අලුත් කොරෝනා අවධානම හමුදාපති පිළිගනියි !

අලුත්  කොරෝනා අවධානම හමුදාපති පිළිගනියි !
ඉදිරි දින කිහිපය තුළ සමාජය තුළින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීමේ යම් අවදානමක් පවතිනවා“ යැයි කොවිඩ් මර්දන ජනාධිපති කාර්‍ය සාධක බලකා ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පැවසීය.
 
මේ හේතුවෙන් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.
 
ඒ අද (14) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින්ය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද අදහස් දැක්වීය.
 
“ මේ සතිය ඉතාමත් වැදගත් වනවා. සතිය තුළ රටේ ජනතාවට කියන්නේ, එළියට යම් කොටසක් ඇවිල්ලා හිටියා මේ ගැන නොදැන නිවාඩු ඇවිල්ලා ඉඳලා. කන්දකාඩුවල වාර්තා වෙනකොට ම අපි ඔක්කෝම ඇතුළට ගත්තා. නමුත් ඔවුන් සමාජයේ ගැටුණ තැන් තියෙනවා. ඒ නිසා මේක සමාජයට යන්නේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ. “
 
සියලු දෙනා බොහෝ කැපකිරීම් කර රැකගත් මේ තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැඳීම ඉතා වැදගත් බව ද යුද හමුදාපතිවරයා පැවසීය.
 
යම්කිසි අවදානමක් ඊළඟ දින තුන හතර පහ තුළ තිබෙනවා“ යනුවෙන් ද පැවසු යුද හමුදාපතිවරයා, “මුඛ ආවරණය නිකට ආවරණයක් කර නොගෙන, අපි රැකෙන්න. ආසාදිතයෙක් නොවෙන්න. තව අයෙක් ආසාදිතයෙක් බවට පත් නොකරන්න කටයුතු කරන්න “ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න