ඇමති බන්දුල බූස්ස සතොස ගබඩාවට කඩා පනී: ගබඩා කළමණාකරුගේ වැඩ තහනම්!

ඇමති බන්දුල බූස්ස සතොස ගබඩාවට කඩා පනී: ගබඩා කළමණාකරුගේ වැඩ තහනම්!

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (17) සවස බූස්ස පිහිටි සතොස තොග ගබඩා සංකිර්ණය හදිසි නිරීක්ෂණයට ලක් කර ඇත.

එහිදී සාමානය වෙළඳ පොළේ පවතින මිළට වඩා රු.30ක් පමණ අඩුවෙන් සතොස හරහා විකිණීම සඳහා රජගේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් නිකුත් කර තිබූ ග්‍රෑම් 100 දේශීය තේ පැකට් විශාල ප්‍රමාණයක් සතොස අලෙවි සැල් සඳහා බෙදා නොහැර රෙදි සෝදන සබන්ද සමඟ ගබඩා කොට තබා ඇති අයුරු විමර්ෂණය කළ අමාත්‍යවරයා පාරිභෝගිකයාට ලබා දුන් සහන යම් ආකාරයෙන් නවතා දමමින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීම සම්බන්දධයෙන් මෙම තොග ගබඩා කළමණාකරුගේ වැඩ තහනම් කොට මේ සම්බන්ධයෙන් විධිමත්ව විමර්ෂණයක් පවත්වා වැරදිකරුවන්ද සියල්ලටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන මෙන් සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් වෙත එම අවස්ථාවේදීම නියෝග කරන ඇත.

පාරිභෝගිකයා වෙත විශ්වාසනීයත්වයකින්ද යුතුව හා ඉහළ ගුණත්මකභාවෙයෙන් යුතු භාණ්ඩ සහන මිළකට ලබා දීම සඳහා වෙළඳ අමාතයාංශයේ මඟපෙන්වීම මත රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවත්, තේ මණ්ඩලය වැනි දේශීය ආයතනයන්ද එක්ව කටයුතු කරමින් සිටින මෙවන් අවස්ථාවකදී රජගේ ආයතනයක් වශයෙන් සිය වගකීම ඉටු නොකාට සතොස ආයතයෛ් හෝ වෙනත් රජගේ බෙදාහැරීම් ජාලයකින්ද හෝ පුද්ගලික අංශගේ අධික මිළ ගණන්වලින්ද යුතු භාණ්ඩ බෙදාහරිමින්ද පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කරන ඕනෑම අගයකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

sathosa 2

sathosa 3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න