Language Switcher

V2025

හේමසිරි ප‍්‍රනාන්දු රචිත ‘එසේස් ඔන් සිලෝන් රේල්වේස්’ කෘතිය එළිදකියි

සියවසක කාලය තුළ ලංකා දුම්රිය සේවයේ විකාශනය මෙන්ම දුම්රිය තාක්ෂණයේ පරිවර්තනය සම්බන්ධයෙන් මහජන බැංකුවේ වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් ‘එසේස් ඔන් සිලෝන් රේල්වේස්’ නමින් රචිත කෘතිය පසුගියදා එළිදැක්වී තිබේ.

මෙම කෘතිය දුම්රිය සේවයේ නැගීම හා ව්‍යාප්තිය පිළිබද මුද්‍රිත අකුරින් පමණක් නොව, ඉතාම දුලබ සේයාරූ, රූප සටහන්, වැදගත් වගු වලින් මෙන්ම ප‍්‍රතිනිර්මාණය කරනු ලැබූ සිතියම් හා පිඹුරුපත් වලින් ද පෝෂණයව වී තිබීම විශේෂත්වයකි.

හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් පිළිවෙලින් 2013 හා 2014 වසර වල දී ලියා පලකළ ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතිය සහ ‘ද ඌව රේල්වේ - රේල්වේ ටු ද මූන්’ යන කෘති දෙක සැලකෙන්නේ, ලංකාවේ දුම්රිය සේවය හා දුම්රිය සම්බන්ධයෙන් ලියා ඇති අග‍්‍රගණ්‍ය පර්යේෂණ කෘති දෙකක් ලෙසයි.

Hemasiri Fernando 01