මුදල් නැතුව හිරවෙන්න එපා : කොරෝනා මඩින්න සල්ලි ගන්න පාර්ලිමේන්තුව කැඳවන්න !

මුදල් නැතුව හිරවෙන්න එපා : කොරෝනා මඩින්න සල්ලි ගන්න පාර්ලිමේන්තුව කැඳවන්න !

මෙරට රාජ්‍ය  මූල්‍ය පාලනය සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව සතු බැවින් පාර්ලිමේන්තු වූ වහාම කැඳවා කොරෝනා  පාලනයට ඇතුළුව ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගත යුතු බව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති හිමි පවසති.

හෙල බොදු සංවිධානයේ  සංවිධානයේ  සභාපති  බුදුගල ජිනවංශ හිමි නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව විසුරුවා ඇති පාර්ලිමෙන්තුව නැවත කැඳවීමක් කළ හැකිය. එමගින් වසංගතය ජය ගැනීමට ප්‍රතිපාදන සකස් කිරීම. මහජන ආරක්ෂාක පනත යටතේ ඇඳිරි නීතිය පැනවීම, නිත්‍යානුකූල කිරීම ආදි කටයුතු රාශියක් මේ මගින් රාජ්‍යයට කරගත හැකි බවත් අවධාරණය කර ඇත.
අදාල සම්පූර්ණ නිවේදනය පහත දැක් වේ.

රාජ්‍ය මුල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව නැවත කැදවා මුල්‍ය සම්මතයක් ගෙන ජනතාවට සහන දි වසංගතයට මුහුණ දෙමු .ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මුල්‍ය සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවේ. දෙසැම්බර් මාසයේ කොරෝනා අවධානම පිළිබඳව ලෝකයම දැන සිටියත් විපක්ෂය ඒ පිළිබඳව ජනවාරි පෙබරවාරි මාසවලදී පාර්ලිමේන්තුවේ අවධනාය යොමු කලත් වසංගතය පාලනය කිරීමට අවශ්‍ය මුල්‍ය සම්මත නොකර ගන්නා ලදි.

මුලසිටම කොරොනා වෛරසයට මුහුණදීමේ සැලසුමක් ආණ්ඩුවට නොවිය. දකුණු ආසියාතික රටවල් පාර්ලිමේන්තු ප්‍රජතන්ත්‍රවාදට ගරු කරමින් වසංගතය පාලනය කිරීමට මුදල් වෙන්කර ජනතාවට සහන ලබාදෙන ලදි.2018 මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් 25 ජන්දය පැවැත්වීම සහ මැයි 08 නව පාර්ලිමේන්තුව කැඳවීමටත් දින නියමකර ඔබතුමා ගැසට් නිවේදන නිකුත්කර ඇත. කෙසේ වෙතත් මාර්තු 19 වනදා නාමයෝජනා ලබාගැනීමෙන් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබුනු විගස දින නියමක් නොමැතිව මහමැතිවරණය කල්දමා ඇත. එමෙන්ම නිවේදනයක් මගින් දින නියමයක් නොමැතිව මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවද පිළිගෙන ඇත.

රජයට වසංගතය පාලනයට ව්‍යවසථාවේ 151(1) අනුව අනපේක්ෂිත හදිසි වියදම් දෑරීම සඳහා අවිනිශ්චිත අවස්ථා අරමුදල භාවිතා කළ හැකිව ඇත.නමුත් එකි මුදල ආපසු ගෙවීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේනතුවට ඉදිරිපත් කළ යුතුය.එමෙන්ම විසර්ජන පනතක් නීතියක් බවට පත්විමට පෙර පාර්ලිමෙන්තුව විසුරුවා හරින අවස්ථාවක රජයේ සේවාවන් සඳහා මුදල් වෙන්කර නොමැති විට අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනයේ සිට මාස 03ක් ඉකුත්වන තෙක් රජයේ කටයුතු සදහා අවශ්‍ය මුදල ජනාධිපති විසින් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කල හැකිය.

(150(3)) . මෙහිදි මතුවන ගැටඵව නම් මාර්තු 30 හෝ මැයි 8 සිට නැවත පාර්ලිමේන්තුව කැඳවන දිනය තෙක් මුල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා නීත්‍යානුකුල නොවන ආකාරයට මුදල් ලබා ගැනීම රජයේ නිලධාරින්ට යම් ගැටඵවක් ඉදිරියේ ඇති විය හැකිය.මේ අවස්ථා‍‍වේදි ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව විසුරුවා ඇති පාර්ලිමෙන්තුව නැවත කැඳවීමක් කළ හැකිය. එමගින් වසංගතය ජය ගැනීමට ප්‍රතිපාදන සකස් කිරීම.

මහජන ආරක්ෂාක පනත යටතේ ඇඳිරි නීතිය පැනවීම, නිත්‍යානුකූල කිරීම ආදි කටයුතු රාශියක් මේ මගින් රාජ්‍යයට කරගත හැක. හමුදාව සහ සෞඛ්‍ය අංශය මේ අවස්ථාවේදි කරන සේවය ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කර සිටිමු. රටේ ව්‍යවස්ථාවට හා ප්‍රජාතන්තවාදය ගරු කරමින් එය අරක්ෂා අරක්ෂාකර ගැනිම සඳහා පාර්ලිමේනතුව  වහා කැඳවනු ඇතැයි අප තරයේ විශ්වාස කරන්නෙමු.

බුදුගල ජිනවංස හිමිසභපති

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න