දිනකට සිදුකරන කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සොයා බැලීමේ පරීක්ෂණ ප්‍රමාණය වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කිරීමට පියවර ගතහොත් සිතනවාට වඩා වැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය , එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකත් කර ඇති උපදෙස් මාලාව උපදෙස් මාලාව සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් දෙන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
එසේ ම ලෝකයම කොවිඩ් වසංගතය පාලනය කරන්නේ සමාජ දුරස්ථභාවය වැඩි කරමින් පරීක්ෂණ වැඩි කරමින් බවත් සාමාන්‍යයෙන් දිනකට පරීක්ෂණ 3000ක් වත් සිදුකළ යුතු බවත් සඳහන් කරයි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරන්නේ අද (10) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ය.
කොවිඩ් ව්‍යාප්තවීම පාලනය කරන සහ ප්‍රතිකාර කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ආරක්ෂක අංශ වල නියුතු වූවන් කෙරෙහි මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු නිවේදනයේ දක්වා ඇත.
එජාප නායක රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

