණයෙන්ම නතර කරන්නැයි ඉල්ලා සිටින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කාමර, ශාලා ,විදුලි සෝපාන ක්‍රියාත්මකවන ආවරණ සහිත ස්ථානවල දිගු වේලාවක් රැඳී සිටීමෙන් වළකින්නැයිද දැනුම් දෙයි.

විශේෂයෙන් නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් නිවෙස්වලින් බැහැරට යෑම කොහෙත්ම නොකළ යුතු බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ සියයට 1.5ක් මරණයට පත් වන බවත් ආසාදිතයන්ගෙන් සැලකිය යුතු පිරිසකට දැඩිසත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලැබීමට සිදු වී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පොලිසිය යොදා දියත්කර ඇති මර්දනයට අභියෝග කරන්න : නීතිඥයන් එක්වෙයි !

ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කරළා ගෙනයන මර්දනය නීතිඥවරුන් ලෙස අභියෝගයට ලක්කරන බව නීතිඥ සුනිල් වටගල පවසයි.

ඔහු ඒ බව සඳහන් කර සිටියේ අද (07) ජාතික ජල බලවේගයේ නීතිඥයෝ සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ය.

එහිදී ඔහු මෙසේද පැවසීය

පොලිසිය තම බල ප්‍රදේශවල පිහිටි මහේස්ත්‍රාත් අධිකරණවලින් උද්ඝෝෂණ නැවැත්වීමේ වාරණ නියෝග ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබුණා. ගරු මහේස්ත්‍රාත්තුමන්ලා විසින් ඒ සියලු ඉල්ලිම් ප්‍රතික්ෂේප කළා. ගුරුවරුන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් වාරණ නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම උදාහරණයක්. එම ඉල්ලීමත් එදා උදේ ගරු මහේස්ත්‍රාත්තුමා විසින් ප්‍රතික්ෂේප කළා. එසේ තිබියදී සාමකාමී උද්ඝෝෂණයෙන් පස්සේ මඟ රැකලා ඉඳලා, නැත්නම් ලුහුබැඳ ගිහිල්ලා පිරිස් අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට ගැනීම් අතිශය නීති විරෝධීයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ම මේ ලෙස අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව නීතිඥවරුන්, මහජන නියෝජිතයන් පොලිස් ස්ථානවලට මේ අය බලන්න ගියා. විශේෂයෙන් ගුරුවරුන් අත්අඩංගුවට අරගෙන වරාය පොලිසියේ රඳවා තැබුවා. නීතිඥයන් හැටියට අපිට පොලිසිය ඇතුළට යන්න දුන්නේ නැහැ.

පොලිසිය මැදිහත් වෙලා පැහැර ගැනීම් කළාද කියන සැකය ඇතිවෙනවා !

තමන්ගේ සේවා දායකයෙක් බලන්න පැය විසිහතරේම පොලිසියක් තුළට යන්න අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව තුළින් නීතිඥවරුන්ට ලබාදී තිබෙනවා. හර්ෂණ නානායක්කාර නීතිඥ මහත්තයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය කුරුඳුවත්ත පොලිසියට අත්අඩංගුවට ගත් අය බලන්න ගියා. අත්අඩංගුවට ගත් අය ඒ ස්ථානවල නැහැ කියලා පොලිසිය කියනවා. එහෙම නම් පොලිසිය මැදිහත් වෙලා පැහැර ගැනීම් කළාද කියන සැකය අපිට ඇතිවෙනවා. මෙතන තිබෙන භයානකත්වය පොලිසිය තුළ අදාළ පුද්ගලයින් නැහැයි කියන එකයි. ඒ වගේම ආචාර්ය අශෝක රන්වල වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසදයේ උද්ඝෝෂණයකට ඔහුගේ කැබ් රථය යොදා ගත්තා. මේ වාහනය කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් කරන්න කියලා දිගින් දිගටම දැන්වීම් කරනවා. ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයකට සහභාගි වී ආපසු යමින් සිටි පුද්ගලයෙකු බුලත් කෙල ගහන්න මුඛ ආවරණය ඉවත්කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගත් අය පසුගිය 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසිය පොදුවේ අධිකරණයෙන් ඉල්ලන්නේ මේ අත්අඩංගුවට ගත් තැනැත්තන් දින 14ක බන්ධනාගාර ගත කිරීමක් ගත කරන්න. ඒ වගේම පී.සී.ආර්. පරීක්ෂණවලට යවන්නත් ඉල්ලනවා. මේ ඉල්ලීම් හරිම විහිලු සහගතයි. මහේස්ත්‍රාත්වරුන් ඉදිරිපිටට උද්ඝෝෂණ තහනම් කිරීමේ ඉල්ලීම් ඉදිරිපත් කර, ඒ නියෝග නොලැබුණහම ආණ්ඩුවේ මෙහෙයවීමෙන් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව හඹාගෙන ගිහින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. විශේෂයෙන්ම පොලිස් ඇමතිගේ නියෝග මත අත්අඩංගුවට ගැනීම් කරනවා.

