නින්දිතයි - ඩෙංගු සහ කොවිඩ් වසංගතය සංසන්දනය කර ඇමැති බන්දුල ජනතාව අන්දයි !

නින්දිතයි - ඩෙංගු සහ කොවිඩ් වසංගතය සංසන්දනය කර ඇමැති  බන්දුල ජනතාව අන්දයි !
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට කොවිඩ් වසංගතය අවසන්වී මහ මැතිවරණය පැවැත්වීමට නම් තවත් වසර එක හමාරක් පමණ ගත වනු ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
 
කැමති උනත් අකමැති වුනත්  පසුගිය ආණ්ඩුව  සමයේ  ඩෙංගු රෝගයෙන්  වසරකට සිය ගණනක් මිය ගිය බවත් නමුත් corona තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත්තේ හත් දෙනෙකු පමණක් බවත් ඔහු සඳහන් කරයි.
 
ගෝලීය වසංගත තත්ත්වය සහ නිරෝධායන සහ රෝගයෙන් ආරක්ෂාවීමේ මූලික සංසන්දනාත්මක දත්ත අමුඅමුවේ විකෘති කරමින් ජනතාව මුලුමනින්ම නොමග යවන ප්‍රකාශයක් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සිදු කර ඇති බව මේ සම්බන්ධව අදහස් දක්වන සමාජ මාධ්‍ය ප්‍රතිචාර අතර දැක්වේ.
 
බන්දුලගේ ඇන්දිල්ල !
 
පහත දැක්වෙන්නේ  කොවිඩ් 19  වසංගතය ආශ්‍රිත නව ආසාදිතයන් වාර්තා වන ආකාරය අනූව සමස්ථ ආසාදිතයින් ගේ ප්‍රස්තාරයකි.
 
94701219 1157298017941261 5679034598923698176 n
 
මේ සමස්ථ මරණ සංඛ්‍යාව වාර්තා වන ආකාරයට අනූව සැකසුණු ප්‍රස්තාරයකි.
 
Screenshot 20200501 220639
 
මේ වන විට කොවිඩ් 19   ගෝලීය වසංගතය හමුවේ රෝගීන් බවට පත්වූ ලොව  සමස්ථ සංඛ්‍යාව 3341597කි. මරණ ප්‍රමාණය 235954කි.
 
එසේම ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1102982ක් වන අතර මරණ 64440කි.
 
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අන්දන්නේ එහෙම පසුබිමක් ය. ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වසංගතයක් ලෙස නම් කර ඇති තත්ත්වයක් ඔහු මදුරු ආසාදනයක් වෙත සම කරන්නේ ඉක්මනින් මහ මැතිවරණය පවත්වා 2/3ක බලයක් ගැනීම යන අපේක්ෂාව සඳහා ය. මීට පෙර තිලංග සුමතිපාල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ද කොවිඩ් 19 වසංගතය ඩෙංගු රෝගය ට සංසන්දනය කළා මතකය.
 
ප්‍රස්තාර මූලාශ්‍රය - www.worlddometers.info

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න