Language Switcher

V2025

බ්‍රසීලයේ හිර ගෙදර ගැටුමකින් 52ක් මරුට

බ්‍රසීලයේ බන්ධනාගාරක් තුළ ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 52 දෙනෙකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

පැය පහක කාලයක් පුරා බන්ධනාගාරයේ එකිනෙකාට විරුද්ධ කල්ලි 2ක් අතර මෙම ගැටුම සිදුවී ඇත.

එහිදී මියගිය අයගෙන් 16 දෙනෙකුගේම හිස ගසා මරා දමා ඇති අතර බන්ධනාගාරයේ කොටසක් ගිනි තැබීමටද එම පුද්ගලයන් කටයුතු ඇත.

එහිදී ප්‍රාණ ඇපයට ගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට නිදහස් කර ගැනීමට සමත්ව ඇති බවද එහිදී වැඩි දුරටත් සදහන් වේ.