උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං අද (8) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නගරයෙන් පිටත්ව තිබෙනවා. ඒ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්-උන් ගේ ඇරයුමට අනුවයි.
ෂී ජින්පිං ජනාධිපතිවරයා ගේ ආර්යාව වන Peng Liyuan, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, මධ්‍යම කාර්යාල අධ්‍යක්ෂ Cai Qi සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී ඇතුළු පිරිස මෙම සංචාරයට එක් ව සිටිනවා.
මෙය 2019න් පසු එනම් වසර හතකට පසු චීන ජනාධිපතිවරයා උතුරු කොරියාවේ සිදු කරන පළමු සංචාරය යි.

දිනූෂා ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
