කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබා දෙන ඉන්ධන දීමනාව ඇතුළු වරප්‍රසාද කිහිපයක් රාජ්‍ය අමාත්‍යවරුන් වෙත ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය සම්මත කළ කැබිනට් පත්‍රිකාවට එරෙහි ව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.
එය ලිඛිත පැමිණිල්ලක් වන අතර මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අංක 2165/70 සහ 2020 මාර්තු 6 දිනැති ගැසට් පත්‍රයට පටහැනිව අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් සංදේශයක් අනුමත කරවා ගැනීම සම්බන්ධයෙන් එහි කරුණු දක්වා ඇත.
එම අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවා ගත නොහැකිව රාජ්‍ය සේවකයන්ගේ පඩි කපා දැමීමට කැස කවන ආණ්ඩුව මේ ආකාරයට රාජ්‍ය අමාත්‍යවරුන් රොත්තකට ඉන්ධන දීමනාව ලබා දීම පුදුම සහගත බවය.
රට පත්ව ඇති මෙම මූල්‍ය අර්බුදය හමුවේ ගෙන ඇති මෙම තීරණය අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

