හෝමාගම ක්‍රීඩාංගණය ඉදිකිරීම නොලැබීම නිසා ක්‍රීඩකයන්ගෙන් පළිගැනීමක් ?

හෝමාගම ක්‍රීඩාංගණය ඉදිකිරීම නොලැබීම නිසා ක්‍රීඩකයන්ගෙන් පළිගැනීමක් ?
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අද (02) පෙරවරුවේ ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒ්කකය වෙත කැඳවා තිබූ අතර පැය  9 ක් පමණ ප්‍රශ්න කිරීම හමුවේ සාක්ෂි ලබාදී  ඔහු පිටත්ව ගොස් තිබේ.
 
ඔහු මෙසේ කැඳවා තිබුණේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.
 
කෙසේ වුවත් සංගක්කාර සාක්ෂි ලබාදීම සිදුකරන අවස්ථාවේ  ජනතා විරෝධයක් ආරම්භ වී තිබූ අතර ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපිට ය.
 
පස්වරු 2ට ඇරඹි මෙම විරෝධතාවය පවත්වනු ලැබූ විරෝධතාකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨ වූයේ  හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගනයට මහේල සංගා ඇතුළු  ක්‍රිකට් ක්‍රීඩකයන් විරුද්ධ වීමත් සමග ආණ්ඩුවට ඇති වූ අපහසුතාවය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් අපහසුතාවයට මර්දනයටත් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි .
 
මේ සඳහා සාමාන්‍ය ජනතාව මෙන්ම සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන රාශියක් එක්ව සිටිනු දක්නට ලැබිණ.
 
හෙට  මහේල !
 
මේ අතර 2011 ලෝක කුසලානය අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක වූ මහේල ජයවර්ධන හෙට (03) සාක්ෂි ගැනීමට කැඳවා ඇත.

IMG 20200702 WA0009

IMG 20200702 WA0010

IMG 20200702 WA0011

IMG 20200702 WA0012

IMG 20200702 WA0013

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න