පාසල් ආරම්භය 10 වසරේ සිට ඉහළට !

පාසල් ආරම්භය 10 වසරේ සිට ඉහළට !

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම හමුවේ වසා දැමුණු පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනූව අධ්‍යාපන අමාත්‍යාංශ නිර්දේශය වී ඇත්තේ පාසල් ආරම්භයට පෙර සියලු පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් අනතුරුව ද අවස්ථා කිහිපයක දි සියලු පාසල් විෂබීජහරණයට ලක් කෙරෙනු ඇත.

මීට අමතරව පාසල් පවත්වාගෙන යාමේ දී සියලු ශ්‍රේණී සදහා පාසල් විවෘත කිරීමක් සිදුනොවන අතර විභාග පාදක කරගනිමින් 10 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණී සදහා පමණක් පාසල් ආරම්භ කිරීමට නියමිත බව මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත  අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්.රත්නායක පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න