යුරෝපා කොමිසමේ නව සභාපති ලෙස කාන්තාවක් පත් වෙයි

යුරෝපා කොමිසමේ නව සභාපති ලෙස කාන්තාවක් පත් වෙයි

ජර්මනියේ උර්සුලා වොන් ඩර් ලේයන් යුරෝපා කොමිසමේ නව සභාපතිවරිය ලෙස තේරීපත් විය.

ඒ, එම ධූරයට පත් ප්‍රථම කාන්තාව බවට ඉතිහාසගත වෙමිනි.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර පැවති රහසිගත ඡන්දයකදී තියුණු තරගයකින් අනතුරුව උර්සුලා වොන් ඩර් ලේයන් මෙම තනතුරට පත් වූ බව සඳහන් ය.

යුරෝපා කොමිසමේ සභාපති ජීන් ක්ලෝඩ් ජන්කර් ලබන නොවැම්බර් මස 1 වන දින සිය ධූරයෙන් ඉවත් වූ පසු ඇය එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත ය.

එක්සත් සහ ශක්තිමත් යුරෝපයක් ගොඩනැගීමේ සිය වගකීම දැන් ඇරඹෙන බවත් ඒ සඳහා එක්ව කටයුතු කිරීමට සහය වන ලෙසත් ඡන්දයෙන් පසුව උර්සුලා වොන් ඩර් ලේයන් සඳහන් කළා ය.

බ්‍රසල්ස් නුවර උපත ලැබූ ඇය දරුවන් 7 දෙනෙකුගේ මවක වන අතර දේශපාලනයට පිවිසීමට පෙර ප්‍රසව සහ නාරි වෛද්‍යවරියක ලෙස කටයුතු කළා ය.

සමාජ සුබ සාධනය, දරිද්‍රතාවය දුරලීම සහ කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විශාල කාර්යභාරයක් ඉටු කිරීමට යොමු කරන බවට උර්සුලා වොන් ඩර් ලේයන් ප්‍රතිඥා දී තිබිණි.

newsfirst

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න