ශ්‍රීලනිප අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් : චෝදනාව බැසිල්ට ?

ශ්‍රීලනිප අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් : චෝදනාව බැසිල්ට ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමත් සමඟ ආරම්භ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

මහනුවර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසූ අතර මහ මැතිවරණට පෙර තම පක්ෂය සමග අත්සන් කළ එකඟතාවක් කිසිවක් ඉටු නොකළ බවටද චෝදනා කළේය.

මේ අවස්ථාවේ පාස්කු කොමිසම හරහා තම පක්ශ නායකත්වයට පහර දී ඔවුන් අඩපණ කර අධිකරණමය කටයුත්තකට කොටු කිරීමේ වැඩකටයුත්තක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි ද ඔහු පැවසීය.

මෙම තත්ත්වය  පරාජය කිරීම සඳහා තම පාක්ෂිකයන්ට හිතවතුන්ට වාමවාදී සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව ද ඔහු එහිදී සඳහන් කළේය.

චෝදනාව බැසිල්ට !

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකුම තම පක්ෂය දුර්වල කිරීමේ කුමන්ත්‍රණකාරී උත්සාහයක් සම්බන්ධව අදහස් දක්වමින් සිටින නමුත් එය මෙහෙයවන්නේ කවුද යන්න ගැන කිසිවෙක් පවසන්නේ නැත. 

කෙසේවුවත් ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින්  ද ලීඩර් වෙබ් අඩවිය සඳහන් කරන්නේ පක්ෂය අඩපණ කිරීමේ චෝදනාව බැසිල් රාජපක්ෂ වෙත එල්ලවන බවය.

එසේම  බැසිල් රාජපක්ෂ පසුගියදා දෙවතාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සහද කතාබහක් සිදුකර ඇති බවත්  මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේ පැවති එම සාකච්ජාවලට ශ්‍රීලනිප  ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුද එක්ව ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න