කොරෝනා පරීක්ෂණ ප්‍රමාණවත් ලෙස කර නෑ : රටම අන්දලා : GOMA නිවේදනය මෙන්න !

කොරෝනා පරීක්ෂණ ප්‍රමාණවත් ලෙස කර නෑ : රටම අන්දලා : GOMA නිවේදනය මෙන්න !

රට පුරා තැනින් තැන කොරෝනා  ආසාදිතයන් වාර්තා වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම බොහෝ දෙනකු සැක පළ කරන්නේ ලංකාව තුළ කොරෝනා දෙවැනි  රැල්ලක් ආරම්භ වී ඇති බවය.

 මේ හමුවේ අද (14) පොදුජන පෙරමුණු ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන්සැලකිය යුතු කාර්යභාරයක් සිදුකල  ආන්දෝලනාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
 
එහි සඳහන් වන ආකාරයට වසංගතය මැඩලීම සම්බන්ධව අවශ්‍ය කරන  PCR පරීක්ෂණ  අවශ්‍ය ප්‍රමාණයට පිරිසිදු කිරීමට පසුගිය කාලය පුරාම කටයුතු සැලැස්වී නැත.
 
කොරෝනා  වෛරසය මැඩලීම වෙනුවෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලබාදී ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ මසක් තුළ අවම වශයෙන් PCR  පරීක්ෂණ 68000 ක් වත් සිදු කළ යුතු බවය.
 
නමුත් අද නිවේදනයේ  දැක්වෙන්නේ  දිනකට සිදුව ඇති පරීක්ෂණ ප්‍රමාණය 2000ටත් අඩු බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තක්සේරුව අනුව නම් පසුගිය කාලය තුළ කොරෝනා පරීක්ෂණ දිනකට 2500ක් වත් සිදුවිය  යුතුව තිබිණ. එහෙත් එය සිදුව නැති බව අදාළ නිවේදනය සාක්ෂි දරයි.
 
එය ඉතා බරපතළ තත්ත්වයක් වන අතර පසුගිය සමයේදී නිරෝධායන  මධ්‍යස්ථාන හැර  සමාජය තුළින්  රෝගීන් වාර්තා නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය වහසි බස් දෙඩු බවද කනගාටුවෙන් වුවත් සිහිපත් කළ යුතුව ඇත.
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද නිකුත් කළ ආන්දෝලනාත්මක තොරතුරු ඇතුළත් නිවේදනය පහත දැක්වේ.

IMG 20200714 WA0005

IMG 20200714 WA0006

IMG 20200714 WA0007

 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න