කිසිවකුගේ දුර්වල භාෂා දැණුම විහිළුවට ලක්කිරීම මා අතින් කිසිදාක සිදුනොවේ.
ගංවතුර සහන කටයුතු සහ යළි යථා තත්ත්වයට පත් වීම මෙන් ම ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අති උතුම් අයතුල්ලා අලි කමේනි ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ජනතාව සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිති.
ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය සියලු ම තොරතුරු සහ සේවා එකම වහලක් යටින් ලබා දීමේ අරමුණින් ඉදිකෙරෙන 'සන්සෙට් වීව් පාර්ක්' (Sunset View Park) තොරතුරු සහ සේවා මධ්‍යස්ථානයට මුල්ගල තැබීම, ඊයේ (02) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් ආරුගම්බේ පාලම අසල දී සිදු කළේ ය.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙනිසුවෙලා විදේශ කටයුතු අමාත්‍ය ඊවන් ගිල් පින්ටො සමග දුරකථන සංවාදයක් පවත්වා ඇත.
ක්‍රීඩා සංචාරකත්වය දියුණු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය විජිත හේරත් පසුගියදා (16) උපදෙස් දුන්නේ ය.
ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා සම්මේලන කිහිපයක නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී පැවැති විශේෂ රැස්වීමක දී ය.
මෙම රැස්වීමේ දී ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සංවිධානය කිරීම හා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගනිමින් ඒවා විදේශිකයන් අතර ප්‍රචලිත කිරීම තුළින් සුවිශේෂි සංචාරක කාණ්ඩයක් ශ්‍රී ලංකාව දෙසට ආකර්ශනය කරගැනීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණි.
එහි දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට්, රග්බි, පාපන්දු යන ප්‍රධාන ක්‍රීඩා තරඟවලට අමතරව තවත් ක්‍රීඩා ගණනාවක් සඳහා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන් ප්‍රේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් වාර්ෂික පැමිණෙන බව හඳුනා ගනු ලැබුණි.
වෝටර් රාෆ්ටිං, සර්ෆිං, කඳු නැගීම, පා පැදි තරඟ, මැරතන් තරඟ ආදි ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව අවධානය දිනා ඇති අතර මෙම ඉසව් විවිධ ස්ථානවල වෙන වෙනම පැවැත්වෙන බවත් මෙම රැස්වීමේ දී අනාවරණය විය. මින් ඇතැම් තරඟ ජාත්‍යන්තර මට්ටමේ තරඟ නොවුණත් විවිධ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් විවිධ කොටස් වශයෙන් පැවැත්වෙන බවත් වැඩිදුරටත් වාර්තා විය.
ක්‍රීඩා සංචාරකත්වය දියුණු කරන්න මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටත් අවධානය
එළඹෙන වසර සඳහා සංවිධානය කර තිබෙන ඉසව්, තරඟ පිළිබඳව ද අධ්‍යයනය කරනු ලැබූ අතර පළමු මාස 04 තුළ ක්‍රිකට් තරඟ 40ක් පමණ සංවිධානය කර තිබෙන බවත් සෙසු ක්‍රිඩා සඳහා ද ඉසව් රැසක් සංවිධානය කර තිබෙන බව ද හඳුනාගනු ලැබුණි.
කෙසේ නමුත් ක්‍රීඩා ඉසව් සැලසුම්සහගව සංචාරක ආකර්ශනය සඳහා යොදා ගැනීම සිදු නොවීම ගැටලුවක් වන බැවින් එයට පිළියමක් ලෙස මෙහෙයුම් කමිටුව පිහිටුවීමට තීරණය විය.
මෙහි දී අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ දී විවිධ අංශ හඳුනාගැනීම අවශ්‍ය වන බවත් එහිදී ක්‍රීඩා සංචාරකත්වය විශේෂ අංශයක් ලෙස රජය හඳුනගෙන තිබෙන් බවත් ය. එමෙන් ම මෙහෙයුම් කමිටුව පිහිටුවීම තුළින් ක්‍රීඩා සංචාරකත්ව ක්ෂේත්‍රයේ තිබෙන විශේෂත්වය, විභවතාව සහ පරාමිතීන් හොඳින් අවබෝධ කරගෙන ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ හැකි බවයි.
ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සංවර්ධන වැඩපිළිවෙල්වල දී ක්‍රීඩා හා සංචාරක යන ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කර ක්‍රීඩා සංචාරකත්වය ප්‍රවර්ධනය කරන්නේ කෙසේ ද තරඟ ගෝලීය වශයෙන් ප්‍රචාරය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් ශ්‍රී ලංකාවට පැමිණෙන ක්‍රිඩා සංචාරකයන් අතර ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය හඳුන්වා දීම, අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම, ඒ සඳහා අවශ්‍ය වන මගපෙන්වීම් ලබා දීම, සැලැසුම් ලබා දීම ආදිය සිදු කිරීම මෙහෙයුම් කමිටුව මගින් අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේද එක්ව සිටියහ.

ගාල්ල වරායට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදේ දී අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ සිටි පිරිසක් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවක් ජයග්‍රහණය කරන ලද්දේ 2010 වසරේ පමණක් බව විදේශ ඇමති විජිත හේරත් පවසයි.
එම යෝජනාවද ශ්‍රී ලංකා රජය පැත්තෙන් ශ්‍රී ලංකා රජය විසින්ම ගෙන ආ යෝජනාවක් යයිද පැවසූ ඔහු ඉන් පසු ගෙන ආ සියලු යෝජනා ඡන්ද විමසීමට සිදුවූ යොමු කළ අවස්ථාවල පරාජයට පත්ව ඇති බවද හෙතෙම කියා සිටී.
සාමූහික වශයෙන් යුරෝපා රටවල් එක් මතයක සිටින බැවින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනා පරාජයට පත් කිරීම ඉතා විරල බවද හෙතෙම කියා පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලැබෙන ඡන්ද ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය වන බවද ඔහු පැවසුවේය. ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකරන රටවල් ගණනද ඉහළ ගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
නමුත් මෙහිදී විමතියට කරුණු වන්නේ පැවති රජයන් එම යෝජනාවන් පරාජයට පත්වන බව දැන දැනත් මහජන ධනය ඒ වෙනුවෙන් වියදම් කිරීම් බවත් පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඡන්ද ලබාගැනීම සඳහා මෙරට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිස් එම රටවල සංචාර කළ බවද හෙතෙම චෝදනා කළේය.
එවන් තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලීමෙන් සිදුවන්නේ දැනටමත් ජාත්‍යන්තරීකරණය වී ඇති ප්‍රශ්නය දේශීය වශයෙන් විසඳා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවීම බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පළ කළේය.
"Ditwah" සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීම සඳහා තායිලන්ත රාජකීය රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 10.2 ක දායකත්වයක් ලැබී තිබේ.
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.
වාහනවල අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාද වීමට බලපෑ හේතුන් සැලකිල්ලට ගනිමින් තාවකාලික අංක තහඩු භාවිතා කිරීමට අවසර දුන් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
(සටහන - සිරිමලී ලියනගම)
Sirimali Liyanagama
ශ්‍රී ලංකාව අද වන විට කලාපීය සහ ගෝලීය බලවතුන්ගේ උපායමාර්ගික මර්මස්ථානයක් බවට පත්ව ඇත. බංකොලොත් වූ ආර්ථිකය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යොමුවීමත්, චීන ණය සහන ලබා ගැනීමට ඇති අවශ්‍යතාවත්, ඉන්දු-පැසිෆික් කලාපයේ බලතුලනය පවත්වා ගැනීමේදී ඉන්දියාව සහ ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය ඉටු කරන භූමිකාවත් නිසා අපගේ ජාතික ස්වාධීනත්වය දැඩි පරීක්ෂාවකට ලක්ව ඇත.

භූ-දේශපාලන කඹ ඇදිල්ල:
චීන ණය, ඉන්දු-ජපන් ආරක්ෂක ව්‍යාපෘති සහ
උපායමාර්ගික ස්වාධීනත්වයේ දැවෙන ප්‍රශ්නය
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය (ECT) සම්බන්ධයෙන් 2019-2020 කාලයේ ඉන්දියාව සහ ජපානය කළ ආයෝජන උත්සාහය, ජනතා විමුක්ති පෙරමුණ (JVP) මූලික කරගත් සේවක විරෝධතා හේතුවෙන් අසාර්ථක විය. නමුත් ඉන් පසු ඉන්දියාව, අදානි සමූහය හරහා කොළඹ බටහිර ජැටිය (WCT) ලබා ගැනීමෙන් සහ ජපානයේ ප්‍රධාන කොටස්කරුවා වූ කොළඹ ඩොක්යාඩ් සමාගමේ පාලන අයිතිය පවා ඇමෙරිකානු ඩොලර් මිලියන 52.96කට හිමිකර ගැනීමෙන්, කලාපීය බලවතුන් ශ්‍රී ලංකාවේ ස්ථිර ලෙස ස්ථානගත වී ඇති බව සනාථ කරයි.

