රට පාලනය කරන්නේ ගෝඨාභය නෙවෙයි - නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

රට පාලනය කරන්නේ ගෝඨාභය නෙවෙයි - නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

මේ වන විට රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති නොව බල කේන්ද්‍ර තුනක් විසින් බවත් එම බල කේන්ද්‍ර තුනෙහි එකිනෙක ගැටීම ආණ්ඩුවේ සංයුතිය පවා වෙනස් කරමින් ඇති බවත් බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ද ලීඩර් tv හී uncut විශේෂාංගයට එක්වෙමින්ය.

"ආණ්ඩුවේ බල කේන්ද්‍ර තුනක් ක්‍රියාත්මක වෙනවා. එකක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම්කාර්යාලය හරහා ක්‍රියාත්මක වෙනවා, අනෙක අගමැති මහින්ද රාජපක්ෂ අරලිය ගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පොදුජන පෙරමුණ මුල් බැසිල් රාජපක්ෂ ආර්ථිකය හසුරවමින් ක්‍රියාත්මක වෙනවා" ඔහු පවසයි.

තවද රටේ දේශපාලනය, පරිපාලනය , අන්තර්ජාතික සම්බන්ධතා ඇතුළු සියළු ක්ෂේත්‍ර බැලුවිට රට විශාල අවුල් ජාලයකට ගමන් කරමින් තිබෙන බවත් ඊට හේතුවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අසමත්භාවය බවද ඔහු පවසයි.

එහිදී හිටපු පළාත් සභා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, රාජ්‍ය පාලනය, ආණ්ඩුකරණය සම්බන්ධව පැහැදිළි දැක්මක් වැඩපිළිවෙලක් ජනාධිපතිට නොමැතිවීමත්  රටේ කඩාවැටීමට හේතු වී ඇති බවය.

බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහභාගී වූ ද ලීඩර් tv - uncut විශේෂාංගය පහත දැක්වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න