7B0A4650

පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් තුළ කිසියම් පළිගැනීමක ස්වරූපයක් තිබෙනවා !

මේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් තුළ කිසියම් පළිගැනීමක ස්වරූපයක් තිබෙනවා. බන්ධනාගත කිරීම් හෝ පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමේ ආකාරයෙන් මේ පළිගැනීමේ ක්‍රියාමාර්ග දියත් වෙනවා. බන්ධනාගාර ගත කිරීම වගේම නිරෝධායනයට ලක්කිරීමක් දඬුවමක් හැටියට ලබාදෙන්න පොලිසිය ක්‍රියාකරනවා. නමුත් මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කළේ බරපතළ වැරදිවලටත් ඇපදීම සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා නේද කියලා.

උද්ඝෝෂණයකට සහභාගි වෙලා යන ගමන් බුලත් විටක් කාලා කෙළ ගහන කෙනෙක්ව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න ඉල්ලන පොලිසිය කරන මේ ඉල්ලීමේ සැබෑ අරමුණ උද්ඝෝෂණ කරන අයට දඬුවම් දීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වැනි වගන්තිය ඇතුළේ කරන සියලු උද්ඝෝෂණ කිරීමේ අයිතිය ශක්තිමත් වෙන තින්දු මහේස්ත්‍රාත්වරුන් ලබාදී තිබෙනවා. ඊට විරුද්ධවයි පොලිසිය විසින් මෙවැනි නිහීන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ. මේක නීතියේ අර්ථකථනය නෙවෙයි.

ඒ නිසා අපි ආණ්ඩුවට බලකරන්නේ මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. පොලිසියට අපි කියන්නේ මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. මෙයට පෙර පොලිසිය භාර ඇමතිවරයා ලියවිල්ලක් පෙන්වලා උද්ඝෝෂණ නතර කිරීමේ අයිතියක් තිබෙන බවත් කීවා. ඒ ලියවිල්ල නීති විරෝධී එකක් බව අපි පෙන්වා දුන්නා. ඒ වගේම අනීතික ක්‍රියාවලි අනුගමනය කිරීමට විරුද්ධව මානවහිමිකම් කොමිෂන් සභාව පොලිස්පති වරයාට ලිපියක් ඉදිරිපත් කළා. “කෝවිඩ් වසංගත තත්වය හමුවේ මෙම නීති උල්ලංඝනය කිරීම පිළිබඳව ගන්නා ක්‍රියා මාර්ග හදිසි කාලවකවානුවක් තුළදී වුවද නිත්‍යානුකූල විය යුතු බව” අවධාරණය කර තිබෙනවා. ඒ වගේම “සියලු දෙනාට සමානාකාරයෙන් විය යුතු බව පෙන්වාදීම අප කොමිෂන් සභාවේ යුතුකම බව පෙන්වාදීමට කැමැත්තෙමු” කියලා දන්වලා තිබෙනවා. මැයි මාසයේ 11 වැනිදා මේ ලිපිය පොලිස්පතිවරයාට යවනවා. ඒ මත පදනම් වෙලා මැයි 13වැනිදා පොලිස්පති වරයා සියලුම පොලිස් ස්ථානවලට නිවේදනයක් යවනවා. “මුව ආවරණ පැළඳ නොසිටින පුද්ගලයන් සහ නීති විරෝධී ක්‍රියාකරන පුද්ගලයින් ඔසවා ගෙන රැගෙන යාම කිසිසේත්ම නොකළ යුතුයි” කියලා. ගුරුවරුන් 44ක් අත්අඩංගුවට ගැනීමේදී හතර දෙනෙක් ඔසවාගෙන ගිහින් තිබෙනවා. නීති විරෝධී ලෙස පොලිසිය දිගින් දිගටම ක්‍රියාකරමින් තිබෙනවා. මෙවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීම් පැහැර ගැනීම් කියලා අපිට විග්‍රහ කරන්නත් සිදුවෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක්. සාමකාමී උද්ඝෝෂණ මැඩපවත්වන්න ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඒ කිසිසේත්ම නීති විරෝධී වෙන්නේ නැහැ.

ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කරළා ගෙනයන මර්දනය නීතිඥවරුන් ලෙස අභියෝගයට ලක්කරනවා !

ගොවියාට වෙළේ ඉඳලා විරෝධය පාන්න සිද්ධ වෙනවා නම් ගොවියා ඒ වැඩේ කරනවා. ගුරුවරුන්ට මහපාරට ඇවිත් විරෝධය පාන්න සිදුවෙලා නම් ඔවුන් මහපාරේ විරෝධය පානවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අයිතීන් අනුව ඔවුන් ක්‍රියා කරනවා. එහෙම නම් ආණ්ඩුවට තිබෙන්නේ උද්ඝෝෂකයන්ගේ සාධාරණ අයිතීන් ලබාදෙන්න. ගොවියාට පොහොර ලබාදෙන්න. කම්කරුවාට වැටුප් වැඩිකිරීම් ලබාදෙන්න මැදිහත් වෙනවා වෙනුවට ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කරළා ගෙනයන මර්දනය නීතිඥවරුන් ලෙස අපි අභියෝගයට ලක්කරනවා.

පොලිස් දෙපාර්තමේන්තුව හෝ නීතිපති දෙපාර්තමේන්තුව තිබෙන්නේ ආණ්ඩුව කියන වැඩ කරන්න නොවෙයි. ගුරුවරුන්ව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා, නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැයක විතර දේශනයක් කළා. ඒ කාගේ උවමනාවටද කියලා අපිට අපැහැදිලියි. පොලිසිය ආණ්ඩුවේ බළල් අතක් වෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් අනුගතව පොලිසිය මැදිහත් වන ලෙස අපි බලකර සිටිනවා.

හොරා සහ පොලිසිය වෙන්කර ගන්නේ කොහොමද? නීතිඥ උපුල් කුමරප්පෙරුම

7B0A4665

මෙම මාධ්‍ය හමුවේදී නීතිඥ උපුල් කුමාරප්පෙරුම ද අදහස් දැක්වූ අතර ඒ මෙසේය.

රාජ්‍යය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන්න බැඳිලා ඉන්න බව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන එක මූලික වගකීමක්. රාජ්‍යයේ එක ආයතනයක් වෙන්නේ පොලිසිය. පොලිසිය විසින් මූලික අයිතිවාසිකම් කඩකරනවා නම් බරපතළ තත්වයක්. පොලිස්පතිවරයා නිකුත් කර තිබෙන මිනිසුන්ව උස්සාගෙන යන්න එපා කියන නියෝගය අවස්ථා කීයකදී කඩකර තිබෙනවාද? නීතියක් නැති රටවල්වල දකින්න ලැබෙන දර්ශන අපි මේ රටේදී පහුගිය කාලයේ දැක්කා. මේකෙන් පේන්නේ ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ආරක්ෂා කරන්න අදහසක් නැති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කැපවීමක් ආණ්ඩුවේ තිබෙනවා නම්, නීති කඩන නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ.

