Image

හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජයගුණරත්නට ඇප

හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජයගුණරත්නට ඇප

2009 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ තරුණයන් 11 දෙනෙක් අතුරුදන් වීමේ සිද්ධියේ සැකකරුවෙක් වන නාවික නිලධාරී චන්දන ප්‍රසාද හෙට්ටිආරච්චි යන අයට සැඟවී විදේශගත වීමට ආධාර අනුබල දීම, තොරතුරු සැපයීම පැහැර හැරීම, විමර්ශන නිලධාරීන් ට බාධා කිරීම සහ දෙවන සැකකරුට තර්ජනය කිරීම යන චෝදනා  ගොනු කළ හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජයගුණරත්න දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 22 නියෝග කළේය.

 අධිකරණ නොතිසී ප්‍රකාරව අද අධිකරණය හමුවේ පෙනී සිටි තෙවන සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

පළමු සාක්ෂිකරු දේශපාලන රැකවරණ මත ස්විට්සර්ලන්තයේ සිටින පොලිස් නිලධාරි නිශාන්ත සිල්වා ට ජාත්‍යන්තර පොලීසිය නොසිසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට අවසර ලැබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න