නීතියට අනුගත නැති හාල් මෝල් පවරා ගන්න : රජයට යෝජනාවක් !

නීතියට අනුගත නැති හාල් මෝල් පවරා ගන්න : රජයට යෝජනාවක් !

වී රාජ්‍ය දේපලක් ලෙස සළකා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන ලෙසත් ආණ්ඩුව නියම කරන මිල ගණන්වලට හා නීතිවලට අනුගත නොවන මෝල් රජයට පවරා ගැනීමටත් කටයුතු කරන ලෙසත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න  ආණ්ඩුනට යෝජනා කරයි.

වී සඳහා ලබා දුන් සහතික මිලට ගැලපෙන ලෙස සහල් සඳහාද සහතික මිලක් ආණ්ඩුවම තීරණය කළ යුතු යැයි ද ඔහු පවසයි.

රජයට අයත් වසා දමන ලද වී මෝල් හා සතොසට අයත් වී මෝල් වහා විවෘත කිරීමටත් කුඩා මෝල් හිමියන්ට ණය ඇතුළු සහන සැළසීමට කටයුතු කළ යුතු බවත් නාමල් කරුණාරත්න තවදුරටත් සඳහන් කරයි.

මෙම පියවර ගැනීමෙන් මහා පරිමාණ මෝල් හිමියන්ගේ අධිකාරිය බිද හරින්නට හැකි වනු ඇතැයි ද කී ඒ මහතා සහල් අලෙවියට පවා රජය මැදිහත් වියයුතු යැයි කියා සිටියි.

රට තුළ සහල් හිගයක් නැතැයිද හිඟයක් මවා පාන්නේ මහාපරිමාණ මෝල් හිමියන් යැයිද තමා වගකීමෙන් යුතුව කියා සිටින බව පැවසූ නාමල්  කරුණාරත්න  මෙරට පරිභෝජනය සඳහා වසරකට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් 24ක් වන නමුත් වසරක දී මෙරට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 50කට ආසන්න ප‍්‍රමාණයක් නිපදවන බවද පෙන්වා දුන්නේය.

කීරි සම්බා කිලෝවකින් රුපියල් 50කට ආසන්න ශුද්ධ ලාභයක් මෝල් හිමියන් ලබන බව පෙන්වා දුන් ඔහු වී මිලට ගැනීමේ දී නාඩුමිලට වඩා කීරි මිල අඩුව පවතිද්දීත් කීරි සම්බා මිල මේ තරම් ඉහළ යෑම සහල් මාෆියාවේ කොටසක් යැයි ද පැවැසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න