රගාසා (Ragasa) සුපිරි සුළි කුණාටුව ෆිලිපීනයට (Philippine) කඩා වදී. ඒ පිලිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස සහ සියලු රාජ්‍ය ආයතන හදිසි මෙහෙයුම් පිණිස සූදානම් කර තැබීමට වහා පියවර ගන්නා ලෙස ජනපති, කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ( Ferdinand Marcos Jr) එරට විපත් ප්‍රතිචාර ඒජන්සියට අද (22) දැනුම් දුන්නේය.
උතුරු ෆිලිපීනයට බල පා ඇති සුළි කුණාටුව, පෙරදිග සහ අග්නිදිග ආසියාවට ද ව්‍යාප්ත වනු ඇතැයි, කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
මේ වන විට, පැයට සැතපුම් 134ක වේගයෙන් හමා යන එය, එරට බැබුයාන් (Babuyan ) දිවයිනට ඉහළින් හමා ගොස්, කැලයාන් (Calayan) දිවයින මත පතිත වීමට නියමිතය. සුලඟේ ගැස්ම පැයට සැතපුම් 160ක් ලෙස වාර්තා වේ.
සුළි කුණාටු මාර්ගයේ සියළු පදිංචිකරුවන්ට වෙරළ තීරයෙන් සහ ගංගාධාර ප්‍රදේශ වෙතින් ඉවත්වන්නැයි, දැනුම් දී තිබේ.
උතුරු ෆිලීපීනයේ කැගයාන් (Cagayan) පළාත්බද ප්‍රදේශවල කාලගුණ තත්ත්වය දැඩි සුළං ප්‍රවාහ සහ තද වැසි තෙක් වර්ධනය වී ඇතැයි, ද වාර්තා වේ. මාර්ගයේ සහ අවට වෘක්ෂ ඉදිරී, සුලඟේ ගසා යන තත්ත්වයට කාලගුණය දරුණු ව ඇති බවත්, මුහුදු රළ චණ්ඩ ව පවතින බවත්, එරට කාලගුණ බලධාරීහු පවසති.
මැනිලා අගනුවර සහ තවත් ප්‍රදේශ රැසක දෛනික කාර්යාල කටයුතු හා වැඩ බිම් නතර කිරීමට සහ පාසල් වසා දැමීමට රජය පියවර ගත්තේය. හදිසි විදුලි විසන්ධි වීම්, නාය යාම් සහ ගංවතුර තත්ත්වයන් පිළිබඳව මහජනතාව වෙත දැනුම් දී තිබේ.
ෆිලීපීනයේ දේශීය ගුවන් සේවා රැසක් සිය ගුවන් ගමන් වාර අවලංගු කළහ. වරාය මගී යාත්‍රා සේවා ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.
තායිවානය ද සුළි කුණාටුව පිලිබඳ දැඩි අවධානයෙන් පසුවේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/22/2025
මුලාශ්‍රය :
Super Typhoon Ragasa barrels through northern Philippines, triggers alerts across region