චීනය හම්බන්තොට දෙසටත්, ඉන්දියාව ත්‍රිකුණාමලය දෙසටත් තම මර්මස්ථාන කේන්ද්‍ර කරන පසුබිමක, ශ්‍රී ලංකාවට සිය උපාය මාර්ගික ස්වාධීනත්වය ආරක්ෂා කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ සමබර සහ තීක්ෂණ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.
ජපානයේ OSA වැඩසටහනේ භූ-දේශපාලන අර්ථය
2025 සැප්තැම්බර් 29 වන දින ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර අත්සන් කරන ලද 'නිල ආරක්ෂක සහය' [Official Security Assistance (OSA)] ගිවිසුම මෙම භූ-දේශපාලන අරගලයේ නවතම සහ වැදගත්ම සන්ධිස්ථානයයි. රුපියල් බිලියනයක (යෙන් මිලියන 500) මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබීමට නියමිත නවීන නියමුවන් රහිත ගුවන් යානා (UAVs), හුදෙක් ආධාරයක් නොව, ජපානයේ නව ජාතික ආරක්ෂක උපාය මාර්ගය මත පදනම් වූ දේශපාලන ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර අත්සන් කරන ලද 'නිල ආරක්ෂක සහය' [Official Security Assistance (OSA)] ගිවිසුම
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,
*ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය (FOIP): ජපාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනවලට අනුව, මෙම OSA ව්‍යාපෘතිය අරමුණු කරන්නේ ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ විකර්ෂණ හැකියාවන් වැඩි දියුණු කිරීමයි. මෙය, "නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික්" (Free and Open Indo-Pacific - FOIP) සංකල්පය යටතේ ජපානය, ඇමෙරිකාව සහ QUAD සන්ධානය චීනයේ වර්ධනය වන බලපෑමට එරෙහිව කලාපීය ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කිරීමේ පැහැදිලි උත්සාහයකි.
*ODA සිට OSA දක්වා වෙනස: ජපානය මීට පෙර ශ්‍රී ලංකාවට ලබා දුන්නේ නිල සංවර්ධන ආධාර (ODA) වුවද, OSA වැඩසටහන ආරම්භ කිරීමෙන් පෙන්වා දෙන්නේ ජපාන විදේශ ආධාර ප්‍රතිපත්තියේ ආරක්ෂාව සහ ආර්ථික ආරක්ෂාව පිළිබඳ අවධාරණය ඉහළ ගොස් ඇති බවයි. මෙය ශ්‍රී ලංකාව ඇමෙරිකානු යුද යාන්ත්‍රණයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන ජපානය සමඟ නව ආරක්ෂක සහයෝගීතා අවධියකට පිවිසීමක් ලෙස සැලකිය හැකිය.
*නව රජයේ දිශානතිය: අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් නව රජය, 2025 අප්‍රේල් මාසයේදී ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් කිරීමෙන් (එහි ආරක්ෂක ගිවිසුමක් ද ඇතුළත් විය) සහ ඉන්පසු ජපානය සමඟ මෙම OSA ගිවිසුමට අත්සන් කිරීමෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් බටහිර කණ්ඩායම සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමට පියවර ගනිමින් සිටින බව පැහැදිලිය.
ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ 'ගාසා හි තත්වය' සහ ශ්‍රී ලංකාවට ඇති බලපෑම
කලාපීය බලවේග අතර විරසකයන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අවස්ථාවක් සපයයි. විශේෂයෙන්ම, ඉන්දියාව සහ ඇමෙරිකාව අතර රුසියාව, චීනය සහ පාකිස්තානය සම්බන්ධයෙන් යම් මතභේද පවතින බව රහසක් නොවේ.
*මෝදිගේ 'යුදෙව්-පලස්තීන' සමතුලිතය: මෑතකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම වැඩපිළිවෙල වහාම පිළිගැනීම, ඉන්දියාවේ සාම්ප්‍රදායික පලස්තීන හිතකාමී ප්‍රතිපත්තියෙන් වෙනස්වීමක් ලෙස විදේශීය විශ්ලේෂකයෝ සලකති. මෝදි සිය සහාය ඉංග්‍රීසි, අරාබි, හීබෲ ඇතුළු භාෂා හතකින් ප්‍රකාශ කිරීම, නවදිල්ලිය දැන් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ ඇති ආරක්ෂක සහ තාක්ෂණික බැඳීම් ශක්තිමත් කරමින්, ගෝලීය රාමුව තුළ මැදිහත් වීමට ඇති කැමැත්ත පෙන්වයි.

