මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් රැඳවියන් 06ක් මරුට

මහර බන්ධනාගාරයේ  සිද්ධියෙන් රැඳවියන් 06ක් මරුට

UPDATE :මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පලා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් මිය ගිය රැඳවියන් ගණන 06 දක්වා ඉහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.

සිදුවීමෙන් තවත් රැඳවියන් 35දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ රාත්‍රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතර මේ වනවිට ගින්න පාලනය කර තිබේ.

පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වනවිට එහි තත්වය පාලනය කිරීම සඳහා යොදවා ඇති අතර,  නාවික හමුදාවද මහර බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.

තුවාල ලැබූ රැඳවියන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගොන ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න