Language Switcher

V2025

“මකරන්ද” පංච පුද්ගල ගී ප්‍රසංගය ජුනි 9 වැනිදා !

ඒක පුද්ගල ද්වී පුද්ගල ත්‍රී පුද්ගල චතුර් පුද්ගල ද නොවේ. මෙය පංච පුද්ගල සුවඳ විසිරෙන නැවුම් සංගීතමය අත්දැකීමකි.

එදා වෑත්තෑවේ සම්ඳු “මලෙක සුවඳ සිව්සිය ගව් ඇසේයා“ කීවේ ගුත්තිල කවියෙනි. අද මකරන්ද සමග ගී මල් සුවඳ සිව්සිය ගව්විසිරෙන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගායක ගායිකා, පංච නාද ධ්වනි මුසුවක ඵලයක් ලෙසින්ය. ඔවුන් සියල්ලෝ තමන්ගේ ක්ෂේත්‍රයෙහිප්‍රාමාණිකයෝය. නිර්මාණකරණයෙහි බහුල අත්දැකීම් සතු , කුසලතා පිරි, රසික හදට ළංවූවන්ය.

වේදිකා නාට්‍ය, චිත්‍රපටය, රූපවාහිනී නාට්‍ය, සංගීතය හා ගායනය, රූපණය, නර්තනය ඔවුන් නියෝජනය කරනු ලබන කලා හාසෞන්දර්ය ප්‍රාසංගික ක්ෂේත්‍ර වේ. මකරන්ද ගී සුවඳ පතුරුවනු ලබන මේ පංච පුද්ගල මියැසිය සරල, සරල ශාස්ත්‍රීය, ජන හා නාට්‍ය ආදී වූගීත ශෛලීන්ට අයත් ගී ගයනු ඇත. මෙකී ශෛලීන්ගෙන් ගැයෙන ගීතාවලියකින් සමලංකෘත වන මකරන්ද ගී අතර, පැරණි නූර්ති, නාඩගම්, මානව වංශ සංගීත ක්ෂේත්‍රගත ගීත සහ පෙර දා රසිකයන් අතර මෙන්ම නවීන රසික පරපුර අතර ද බෙහෙවින් ජනප්‍රිය වූ ගීතසමුච්චයකින් පිරුණකි.

මෙලෙස සුවඳ සිව්සිය ගව් ඇසේයා..!

එළඹෙන ජුනි 9 වැනිදා පස්වරු 7 ට කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී මකරන්ද සුවඳ විදිනා දිනයයි.

makarandha1