නයිජීරියානු පාර්ලිමේන්තුවේ සෙංකෝලය උස්සලා

නයිජීරියානු පාර්ලිමේන්තුවේ සෙංකෝලය උස්සලා

නයිජීරියානු පාර්ලිමේන්තුවට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් සෙංකෝලය රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

 විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මන්ත්‍රී ධුරය අත්හිටවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු  Ovie Omo-Agege එම පිරිස මෙහෙයවා ඇත. 

 පාර්ලිමේන්තුවට කඩා වැදුණු හිටපු මන්ත්‍රීවරයා සෙංකෝලය රැගෙන පළා යාමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව වලංගු සභාවාරයක් සඳහා සෙංකෝලය පැවතීම අනිවාර්යයක් බැවින් සභාවේ කටයුතු මේ හේතුවෙන් අඩපණව ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 කෙසේ වුවත් අමතර සෙංකෝලයක් සභාවට රැගෙ ඒමෙන් පසු එදිනට නියමිත  නියමිත සභා වාරය අවසන් කර ඇත. 

 නයිජීරියාවේ සභික Bukola Saraki  මෙම ක්‍රියාව හඳුන්වා ඇත්තේ එය "ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයක්" ලෙසය.

 සෙංකෝලය රැගෙන ගිය හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා නයිජීරියානු පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇතත් Ovie Omo-Agege සඳහන් කර සිටින්නේ තමන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවය.

 ඔහු විසින් ට්වීටර් සටහනක් තබමින් ඒ බව අනාවරණය කර ඇත.

නයජර

 Ovie Omo-Agege ගේ ට්වීටර් සටහන 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න