මහර සිදුවීම යට ගහන්න එපා : වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක

මහර සිදුවීම යට ගහන්න එපා : වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් රැදවියන් 8 දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ සිදුවීම පිළිබඳව පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කරනු ලබන පරීක්ෂණයක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
 
පිටත සිටියත් ඇතුලත සිටියත් බන්ධනාගාරයේ  සිටියත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වගකීමක් බව පැවසූ විපක්ෂ නායකයා, බන්ධනාගාරයේ කොරෝනා පොකුරක් නිර්මාණය වනතුරු ආණ්ඩුව නොසැලකිලිමත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පල කළේය.
 
මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව අපක්ෂපාතී, විශ්වාසනීය පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවද ඔහු  අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න