රූපවාහිනියෙන් දකින දර්ශනවලින් පැහැදිලි වෙන්නේ පොලිස් නිලධාරීන් යැයි කියා ගන්නා පිරිසක්, සිවිල් පිට ඇවිත් අත්අඩංගුවට ගැනීමේ සිද්ධි. ඒගොල්ලෝ එන්නේ පොලිස් ජීප්රථවලින් නොවෙයි. එහෙම නැත්නම් පොලිස් ජීප් රථයක් ඈතින් තිබෙද්දී ඒ අසළ පොලිස් නිල ඇඳුම් ඇඳගත් අය සිටියදී සිවිල් ඇඳගත් අය ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ සිසුන් ගමන්ගත් බස් රථයකට ඇතුළ් වූ පුද්ගලයෙක් ප්‍රකාශ කළේ “අපිට එක්කෙනෙක් ගන්න ඉන්නවා.” කියලා. මම අවුරුදු 25ක් අපරාධ නඩුවල පෙනී සිටි නීතිඥයෙක්. ඉතා බරපතළ ගණයේ අපරාධ නඩු ඒ අතර තිබෙනවා. පැහැරගෙන යෑම් සම්බන්ධ නඩුත් ඒ අතර තිබෙනවා. පැහැර ගැනීම්වලදී කියැවෙන්නේ “ගත්තා.” කියන එක. මේ කියන්නේ අත්අඩංගුවට ගැනීමක් නොවෙයි. බස් රථයේදී වුණෙත් ඒ දේ. එතන හිටි ජනතාව ප්‍රශ්න කරන කොට තමන් පොලිස් නිලධාරියෙක් බව කියනවා.

අවුරුදු 25කට මම පොලිස් හැඳුනුම්පතක් දැකලා නැහැ !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ බුද්ධි අංශයේ නිලධාරීන් නොවන සියලු දෙනාට පොලිස් නිල ඇඳුමක් දෙන්න ඕනෑ. ඒ නිල ඇඳුමේ ඔහුගේ නම සහ අංකයක් තිබෙනවා. උප පොලිස් පරීක්ෂවරයෙකුට අංකයක් නැතත් ඔහුගේ නම තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේත් නම තිබෙනවා. දෛනික රාජකාරිවලදී මහජනතාවත් එක්ක ගැටෙන ඔවුන් හඳුනාගැනීමට නම සහ අංකයක් දී තිබෙනවා. සිවිල් පිට එන පුද්ගලයා හැඳුනුම්පතක් පෙන්වනවා. අවුරුදු 25කට මම පොලිස් හැඳුනුම්පතක් දැකලා නැහැ. මාධ්‍යවේදීන් හැටියට ඔබ දැකලා තිබෙනවා ද? සිවිල් පිට එන කෙනෙක් පොලිස් හැඳුනුම්පතක් පෙන්වුව හොත් එහි විශ්වසනීයත්වය ගැන මම සෑහීමකට පත්වෙන්නේ කොහොමද? පොලිස් හැඳුනුම්පතක අඩංගු කරුණු ගැන ලංකාවේ කිසිම තැනක ප්‍රසිද්ධ කර නැහැ. පොලිස් හැඳුනුම්පතක් කියලා යමක් පෙන්වන කණ්ඩායමක් මගේ ගෙදරට ආවොත් ඒ කියන දේ පිළිගන්න මට තිබෙන සාධක මොනවාද? මෙතන තිබෙන භයානකත්වය ඔන්න ඔය වගෙයි.

සිවිල් පිට ඇවිල්ලා මිනිස්සු අත්අඩංගුවට ගන්නේ “මතකනේද මීට කලින් වෙච්ච දේවල්” කියලා අනතුරු අඟවන්න !

