සෝමාලියාවේ මගී යානයක් කඩා වැටෙයි

සෝමාලියාවේ මගී යානයක් කඩා වැටෙයි

මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය පස් දෙනෙකු රැගත් සෝමාලියානු මගී ගුවන් යානයක්  අනතුරට පත් ව ඇත.

පසුගිය අඟහරුවාදා උදෑසන ගුවන් ගත වී ටික වේලාවකට පසු එන්ජිමේ දෝෂයක් හේතුවෙන් මොගඩිෂු ගුවන් තොටුපළ වෙත ආපසු පැමිණීමේදී ධාවන පථයෙන් ඉවතට පැන ඇති අතර එය අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී තිබේ.

කෙසේවෙතත් යානයේ සිටි කිසිවෙකුටත් කිසිදු අනතුරක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් මඟීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි ඇති බව අදාළ ගුවන් සමාගම පවසා ඇත.

තාක්ෂණික දෝෂය කුමක් දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න