පසුගිය මාස කිහිපයේදීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින්ට ලැබුණේ සම්පූර්ණ වැටුප නොව දීමණා, අතිකාල නොමැතිව මූලික වැටුප පමණක් බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සඳහන් කරයි. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සිය දුක්ගැනවිල්ල සඳහන් ලිපියක් යොමුකරමිනි.
එකී ගෙවීම් පවා නියමිත ලෙස ගෙවා නොමැති බවත් එය දින කිහිපයක් ප්‍රමාදවී හෝ කොටස් වශයෙන් ලද අවස්ථා බහුල වූ බවත් අදාළ ලිපියේ සඳහන් ය. එසේම 2020 නොවැම්බර් මාසයේ වැටුප මේ වනතෙක් ලබාදී නැති බවත් එහි සඳහන් කර ඇත.
අදාළ ලිපියේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි. දැනට සේවකයන් ගන්නා වැටුප මාසයක් නොව සතියක් ගත වන විට අවසන්වන තත්වයකදී දින කිහිපයක් වැටුප් නොලැබීම යනු කිසිසේත්ම දරාගත නොහැකි අතර ජීවිකාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව අසීරුතාවයට පත්වී ඇත.
තවද #කොරෝනා අවධානම නිසා සේවක සේවිකාවන්ගේ ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිවී ඇති අතර තවමත් ප‍්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇත. මෙනිසාම සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව දැන ගැනීමට ඇත. මෙම තත්වය වර්ධනය උවහොත් ආරවුල් තත්වයක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ ඇති අතර එවැනි තත්වයක් පාලනය කිරීමේ හෝ සමනය කිරීමේ හැකියාවක් අපට නැත.
එබැවින් මෙම තත්වයට හැකි ඉක්මනින් මැදිහත්වන ලෙසත්, මෙම මස වැටුප හැකි ඉක්මනින් ලබාදීමටද, ලබන මස සිට නියමිත දිනට සියළු දීමනා සහිතව වැටුප ගෙවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද ඉල්ලා සිටිමු.
ස්තූතියි.
මෙයට, රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ විධායක සභාව වෙනුවෙන්, වසන්ත සමරසිංහ, සභාපති, රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය.
පිටපත් -
- ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය ඇමති
- සභාපතිතුමා - ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
- සාමාන්‍යාධිකාරීතුමා - ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

