කොරෝනා එන්නත අද සිට බ්‍රිතාන්‍යය වැසියන්ට

කොරෝනා එන්නත අද සිට බ්‍රිතාන්‍යය වැසියන්ට

අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ , කෙරෝනා මර්දන එන්නත අද (08) සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ ය.

කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ ද බ්‍රිතාන්‍යයයි.

සායනික මට්ටමේදී රටවල් කිහිපයක පුද්ගලයින් 44000 ක් පමණ යොදාගෙන මෙම එන්නතේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කෙරිණ.

එහිදී තහවුරු වූයේ කොරෝනා මර්දනය සඳහා 95% ක ඵලදායීතාවක් ඇති බවයි.

බ්‍රිතාන්‍ය තුළ මෙම එන්නත ලබා දීමේදී වයස අවුරුදු 80 ඉක්මවූ වැඩිහිටියන්, සෞඛ්‍ය සේවකයින්ට සහ වැඩි අවදානම් සහිත පිරිස් සඳහා ලබා දීමට තීරණය කොට තිබේ.

බ්‍රිතන්‍යයේ සමස්ත ජනගහණය මිලියන 67 ක් වන අතර ඔවුන් මිලියන 40 කෙරෝනා එන්නත් තොගයක් අදාළ සමාගම්වලින් ඇනවුම් කිරීම විශේෂත්වයකි.

අදාළ සමාගම් පෙන්වා දෙන්නේ එක් අයෙකුට ඒන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බවයි.

පළමු එන්නත් මාත්‍රාව ලබා දීමෙන් සති තුනකට පසුව දෙවැනි මාත්‍රාව ඒන්නත් කළ යුතු බව ද ඒම සමාගම් පෙන්වා දෙයි.

අදින් ආරම්භ වන සතියක කාළය තුල ලක්ෂ 8 ක පිරිසකට එන්නත ලබා දීමට නියමිතයි.

මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරටයා සඳහන් කළේ, මෙම ඒන්නත ලබා දීම හැරයීම් ලක්ෂයක් සනිහිටුවන් කරන බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න