*ශ්‍රී ලංකාවේ අවකාශය: මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ, ඉන්දියාව සහ ඇමෙරිකාව QUAD කණ්ඩායම තුළ සිටියත්, ඔවුන්ගේ උපායමාර්ගික අවශ්‍යතා සියල්ලේදී සම්පූර්ණයෙන්ම එකඟ නොවන බැවිනි. ඉන්දියාවේ මෙම 'බහු-පාර්ශ්වික සමතුලිතය' (Israel-Palestine-USA-Russia) හරහා ශ්‍රී ලංකාවට, ඉන්දීය සාගරයේ තමන්ගේ අවශ්‍යතා ඉස්මතු කරමින්, දෙපාර්ශ්වයම සමතුලිතව කළමනාකරණය කර ගැනීමට ඇති රාජ්‍යතාන්ත්‍රික අවකාශය පුළුල් වේ.
උපායමාර්ගික ස්වාධීනත්වයේ මාර්ගය
ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙම ගෝලීය බල අරගලයෙන් මිදීමට ඇති එකම සාර්ථක මාර්ගය වන්නේ පූර්ණ ස්වාධීනත්වයක් නොව, උපායමාර්ගික ස්වාධීනත්වය (Strategic Autonomy) ය.
1. සමබරතාව සහ විනිවිදභාවය: චීන සහ ඉන්දීය-බටහිර කඳවුරු දෙකම අත්‍යවශ්‍ය හවුල්කරුවන් ලෙස සලකමින්, කිසිවෙකුට වරාය හෝ ආරක්ෂක කටයුතුවල ඒකාධිකාරයක් ලබා නොදී, සියලු ගිවිසුම් පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කිරීම. (ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම වැනි කාරණා වහා නිවැරදි කිරීම අත්‍යවශ්‍ය වේ).

2. ආර්ථික ස්වයංපෝෂිතභාවය: ණය සහ විදේශ ආධාර මත යැපීම අවම කරමින්, කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් මූල්‍යමය ස්වාධීනත්වය තහවුරු කර ගැනීම. (මෙය නොමැතිව කිසිදු උපායමාර්ගික ස්වාධීනත්වයක් පවත්වා ගත නොහැක.)
3. ජාතික අවශ්‍යතාවට මුල් තැන: ඕනෑම බලවතෙකුගේ මිත්‍රත්වයකට ප්‍රතිචාර දැක්විය යුත්තේ, එමගින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය සහ ආර්ථික දියුණුව තහවුරු කරන්නේ නම් පමණි.
මෙම අතිශය තීරණාත්මක භූ-දේශපාලන මොහොතේ, ශ්‍රී ලංකාව ජපානයෙන් OSA ලබා ගනිමින් සහ ඉන්දියාවට වරාය ව්‍යාපෘති ලබා දෙමින්, බටහිර සන්ධානය සමඟ සමීප වෙමින් සිටින බව පෙනේ. මෙම ගමන් මඟේදී චීනයේ ප්‍රතිචාරය සහ දේශීය වශයෙන් ඇතිවන බලපෑම් කළමනාකරණය කර ගැනීම නව රජයට ඇති දැවැන්ත අභියෝගය වනු ඇත.
මීළඟ කොටසින් -
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ගෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලබන ප්‍රශ්න සහ ඒ සඳහා පිළිතුර
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයින් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සයිබර් අපරාධ වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCC) 2024 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා සභාවේ 55 වන පූර්ණ සැසියේදී සම්මත කරන ලද අතර, එය බරපතල සයිබර් අපරාධ රැසකට විසැඳුම් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද ගෝලීය ප්‍රවේශයකි.
එම නව සම්මුතියට සම්බන්ධ වීම මඟින් ශ්‍රී ලංකාවට සයිබර් සක්‍රීය අපරාධ වැළැක්වීම හා ඒවාට එරෙහිව සටන් කිරීම, සහයෝගිතාව ශක්තිමත් කිරීම, වත්කම් නැවත අත්පත් කරගැනීම, සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීම සහ තාක්ෂණික සහාය හා ධාරිතා වර්ධනය කර ගැනීම වැනි ප්‍රතිලාභ අත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව, සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
(අංජුල මහික වීරරත්න - lankadeepa)
දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියාවේ අයෝධ්‍යාවේ, ශ්‍රී පංච අග්නි අඛාඩා ප්‍රධානී මහාමණ්ඩලේෂ්වර් ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ් පසුගිය 23වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමු වී සාකච්ඡා කළේ ය.
රජයේ රෝහල්වල සේවය කරන, මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන්ට සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

