"මේ රජය හැම තීන්දුවක්ම ගන්නේ ගම මුල් කරගෙනයි. ලබන වසර නොවැම්බර් 16 දිනට ප්‍රථම ශ්‍රී ලංකාවේ සෑම නිවසකකටම විදුලිය දෙන්න මෙවර අයවැයෙන් මුදල් වෙන්කර තිබෙනවා. ඒවගේම රටේ ග්‍රාමීය පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් ඇතිරු මාර්ගයන් බවට පත් කිරීමට මෙන්ම ග්‍රාමීය පාලම් 12,000ක් ඉදිකරන්නත්, ඉදිරි වසර 2 ඇතුළත සෑම නිවසකටම පානීය ජලය ලබාදෙන්නත් මෙවර අයවැයෙන් මුදල් වෙන්කර තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වීම තුළ පමණයි ජාතික ආර්ථිකය රඳාපවතින්නේ. මෙතෙක් රටෙන් එළියට ගිය මිලියන ගණනාවක් රට තුළ රඳවා ගැනීමේ ශක්තිය තිබෙන්නේ මෙම ග්‍රාමීය සාම්ප්‍රධායික කර්මාන්තයන් මතයි. ඒ වෙනුවෙන් අපෙක් ඉටුවිය යුතු සෑම යුතුකමක්ම නොපිරිහෙලා ඉටු කිරීමට විදුලිබල අමාත්‍යාංශයත්, රජයත් නිරන්තරයෙන් බැඳී සිටිනවා. ගම, ගමේ දරුවා, ග්‍රාමීය ආර්ථිකය කේන්ද්‍ර කරගත් රාජ්‍ය පාලනයක් තුළින් අපට ඉතා සෞභාග්‍යමත් දේශයක් කරා යාමට හැකිවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ,පසුගියදා මාතර, තිහගොඩ, පොලතුගොඩ රන් රිදී ආශ්‍රිත නිර්මාණ ගම්මානයේ ව්‍යවසායකයන් ඉලක්ක කරගනිමින්, එම කර්මාන්ත නගා සිටුවීමේ අරමුණෙන්, ව්‍යවසායකයින් 18 කට අවශ්‍ය උපකරණ ලබාදීම සදහා පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් මෙසේද පැවසීය.
"සාම්ප්‍රදායික කර්මාන්ත මත යැපුන අපේ ගෘහ ඒකක වලට මේ වනවිට සිය අනාගතය පිළිබදව යහපත් දැක්මක් ඇතිවෙලා තිබෙනවා. කලක පටන් නොසලකා හරිමින්, වැනසෙමින්, අභාවයට යමින් තිබූ සාම්ප්‍රධායික කර්මාන්තයට නැවත ජීව වායුව දුන්නේ විමල් වීරවංශ ඇමතිතුමා සහ ප්‍රසන්න රණවීර ඇමතිතුමායි. මෙවර අයවැයෙන් සාම්ප්‍රධායික කර්මාන්ත පුනර්ජීවයට බිලියන දෙකක් අපේ අතිගරු ජනාධිපතිතුමා වෙන්කර තිබෙනවා. එහි සමස්ත ගෞරවය අතිගරු ජනාධිපතිතුමන්, ගරු අගමැතිතුමන් මෙන්ම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමාට සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇමතිතුමාට හිමිවිය යුතුයි "යැයි පැවසීය.
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 70% ක් දක්වා වර්ධනය කිරීම වෙනුවෙන් තරුණ, ක්‍රියාශීලී දේශපාලඥයෙක් වන දුමින්ද දිසානායක මහතා සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කිරීම ප්‍රගතිශීලී තීරණයක් බවත්, ඒ අනුව සෞභාග්‍යයේ දැක්මට සමගාමීව එතුමාගේ මෙහෙයවීමෙන් ග්‍රාමීය විදුලි පාරිභෝගිකයා, විදුලි ව්‍යවසායකයෙක් බවට පත් කිරීමටත්, ගමේ ට්‍රාන්ස්ෆෝමරය ආශ්‍රිතව පර්චස් 50ක් යොදාගනිමින් කිලෝවොට් 100 ක් ජනනයකර, එතුළින් මාසයකට රු. ලක්ෂයක පමණ ආදායමක් ලබාගැනීමටත් හැකි ක්‍රමවේදයක් මේ වනවිටත් සකසා ඇති බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. මේ සදහා ඉන්දියානු ආධාර යටතේ 4% ක සහන ණයක් ලබාදීමටද සැලසුම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, නිවාස පියසි, රජයේ කාර්යාල පියසි, පාසල් මෙන්ම වෙනත් රජයේ ගොඩනැගිලි පියසි මත සූර්ය බලාගාර ඉදිකිරීමේ සැලසුමක් මේ වනවිට ක්‍රියාත්මක වන බවද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට වේවැල්, පිත්තල, මැටි බඩු සහ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා, තිහගොඩ ප්‍රාදේශීය සභා සභාපති නිර්මාල් සමරසිංහ ප්‍රමුඛ ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ද, ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් සහ වේවැල්, පිත්තල, මැටි බඩු සහ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.


