විකිලීක්ස් වෙබ් අඩවියේ සම-නිර්මාතෘ ජූලියන් අසාන්ජ් : ලන්ඩනයේදී අත්අඩංගුවට !

විකිලීක්ස් වෙබ් අඩවියේ සම-නිර්මාතෘ ජූලියන් අසාන්ජ් : ලන්ඩනයේදී අත්අඩංගුවට !

විකිලීක්ස් සම-නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දී අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

මීට වසර 7 කට පෙර අසාන්ජ් විසින් තානාපති කාර්යාලයේ රැකවරණ පතන ලදී.

ලිංගික පහරදීමක් සම්බන්ධයෙන් ස්වීඩනයට පිටුවහල් කිරීමෙන් බේරීමට මෙලෙස තානාපති කාර්යාලයට ඇතුල් වී සිටි ඔහු ඉහත චෝදනාවට අදාලව උසාවියට ඉදිරිපත්නොවීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධව, ඉක්වදෝරයේ ජනාධිපති ලෙනින් මොරෙනෝ ප්රකාශ කලේ, නිරන්තයෙන්ම ජාත්යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීම හේතුවෙන් අසාන්ජ්ගේ රැකවරණ ඉවත් කර ඇති බවයි.

අසාන්ජ්ගේ දේශපාලන රැකවරණය ඉවත් කිරීමේදී "ජාත්යන්තර නීතිය උල්ලංඝනය කරමින්". ඉක්වදෝර නීති විරෝධී ලෙස ක්රියා කර ඇති බව විකිලීක්ස් වෙබ් අඩවිය සඳහන්කර සිටියි.

මහා බ්‍රිතානයේ ස්වදේශ කටයුතු ලේකම් සජිඩ් ජෙවිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනුයේ "ජූලියන් අසාන්ජ් දැන් පොලිස් අත්අඩංගුවේ පසුවන බැවින් එක්සත් රාජධානියේ යුක්තියට සාධාරණව මුහුණදීමට ඔහුට හැකියාවක් පවතින බවයි". මේ සඳහා සහය දැක්වූ ඉක්වදොර රජයට මෙන්ම නාගරික පොලීසියට තමන් ස්තුතිවන්ත වන බව ස්වදේශ කටයුතු ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න