Image

'ආලග්නි' නිවන්න 11වන දා ගම්පහට එන්න!

'ආලග්නි' නිවන්න 11වන දා ගම්පහට එන්න!

සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ කුමාරි දයානන්ද ගේ 'ආලග්නි' කෘතිය පිළිබඳ සහෘද කතාබහටයි.

ජූලි 11 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.

තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්:

https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

මෙම කෘතිය පිළිබඳ කතාබහේ දී ජේ. එම්. ආර්. ජයසුන්දර, පැතුම් පුංචිහේවා සහ හිමංසා සන්නස්ගල ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිත ය.

WhatsApp Image 2026 07 10 at 6.06.31 AM 1

මෙවර පැවැත්වෙන 102 වැනි සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ භූෂන් ප්‍රදීප් කණ්ඩම්බි විසිනි.

විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහි දී 'ආලග්නි' කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.

'ආලග්නි' කෘතිය කියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරයි!

එදිනට විශේෂ වට්ටමක් සහිතව 'ආලග්නි' කෘතිය මිලදී ගන්නත් ඔබට හැකි ය.

එහෙනම්, ජූලි 11 වැනි සෙනසුරාදා හමුවෙමු.

The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අය නොකරයි.

එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්ම ය.

WhatsApp Image 2026 07 10 at 6.05.59 AM

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න