Language Switcher

V2025

21 වෙනි සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි !

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුත්තියා මුරලිදරන් 21 වන සියවසේ වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player) ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් නම් කර තිබේ.

ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන ක්‍රික්විස් සමඟ එක්ව මෙම සඟරාව 21 වන සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 30 දෙනා නම් කර ඇති අතර ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩකයින් ලැයිස්තුවේ ඉහළින්ම සිටී.

“අපි 2000 වර්ෂයේ සිට දත්ත එක්රැස් කර ඇති අතර එම නිසා මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ 2000-2020 කාල පරිච්ඡේදය සඳහායි ”යැයි විස්ඩන් ක්‍රිකට් මාසික අලෙවිකරණ අධ්‍යක්ෂ සෑම් ස්ටෝ පැවසීය.

“මුරලිගේ ටෙස්ට් කඩුලු 800 න්, ඔහු තරඟ 85 කදී කඩුලු 573 ක් ලබාගෙන ඇත්තේ 2000 ජනවාරි 1 සිට 2010 දක්වා ය. මෙම කාලය තුළ මෙම ප්‍රමාණයට වඩා ඉදිරියෙන් සිටින්නේ ජේම්ස් ඇන්ඩර්සන් නම් ක්‍රීඩකයා පමණි. නමුත් ඔහු මෙම කදුළු ප්‍රමාණය ලබාගෙන ඇත්තේ තරඟ 151ට ක්‍රීඩා කිරීමෙනි” යයි ස්ටෝ වැඩිදුරටත් පවසා තිබේ.