ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම්වරිය ඉවතට

ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම්වරිය ඉවතට

ජනපති ට්‍රම්ප්ගේ මතභේදාත්මක දේශසීමා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවූ ඇමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් ක‍්‍රිට්ස්ජෙන් නීල්සන් සිය ධූරයෙන් ඉවත්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කරන ලදී.

ට්විටර් පණිවිඩයක් හරහා ඇය කළ සේවයට ස්තුති කළ ජනපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ තාවකාලිකව එම තනතුරට රේගු සහ දේශ සීමා ආරක්ෂක කොමසාරිස් කෙවින් මැකලීනන් පත්කරන බවයි.

කෙසේ වෙතත් කර්ස්ටින් නීල්සන් සිය ධූරයෙන් ඉවත්වන්නේ සිය කැමැත්තෙන්ද නැතිනම් යම් බලපෑමක් මතද යන්න පිළිබදව තවමත් හෙලි වී නොමැත.

කර්ස්ටින් නීල්සන් 2017 වසරේ සිට අමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් ධූරයේ ක්‍රියා කළ අතර ජනපති ට්‍රම්ප්ගේ දේශසීමා ආරක්ෂක ප්‍රතිපත්තිවලට පක්ෂපාතී කටයුතු කිරීම හමුවේ ඇය විවිධ පාර්ශවයන්ගේ විවේචනයට ද බඳුන් වූවා ය.

ඇමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව එරටට අනවසරයෙන් ඇතුළුවන සංක්‍රමණික පවුල් දේශසීමාවේදී එකිනෙකාගෙන් වෙන් කිරීම සහ ඇමෙරිකාව මෙක්සිකෝවෙන් වෙන්කර ඉදිකිරීමට යෝජිත පවුරේ කටයුතු සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන ආයතනයක් ලෙස සඳහන් ය.

ජනාධිපති ට්‍රම්ප්ගේ මතයට අනුව ඇමෙරිකාවට ඇතුළුවන අනවසර සංක්‍රමණිකයන් එරට ජාතික ආරක්ෂාවට තර්ජනයකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න