2015ට කලින් අපි මේ තත්වය දැක්කා. 88-89 කාලයේත් අපි මේ තත්වය දැක්කා. ඒ කාලයේ අතුරුදහන් වුණු අය සම්බන්ධයෙන් නඩු ගණනාවක් මම කළා. ඒ මාපියන් කීවෙත් “අපි පොලිසියක් පොලිසියක් ගානේ ගියා. පුතා හිටියේ නැහැ” කියලා. ලංකාවේ පොලිසියේ මූලිකම වගකීමක් වෙන්නේ කෙනෙකු අත්අඩංගුවට ගන්නා හේතුව දැනුම්දීම. ඊට පස්සේ රඳවා ගන්නා ස්ථානය කියන්න ඕනෑ. එහෙම නැත්නම් ඒක පැහැර ගැනීමක්. නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක්. පොලිසියට ඕනෑ තරම් නිල රථ තිබෙද්දී වෑන්වල එන්නේ ඇයි? මේක පොලිසියේ වැඩක් නොවෙයි. ආණ්ඩුවේ මර්දනකාරී යාන්ත්‍රණයක්. අතීතය නැවත ආවර්ජනය කිරීමක් ආණ්ඩුව කරන්න හදනවා. සිවිල් පිට ඇවිල්ලා මිනිස්සු අත්අඩංගුවට ගන්නේ “මතකනේද මීට කලින් වෙච්ච දේවල්” කියලා අනතුරු අඟවන්න.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ පවත්වන බව කියනවා. නමුත් එක්නැලිගොඩ අතුරුදහන් වුනේ නැද්ද? පෝද්දල ජයන්තගේ කකුල් දෙක කැඩුවේ නැද්ද? මේ දේවල් කළේත් ඔය වෑන්වලින් ගෙනියලා තමයි. හෙට දවසේ පාතාලයෙන් හරි ආණ්ඩුවේ පැරා මිලිටරි කල්ලියක් හරි හොරු කණ්ඩායමක් හරි ආවොත් පොලිසියෙන් වෙන්කර ගන්නේ කොහොමද? මෙහෙම එනකොට හොරා සහ පොලිසිය වෙන්කර ගන්නේ කොහොමද? අපරාධකාරයා සහ පොලිසිය වෙන්කර ගන්නේ කොහොමද? පොලිසියට රාජකාරි ඇඳුම අඳින්න, නිල රථය පාවිචචි කරන්න බැරි ඇයි? ජනතාව භීතියට පත්කරන ක්‍රමවේදය මේකයි. සුමන්දිරම් මහත්තයා සහ අනුර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කලාම පොලිසිය භාර ඇමතිවරයා පිළිතුරු දුන්නේ සුමන්දිරම් මහත්තයා විකාර කතාවක් කියනවා කියලයි. ඔවුන් ඉතාම වැදගත් ප්‍රශ්න පාර්ලිමේන්තුවේදී මතු කළේ. ආණ්ඩුවට ඒවා වැදගත් නොවෙන්න පුළුවන්. නමුත් රටේ ජනතාවට තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු මේවා. සිරසට ඇවිල්ලා බැහැලා ගිය ශිෂ්‍යයාට සිදුවුණු දේ මටත් වුණොත් මේ සමාජය කොතනද තිබෙන්නේ. නීතිඥයෙකු වශයෙන් මම කියන්නේ මේ යන ක්‍රමවේදය නවත්වන්න. ඒ වෙනුවෙන් අපි පුරවැසියන් විදිහට මැදිහත් වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඔබත් ඔබේ දරුවාත් මේ සමාජයත් අනතුරේ.

සමාජයක් භීතියට පත්කරලා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පැත්තකට දාලා තමන්ගේ අවශ්‍යතාවයට, තමන්ගේ බල පුළුවන්කාරකම්වලට රටක් පාලනය කරන්න බැහැ. රටේ ඉන්න පුරවැසියන් ඡන්දය පාවිච්චි කරන්න ගන්න මෙවලමක් විතරක් නොවෙයි. මේ නිසා මම ඉතාම ගෞරවයෙන් මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්වය පරද්දන්න එකතු වෙන්න කියලා. එකතු වුණේ නැත්නම් ඉතිහාසයේ සිදුවුණා වගේ බරපතළ ව්‍යසනයකට ලක්වෙන බවට අනතුරු අඟවනවා.

මෛත්‍රී විශ්මිත අවසන් පරිච්ඡේදයකට සැරසෙයි : බැසිල්වාදීන් කලබලයෙන් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක් සම්බන්ධව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ අදහස් පලවෙමින් ඇත.

