රටේ පාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන ළමා ආරක්ෂාව ඡන්ද ගුන්ඩුවක් ලෙස සටන් පාඨවලට පමණක් සීමා වී ඇති බව කාටත් පිළිගන්නට සිදුව ඇතැයි ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසයි.
මේ වීඩියෝ සම්බන්ධව තිරය පිටුපස මේවා හසුරුවන වැඩිහිටියන් සිටින බව සාමාන්‍ය දැනීම තියෙන ඕන කෙනෙකුට තේරුම් ගත හැකි බවත් සුප්‍රප්‍රකට ගායකයෙක් පවා එෆ් බී හරහා ඊට උල්පන්දම් දී දැන් එම පෝස්ට් දැන් ඉවත්කරගෙන බවත් ඇය පවසයි.
ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක සමාජ මාධ්‍ය වෙත වවීඩියෝවක් නිකුත්කරමින් මේ බව සඳහන් කරන අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
මම වෛද්‍ය තුෂ් වික්‍රමනායක ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපතිති. වෛද්‍යවරියක් හැටියටත් දෙදරු මවක් හැටියටත් මම හොඳටම දන්නවා කුඩා දරුවන් හැසිරෙන්නේ බොහෝ විට වැඩිහිටියන් අනුකරණය කිරීමෙන්. මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලා ගිණිගත්ත දරුවන් හතරදෙනාගේ වීඩියෝ සම්බන්ධව අපි, ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමාටත්, ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ටත් පැමිණිලි කළා. නමුත් රටේ පාලකයින්ගෙන් අපි බලාපොරොත්තු වෙන ළමා ආරක්ෂාව ඡන්ද ගුන්ඩුවක් ලෙස සටන් පාඨවලට පමණක් සීමා වී ඇති බව ඔබ කවුරුත් පිළිගන්නවා ඇති. සාමාන්‍ය දැනීම තියෙන ඕනේ කෙනෙකුට හොඳට තේරෙනවා මේ වීඩියෝ සම්බන්ධව තිරය පිටුපස මේවා හසුරුවන වැඩිහිටියන් සිටින බව. සුප්‍රප්‍රකට ගායකයෙක් පවා එෆ් බී එකෙන් මේවට උල්පන්දම් දුන්න පෝස්ට් දැන් අයින් කරගෙන. ඇයි ඒ? අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් මේ දරුවන්ගෙන් කටඋත්තර ගත යුතුයි. නමුත් මේ දරුවන්ව අත්අඩංගුවට ගන්නවත් පරිවාස භාරයට ගන්නවත් දඬුවම් කරන්නවත් නෙවෙයි අවශ්‍ය. කාර්යශූරී බලධාරීන් කළ යුත්තේ මේ සම්බන්ධයෙන් තිරය පිටුපස සිටින වැඩිහිටියන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්න එකයි. හැබැයි අවුරුදු 10 ක් ගිහිල්ලා නඩු ගිහින් වැඩක් නැහැ. ජීවිතාන්තය දක්වා හිරකරලත් වැඩක් නැහැ මොකද ළමා ඝාතකයින් පවා මුදා හරින ආශ්චර්යමත් ශ්‍රී ලංකාවකනේ අපි ඉන්නේ, දරු කැක්කුමක් නැති පාලකයින් සිටින රටක නියම හිමිකරුවන් වන දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නීතිගරුක පුරවැසියන් කළ යුත්තේ කුමක්ද?

