වරායේ වැඩ වර්ජනයක් !

වරායේ වැඩ වර්ජනයක් !

කොළඹ වරාය සේවකයින් අද(02) දහවල් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

වරායේ සියලුම වෘත්තීය සමිති රැස් වී ගත් තීන්දුවකට අනුව වැඩවර්ජනය ආරම්භ කළ බව සමස්ත ලංකා පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ  සඳහන් කළේය.

චීනයෙන් ගෙන් වු දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළ කරමින් වරාය වෘත්තිය සමිති ක්‍රියාකාරීන් තිදෙනෙකු දොඹකරයකට නැග ඊයේ (01) දිනයේ උපවාසයක්ද ආරම්භ කළහ.

අදාළ දොඹකර වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට බලධාරින් එකඟතාව පළ කරන තුරු වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව චන්ද්‍රසිරි මහගමගේ  පැවසීය.

Lanka truth 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න