"සමහර පරිච්ඡේද දුක්බරයි, තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි.අභියෝගාත්මක පරිච්ඡේද නැතුවාම නොවේ.පරිනත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනූ ඇත.පරිනත ලේඛකයෙකුගේ අවසාන පරිච්ඡේදය විශ්මිතය." යනුවෙන් එම සටහන තබා ඇත.

m3s1

බැසිල්ගේ ගෝලයා කඩා පැනලා !

මේ අතර අදාළ ෆේස්බුක් සටහනට මැදිහත්ව ඇති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ "අවසාන පරිච්ඡේදය පැජට් පාරෙ මිලියන 800 ආණ්ඩුව ගානෙ හදාගත්ත මන්දිරයද?"යනුවෙන් ප්‍රතිචාර දක්වා ඇත. ඒ තුළ මතුව තිබු සංවාදයක කොටසක් පහත දැක්වෙයි.

m32

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වක්ථ්මං පොදුජන පෙරමුණ පාලනයට සහය දුන්නත් ඒ තුළ ඔවුන් වෙනස්කොට සහ පහත්කොට සලකමින් සිටින බව ප්‍රසිද්ධ කරුණකි. ශ්‍රීලනිප පාර්ශව පවසන්නේ, තමන් කිසිවිටෙකත් මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකළ බවය. කෙසේ නමුත් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ , විශේෂයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තරය හිටපු ජනාධිපතිගේ ඉදිරි දේශපාලන හැසිරීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර ඇති බව නම් පැහැදිලිය.

මරණවල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි - විපක්ෂ නායක සජිත් (වීඩියෝ )

මොහොතින් මොහොත ආණ්ඩුව සිය අමානුෂික මුහුණුවර ප්‍රකට කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

දිනපතා සිදුවන කොරෝනා මරණවල වගකීම ආණ්ඩුව භාර ගතයුතු බවත් ඔහු පැවසීය .

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කල අතර කොරෝනා ව්‍යාප්තිය මෙතරම් බරපතල වූයේ ආණ්ඩුවේ නොහික්මුනු වැඩපිළිවෙළ නිසා මිස ජනතා උද්ඝෝෂණ හෝ අරගල නිසා නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනතාව උද්ඝෝෂණය කරන්නේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී ක්‍රියාපිලිවෙත නිසා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමති - ලේකම් ගැටුම් : අමාත්‍යංශ වැඩ කොට උඩ !

ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ ගණනාවක කැබිනට් ඇමැතිවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර හටගෙන තිබෙන බරපතළ ආරවුල් නිසා අමාත්‍යාංශ ගණනාවකට කටයුතු අඩාල වී ඇතැයි සතිඅන්ත දේශය පුවත්පත වාර්තා කරයි.

අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ජාතික වශයෙන් වැදගත් වන විෂයකට අදාළ එක් ප්‍රධාන අමාත්‍යාංශයක අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යවරයා අතර මේ දිනවල හටගෙන තිබෙන බරපතළ ආරවුල් තත්ත්වය සමනය කිරීම රජයට මහත් හිසරදයක් වී ඇතැයි දැනගන්නට ඇත.

පසුගියදා විමල් වීරවංශ අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා අතර හටගත් අර්බුද දුරදිග යාම නිසා පැල්පිට සේවයෙන් ඉල්ලා අස්විය. ඊට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාද එලෙසම අමාත්‍යවරයා සමඟ හටගත් ප්‍රශ්න නිසා ඉල්ලා අස්වූ බව වාර්තා විය. මෙබඳු අර්බුද ඇති තවත් අමාත්‍යාංශ ගණනාවකි.

මේ ආකාරයට අමාත්‍යාංශවල අභ්‍යන්තර පරිපාලන ප්‍රශ්න ව්‍යාකූල තත්ත්වයට පත්වීම නිසා බොහෝ ජාතික ප්‍රශ්න විසඳීමට අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාටම මැදිහත් වන්නට සිදුව තිබේ.

Page 363 of 384