මෙක්සිකෝ ගුවන් අනතුරකින් 14දෙනෙකු මිය යයි

මෙක්සිකෝ ගුවන් අනතුරකින් 14දෙනෙකු මිය යයි

මෙක්සිකෝවට අයත් පෞද්ගලික ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

ලාස්වේගාස් සිට මොන්ටෙරේ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් මෙලෙස අනතුරට පත් වී ඇත.

ගුවන් යානය පසුගිය ඉරිදා සිට මෙක්සිකෝ රේඩාර් පද්ධතියෙන් අතුරුදන්වී ඇති අතර, පරික්‍ෂණවලින් අනතුරුව ගුවන් යානයේ සුන්බුන් මෙකේසිකෝවේ කදුකර ප්‍රදේශයකින් අද හමුවූ බවත්, එහි ගමන් ගත් සියලු දෙනා ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය කඩා වැටීමට හේතුව සොයා මේ වන විටත් පරික්‍ෂණ ආරම්භ කර ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න