ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ !  

ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ !   

ඉන්දීය මහ මැතිවරණය අද (11) ආරම්භ විය.

ලෝක ජනගහනයෙන් අටෙන් එකක්, ආසන්න වශයෙන් මිලියන 900ක් ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන ඉන්දියාවේ මහ මැතිවරණය සති හයක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර අද (11) ආරම්භ වූ මැතිවරණයේ ඡන්ද විමසීම් අවසන් වනුයේ මැයි මස (19) වැනිදා ය.

ඉන්දියාව යනු ලොව දෙවැනි විශාලතම ජනගහනය හිමි රට ද වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන ලක්ෂ 10 කදී ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

මෙවර මහ මැතිවරණයට නව ඡන්ද දායකයන් ලක්ෂ 410ක් ලියාපදිංචි වී සිටිති. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින පිරිසෙන් හරි අඩක් කාන්තාවෝය. ඡන්ද දායකයන් 39,000ක් සංක්‍රාන්ති සම්භාවීය පුද්ගලයන්ය.

2010 වසරේ සිට විදෙස් ගත ඉන්දීය ජාතිකයන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට ඉන්දීය මැතිවරණ කොමිසම අවස්ථාව සලසා දී තිබේ.

දේශපාලන පක්ෂ 2,300ක් ඉන්දීය මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී ඇති නමුත් ජාතික මට්ටමේ ප්‍රධාන පක්ෂ ලෙස හඳුනාගෙන ඇත්තේ පක්ෂ හතක් පමණි. පක්ෂ 59ක් ප්‍රාන්ත මට්ටමෙන් ඉදිරිපත් ව සිටී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න