පුද්ගලික විශ්වවිද්‍යාල භාරව පවතින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බවත්, එය බාරව සිටින්නේ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය හරිණි අමරසූරිය වෙත බවත්, ඇය සිය වගකීම ඉටු කරනවා ද යන්න සැකසහිත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ සාමාන්‍ය රැකියාවල නිරත අය ගේ වැටුප් තලය පවතිනනේ ඉතා ම පහළ මට්ටමක බවයි. එබැවින් එවන් ජනතාව රැක බලා ගැනීම රාජ්‍යයේ වගකීමක් යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
