ප්‍රභූ ඝාතන කුමණ්ත්‍රණයක් ගැන මෙම නාමල් කුමාර නැමැත්තා සිදුකළ අනාවරණය පදනම් කරගෙ මෙරට සිදුවූ ප්‍රධාන සිදුවීමක් නම් ජනාධිපති සිරිසේන 2018 දියත් කළ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමණ්ත්‍රණය සාධාරණීකරණය කිරීම සඳහා යොදා ගැනීමය.
අනෙක් ප්‍රධාන කරුණ අනාවරණය වූයේ 2019 ජුනි 04 වනදා පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව අවස්ථාවේ ය.
එදින සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන කොට්ටාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පවසා සිටියේ තමන් ප්‍රභූ ඝාතන කුමණ්ත්‍රණයක් සිදුකරා කියා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පාස්කු බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගෙන ඊට සූදානම්ව සිටි අවස්ථාවේ බවය.