පේරු හිටපු ජනාධිපති හිසට වෙඩි තබා ගෙන

පේරු හිටපු ජනාධිපති හිසට වෙඩි තබා ගෙන

දුෂණ චෝදනා මත පොලිස් කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ තමන්ගේ හිසට වෙඩි තබා ගත් පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා මරණයට පත්ව තිබේ.

වෙඩි තබා ගැනීමෙන් පසුව ලිමා අගනුවර රෝහලකට ඇතුළත් කළ ඔහුගේ හිසට සිදුව ඇති තුවාලවලට ප්‍රතිකාර කෙරුණු බව රෝහල් බලධාරීහු මීට ඉහතදී කියා සිටියහ.

බ්‍රසීල ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ගෙන ඇති බවට හිටපු ජනපතිට චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

එම චෝදනා මත පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් ඇති අතර ඒ මොහොතේ මෙසේ හිසට වෙඩි තබා ගෙන ඇත.

එරට අභ්‍යන්තර කටයුතු භාර ඇමතිවරයා කියා සිටියේ පොලිසිය පැමිණි අවස්ථාවේ දුරකතන ඇමතුමක් ලබා ගැනීමට ඇති බව පවසමින් හිටපු ජනාධිපතිවරයා කාමරයක් වෙත ගොස් එහි දොර වසා ගත් බවයි.

ඉන් මිනිත්තු කිහිපයකට පසු වෙඩි හඬ ඇසී තිබේ.

ඔහු පේරු රාජ්‍යයේ ජනාධිපති ලෙස 1985 සිට 1990 දක්වා සහ 2006 සිට 2011 දක්වා දෙවරක් ජනපති පදවිය දරා ඇත.

 පසුගිය මාස කිහිපය පුරා ලෝකයේ බොහෝ රටවල හිටපු නායකයන්ට මේ ආකාරයේ දූෂණ චෝදනා එල්ල වූ අතර ඊට ශ‍්‍රී ලංකාවේ හිටපු නායකයන්ගේ නම්ද ඇතුළත්ව තිබිණ. කෙසේ වුවද බොහෝ රටවල එම නායකයන්ට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන තිබීම විශේෂත්වයකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න