නීතිඥ හිජාස් වෙනුවෙන් ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කරගෙන !

නීතිඥ හිජාස් වෙනුවෙන් ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කරගෙන !

අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය විසින් රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා ගොනු  කර තිබූ හබයාස්කෝපුස් පෙත්සම් දෙක ඉල්ලා අස් කර ගැනීමට අභියාචනාධිකරණය අද (27) පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දෙන ලදී.

ඒ අනුව එම පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමටට අභියාචනාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සම් අද  කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මේවන විට ගොනු කර ඇති බැවින් මෙම හෙබයාස්කෝපූස්  පෙත්සම් දෙන ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දෙන ලෙසය.

 ඒ ඉල්ලීමට අවසර ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලදී.

නීතිඥ හිජාස් හිස්බුල්ලා  වෙනුවෙන් ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ගොනුකර තිබෙන මෙම "හෙබෙයාස්කෝපුස්" පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ තිබුණි.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වල සදහන් කර සිටියේ ඉකුත් අප්‍රේල් 14 වැනිදා  රහස් පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගත් බවය.

මෙම අත්අඩංගුවට ගැනීම කිසිදු පදනමක් නොමැතිව සිදු කොට ඇති බව ද පෙත්සම්කරුවන්ගේ සිය පෙත්සම් වලින් කියා තිබිණි.

ඒ අනුව අත්අඩංගුවේ පසුවන නීතිඥ හිස්බුල්ලා ගෙන්  උපදෙස් ලබා ගැනීම සඳහා සිය නීතිඥවරුන්ට අවකාශ ලබා දෙන ලෙස රහස් පොලිසිය වෙත නියෝගයක් නිකුත් කර ලෙසත්,  ඔහුව අත්අඩංගුවෙන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න