සේවක වැටුප් ගෙවීම් අර්බුදයක : රූපවාහිනියත් කෝටි 20ක ණයක් ඉල්ලයි !

සේවක වැටුප් ගෙවීම් අර්බුදයක : රූපවාහිනියත් කෝටි 20ක ණයක් ඉල්ලයි !

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම ණය මුදල ලංකා බැංකුවෙන් ලබාගැනීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ලබාදෙන්නැයි තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කැබිනට් සංදේශයක් මගින් ඉල්ලීමක් කර ඇතැයිද පැවසේ.

රූපවාහිනී සංස්ථාවේ සේවකයන් 934 දෙනකු සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම සදහා රුපියල් කෝටි 05ක පමණ මුදලක් මාසිකව වැය වන බව වාර්තා වේ.

ඔවුන්ට අනෙකුත් දීමනාගෙවීම සදහා මාසිකට රුපියල් කෝටි තුන හමාරක පමණ මුදලක්ද වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග පවසයි.

මේ අතර සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින රජයේ සංස්ථා හා මණ්ඩල බොහොමයක් ඒ සම්බන්ධයෙන් වහාම  මැදිහත් වන්නයි තමන්ගේ විෂයබාර අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීම් කර ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට ද වැටුප් ගෙවීම් අත්හිටුවා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න